ග්රීස් යකා කියන්නෙ මානසික ප්රශ්න තියෙන මිනිස්සුන්ට , උන් ගොඩක් ඉස්සර ආවේ , දැන් මේ වෙන්නේ සම්පූර්ණයෙන් දේශපාලන පටලැවිල්ලක්, මිනිස්සුන්ව අවුස්සල තියල රාජ්ය තන්ත්රය අස්ථාවර කරන්න හදන්නේ. කින්නියා , මඩකලපුව සිද්ධ වෙච්ච දන්නව ඇතිනේ,හමුදාවත් මේකට සම්බන්ධ කරන්න හැදුවා. තව අහිංසක පැදුරු වෙළෙන්දො දෙන්නෙක්ව මරලා දැම්මා. මොනවද මේ විකාර , එහෙම එකෙක් ඇල්ලුවනම් පොලීසියට බාරදෙන එකයි කරන්න ඕන ,මෙහෙම ගහන්න අයිතියක් කාටද දීල තියෙන්නේ, සමහර විට මේ ගුටිකන්නෙත් අසරණයෙක් වෙන්නත් පුලුවන් , එහෙම නැත්නම් ඉස්සල්ලා කිව්ව වගේ මානසික ප්රශ්න තියෙන පුද්ගලයෙක්. ඔය අතර හොරුත් එනවා , ඉතින් හොයන්න අමාරුයි එහෙම එකෙක්ට ගහල හරියනවද? අනේ මන්ද අපේ එක එක පළාත්වල ඉන්න උන් ඔලුව හොද නෑ