🔴Breaking : කළුතර වෙඩි තැබීමක් [14.02.2026]🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
    අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
    වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
    පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.






    Update

    කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.

    රාත්‍රී අටට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    ඉන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ. (Update - 20.54)


    https://sinhala.adaderana.lk/news/221326



    >>>> 🔴 Breaking : ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට - 4ක් රෝහලට [14.02.2026] 🔴 <<<<
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    පාතලේට තියෙන සම්බන්ධකමක් හදාගත්තාම කියයි
    නිකමට හිතෙන්නෙ නැද්ද ගම් මට්ටමට පොලිස් බයල බෙදනවා කිව්වෙ මේකට වෙන්න ඇති කියලා. බලපන් ඉතින් අපේ මහජන මුදල් නාස්ති කර කර අවුරුදු ගානක් නඩු අහන්නෙ නැතුව උන් උන්ගෙ ප්‍රශ්න විසඳගන්නවා. :yes: :yes:

    🤭🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    @Heshan Daminda ඇයි බන් අපිව දාලා ගියේ. ඇයි බන් වෙඩි තියා ගත්තේ. මොකද්ද උඹට තිබ්බ ප්‍රශ්නේ. උඹ ඊයත් එළකිරි ආවා බන්. ඇයි බන් මෙහෙම කරගත්තේ. ලබන ආත්මේ හරි ආයේ එළකිරි වරෙන් හේෂාන්. 😭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara

    7.45 ඉඳන් 8.15 වෙනකන් හිටියා කළුතර උතුරේ රයිස් එකක් දානකන්. ඕක වෙලා තියෙන්නේ වාඩියමංකඩ නේ. මම බලන් හිටියේ STF සෙට් එක බයික්කේ යනවා ඔය පැත්තට.