සන්ධාන වෙඩි පහරකින් 1 මරුට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
සන්ධාන වෙඩි පහරකින් 1 මරුට

අද (23 සෙනසුරාදා) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය තුළ සිදුවූ පළමු මිනිස් ඝාතනය අද (23 සෙනසුරාදා) අළුයම අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වූ බව පැෆරල් සංවිධානය පවසයි.

පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු ඇතුළු ආධාරකරුවන් පිරිසකට එම පක්ෂයේම පිරිසක් විසින් වෙඩි තැබීමෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයිද වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පාලියන්කඩවල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබේ. එම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුනිල් නැමැත්තාගේ ආධාරකරුවෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව තිබේ.

එහෙත් අනුරාධපුර පොලීසියේ ස්ථානාධිපතිවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි. එමෙන්ම තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුවී ඇතැයිද ඔහු පවසා තිබුණි.
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔව් ඔව් වෙඩි තියල තියෙන්නේ උණ්ඩයක් දාල නෙවෙයි පිහියක් තුවක්කුවකට දාල වෙන්නැති ඔය කියන විදියට:P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් ඔව් වෙඩි තියල තියෙන්නේ උණ්ඩයක් දාල නෙවෙයි පිහියක් තුවක්කුවකට දාල වෙන්නැති ඔය කියන විදියට:P

    now that you mention it,
    I think I saw a "shoot anything cannon" in a cartoon. :P
    maybe that was the weapon used.