මෙ වගෙ තව ත්‍රෙඩ් එකක මම කොමෙන්ට් දාල මුන් මව රතු කරල..
ඇත්ත සීන් එක තමයි. සාමන්‍යයෙන් ඔය ග්‍රවුන්ඩ් එක තියෙන්නෙ ගම්බද පරිසරයක් තිබුචච හුගක් දුර තැනක.
ක්‍රිකට් මැච් එකක් තියෙද්දි ගමේ අය තරග බලන්න යන්නෙ අඩුවෙන් එකක් එයාල හිතන්නෙ ඔව බලන්නෙ ලොකු මිනිස්සු කියන එක. ඒ වගේම ඔය මිනිස්සුන්ට තරග ඔහොම නැරඹීමේ අසාවකුත් නැහැ.
ඔය ග්‍රවුන්ඩ් එකේ stadium තියෙන්නෙ හුගක් දුරින්. එක නිසා යන කෙනෙක් අයෙ යන්නෙ නැහැ මොකද මොකුත් හරි හැටි පෙන්නෙ නැති නිසා.
හම්බන්තොට මගෙත් ගම. මගෙ යලුවො නැයො ගිහිල්ල තියෙනව WC මැච් බලන්න. එයාල කියන්නෙ මොකුත් පෙන්නෙ නැතුව බොරුවට ගිහිල්ල TV එකේ බලන ටිකත් නැති කරගන්න ඔනෙ නැහැ කියල,. හම්බන්තොට ටවුන් එකෙ ඉදල 20KM වගේ ගම්බදට වෙන්න ප්‍රදේශයක තියෙන නිසා මිනිස්සුන්ට රැට අයිත් ගෙවල් වලට එන්න විදියක් නැහැ. ඔය පැතිවල මිනිස්සුන්ට රැට පාරට බහින්න බැහැ. මොකද ඔය ග්‍රවුන්ඩ් එක හදල තියෙන්නෙ අලි හිටපු කැලෙක. කැලේට පන්නපු අලි තාමත් ගම්වලට එනව.
මිනිස්සු නැති ග්‍රවුන්ඩ් එකක් TV එකෙ දැක්කම ඉතින් ඒක හදවපු අයට හොද නැහැනෙ.
සමහර අය නිකන් මිනිස්සුට මැච් එක බලන්න එන්න දීල තියෙනව.
ඒකයි එදා ඔහොම හරි සෙනගක් හිටියෙ, බීගෙන ඇවිල්ල මැච් එකෙත් බලන්න දෙයක් නැති උනාම ඉතින් ඔහොම දේවල් වෙනව. කොළබ එහෙමනම් එවෙලේම එලියට දාන නිසා ගහ ගත්තු බවක් පෙන්නෙ නැහැ අනික. කොලබ මැච් බලන්න බුරුතු පිටින් යලුවො නැයො යන්නෙ නැහැනෙ. ගමක් උනාම දකින් දකින් කෙනා යලුවො. ඉතින් රණ්ඩුවක් ගියාම. පොලිසියට පාලනය කරන්නත් බැහැ.
ගහගත්තු උනුත් වැරදි ගහ ගන්න අනුබල දුන්න උනුත් වැරදී.