මොටර් රථයේ නඩත්තුව හොදද?

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මොටර්_රථයේ_නඩත්තුව_හොදද?

ඔන්න ඉතින් විවෙකී දවසේ අවිවේකීව ටයිප් කොරලා ඔගොල්ලන්ට ත්‍රේඩ් එකක් ගෙනාවා :P:D:rofl:


2d8rjhw.jpg



මොටර් රථයක් පාවිච්චිකරන ඔබ සහ මිලදී ගැනීමට බලාපොරොත්තුවන ඔබ එ පිලිබද කොපමන සැලකිලිමත් ද? මොටර් රථයේ ධාවන මට්ටමේ , එන්ජිමේ ශබ්ද වෙනස් වීම ඔබට තේරෙන්න පටන් අරන් ද? :confused: :rolleyes: එහෙනම් ඉතින් එක පැත්තකින් ඔබ සතුටුවෙන්න ඔබේ මොටර් රථය ගැන ඔබ අවදානෙන් ඉන්නවා කියලා :cool:. හැබැයි අනිත් පැත්තෙන් ඒ සියල්ලටම හෙතුව සමහර විට මොටර් රථයට ලැබෙන්න ඔන සත්කාරය වෙලාවට
නොලැබිලා තියෙන්න නිසා වෙන්න පුලුවන් :sorry: .



හරි අපි බලමු අපිට වැඩි මහන්සියකින් තොරව මොටර් රථයේ කල්පැවැත්ම කෙරෙහි අවදානය යොමු කරන්න පුලුවන් දේ වල් මොනවාද කියලා
.( හැබැයි මම මෙතන කියන සමහර දේවල් ලොකේ බාවිතාවන සියලුම බොටර් රථ වලට අදාල නැහැ. නමුත් බොහෝ මොටර් රථ වලට අදාලයි .)




mbnat0.jpg




AIR FILTER

මොටර් රථයේ AIR FILTER සමන්‍යයෙන් අවුරුද්දකට වරක් වත් ඔබ මාරු කල යුතුයි. නමුත් ඔබ ඔබේ මොටර් රථය දිනපතා ධාවනය කරන්නේ අධික දූවිලි සහිත ප්‍රදෙශයක නම් ඔබ AIR FILTER මාරුකරන්න අවුරුද්දක් බලන් ඉන්න එපා. මොකද බොහෝ දුරට මොටර් රථයේ AIR FILTER ඉක්මනට බාවිතයට නොසුදුසු තත්වයට පත්වෙලා තියෙන්න පුලුවන් .




Spark Plugs

ඔබේ මොටර් රථයෙ Spark Plugs සමන්යෙන් අවුරුද්දකට වතාවක් හෝ 10 000 KM - 20 000 KM අතර මාරුකර ගැනීමට හැකිනම් එය ඔබේ මොටර් රථයේ එන්ජිමේ ක්‍රියාකාරිත්වයට ඉතා හොදයි. නමුත් සමහර තත්වයෙන් ඉතා උසස් Spark Plugs සාමන්යෙන් 40 000-70 000 අතර කිලෝ මීටර සන්ක්‍යාවක් දාවනය කිරීමේ හැකියාව තිබෙනවා




Engine Oil

සාමන්‍යයෙන් ඔබේ මොටර් රථයේ Engine Oil, 5000KM වරක් වත් හෝ අවුරුද්දකට වරක් වත් මාරුකරන්න අවශයයි. එන්ජිමේ කල් පැවැත්මට සෘජුවම බලපාන එක් සාදකයක් තමා මේක .






Suspension


3495ljq.jpg







මොටර් රථයේ සැප පහසුව තීරනය වන ප්‍රදානම සාධක වලින් එකක් තම මොටර් රථයේ Suspension පද්ධතිය .ඉතින් මොර් රථයේ Shocks වදිනවානම් , වලක වැටුනහම අනව‍ශ‍ය දෙදරීම් හෝ ශබ්ද එනවානම් මොටර් රථයේ Suspension පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්න.අනික තමා වාහනය නිකන් තිබෙන වෙලාවක සමාන්තර පොලවක නවත්වා බලන්න වාහනය එක් පැත්තකට බර වෙලා ද නැත්තම් නියම ආකාරයට තිබෙනවාද කියලා




Wheels


fbvuhf.jpg





ඔබ ඔබේ මොටර් රථයේ රෝද ගැන නිතරම විමසිලිමත් වන්න. බලන්න එහි ගෙවීම් සිදුවන්නේ එක් දිශාවකට බරව නම් මොටර් රථයේ wheel Alignment check කරගන්න. මොකද ඔබේ මොටර් රථයේ රෝද වල ආයු කාලය මෙමගින් අඩුවන්නට පුලුවන්
.










1624spi.jpg


:cool::cool::cool::cool::cool::cool::cool::cool:









Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:


UPDATING ..............................................


 
Last edited:

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් උබට රෙපක් නොදී යන්නේ කොහොමද..:yes:
    මචන් මාත් කාර් එකක් ගන්න ඉන්නේ ඒත් මට ඔයිල් බලන්නවත් දන් නෑ බන්..:baffled::Pමට පොඩි සප් එකක් දීපන් ලොකු උදව්වක්
    ...... :)
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Good work machan.
    Transmission oil, radiator coolant, belt maru karana ewa ganath dapan.
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් උබට රෙපක් නොදී යන්නේ කොහොමද..:yes:
    මචන් මාත් කාර් එකක් ගන්න ඉන්නේ ඒත් මට ඔයිල් බලන්නවත් දන් නෑ බන්..:baffled::Pමට පොඩි සප් එකක් දීපන් ලොකු උදව්වක්
    ...... :)



    ela ela . ganna welawata kiyapan ko.. sup ekak dennam :) :yes: :yes: