ලංකාවේ සර්ප විෂේශ 93ක් විතර ඉන්නවා. ඒ උනාට මාරක උග්‍ර විශ තියෙන්නේ 5කට විතරයි.
එනම්,
(1) නයා (විද්‍යාත්මක නාමය - Naja Naja Naja - නජා නජා නජා )
(2) තෙල් කරවලා - මග මරුවා (විද්‍යාත්මක නාමය - common Krait)
(3) දුනු කරවලා - පොළොන් කරවලා
(4) තිත් පොළඟා - දාර පොළඟා
(5) වැලි පොළඟා
ගොඩක් මරණ සිද්ධ වෙන්නේ පොළගාගෙනුයි තෙල් කරවලාගෙනුයි ඇතිවෙන දෂ්ට කිරීමෙන් කියලා තමයි පොතේ තිබ්බේ. කුණකටුවා, මූකලන් මුණකටුවා, පලා පොළඟා වගේ සර්පයෝ මද විෂ තියෙන සර්පයෝ විදිහට තමා හදුන්වලා තියෙන්නේ.
මේ සර්පයෝ දෂ්ට කිරීමෙන් වෙන හානිය සර්පයා මත හා ශරීරයට ඇතුලුවෙන විෂ ප්‍රමාණය මත රදා පවතිනවා.
සර්පයෙක් දෂ්ට කරපු ස්ථානයේ වේදනාව ඉදිමීම සිදුවෙනවා.සර්පයා අතකට කකුලකට දෂ්ට කලා නම්, එතන ඇතිවෙන ඉදිමුම සාමන්‍ය අතක එහෙමත් නැත්නම් කකුලක ප්‍රමාණයෙන් බාගෙකට වඩා ඉදිමිලා නම් ගොඩක් විෂ ඇතුල් වෙලා තියෙනවා.
සර්ප දෂ්ට කිරීමකින් පස්සේ එන රෝග ලක්ෂණ සර්පයාගෙන් සර්පයාට වෙනස් වෙනවා.
- නයි විශ හරි කරවලාගේ විශ ස්නායු පද්ධතියට ගොඩක්ම බලපෑම් ඇති කරනවා.ඒ හින්දා ඇසි පිය බාගෙට වැහිම, මුහුනේ පේශි දුර්වල වීම, මුහුන විකෘති වීම, ගිලීමේ අපහසුතා, ප්රතීක ක්‍රියා දුර්වල වීම, කල්පනාව නැති වීම, ස්වසන පේශි දුර්වල වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන්.
- පොළගෙක් කෑවොත් ඒක ගොඩක් වෙලාවට රුධිරයට තමා බලපාන්නේ.ඊට අමතරව ලේ කටි ගැසීම ප්‍රමාද වෙන්න පුලුවන් ඒ නිසා ගොඩක් ලේ යන්න පුලුවන්.හම මතුපිටට ලේ ගලනවා.ඒ නිසා හම මතුපිට රතු ලප, ඇහැ වටේ නිල් වීම, ලේ වමනය, ගුද මාර්ගයේ ලේ ගැලීම් වෙන්නත් පුලුවන්.
ඊට අමතරව ඒ විශ ස්නායු පද්දතියට බලපාලා පෙනීම අඩු වීම, ඇස් චලනය කිරීමේ අපහසුතා වෙන්න පුලුවන්. මීට අමතරව මුත්‍රා ප්‍රමාණය අඩු වීම, මුත්‍රා සමග ප්‍රේටීන් පිටවී, රතු පාටට මුත්‍රා පිටවීමත් සිද්ධ වෙන්න පුලුවන්.
------------------------------------------------------------------
ඔය ටික තමයි මට ඒ පොතෙන් ඉගෙන ගන්න ලබුනේ. සර්පයෙක් දෂ්ට කලොත් කරන්න තියෙන හොදම වැඩේ තමා ලගම තියෙන රෝහලකට අදාල රෝගියාව අරගෙන යන එක. ඊට අමතරව අදාල කෙනාට දෂ්ට කරපු සතාව බෝතලයකට වගේ එකකට දාගෙන එන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි.ඒක ප්‍රතිකාර වලටත් ගොඩක්ම පහසුයි.සතා දෂ්ට කරපු ස්ථානය හොලවන්නේ නැතුව අරගෙන එන්න පුලුවන් නම් විශ ගමනාගමනය අඩු කරගන්න පුලුවන්.
ලිව්වේ....
මධුසංක
madurangacreations.com