Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Mage Punchi Rosa Male Guitar Chords

    මෙන්න අමරසිරි පීරිස් මහත්මයාගේ ලස්සන ගීතයක්,
    Mage+punchi+Rosa+male+Chords.png



    මේ ගීතය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා,මම ඒක දැනගත්තේ රජීගේ සන්නස blog එක කියවලා.

    මේ ගීතයට මුල් වෙන්නේ සංගීත ගුරුවරයෙක් ඒ වගේම දැනට ජීවතුන් අතර නැති ප්‍රකට ගායකයෙක්.ඔහු අපේ කතානයක ගීත රචක ධම්මික බන්ඩාරයන්ගේ හොඳම යහලුවෙක්.මොවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් තිබුනත් හොඳ මිත්‍ර බැදීමක් දෙදෙනා අතර තිබිලා තියනවා.ඒ බැඳීම කොච්චරද කියනවනම් මේ පුද්ගලයා අවුරුද්දකට දෙතුන් පාරක් විතර අපේ පද රචකයගෙ ගෙවල් පැත්තෙ ඇවිත් දවසක් දෙකක් විතර ඉඳලත් යනවලු.කොහොම උනත් මේ ගුරුවරයා මේ ගෙදෙට්ට ආවම කවුරු හිටියත් නැතත් උදේ දහය වෙනකොට මත්පැන් කාලක් තියෙන්නම ඕනිලු.නැත්නම් එහෙම කම්මුලට අත තියාගෙන දුක සේ ඉන්නවලු බලා ගත්තු අතේ බලාගෙන.ඉතින් මේ බව දැනගෙන මේ ගුරුවරයා එනවනම් කල් ඇතුවම ගෙදෙට්ට මත්පැන් ගෙනත් තියන එක අනිවාර්‍ය දෙයක් උනාලු.
    ඔහොම දවසක සතු‍ටු සාමීචියෙ යෙදිලා ඔහොම මෙයා මත්පැන් බොන අවස්ථාවක මේ ගුරුවරයා අපූරු කථාවක් කියලා තියනවා.
    "මචං ධම්මික මගෙන් වයලින් ඉගෙන ගන්න එනවා ගැනු ලමෙක්.ඒ ගැනු ලමයට අවුරුදු දහ අටයි.මට හරි පුදුම ආදරයක් තමයි මේ ලමයා ගැන තියෙන්නෙ."
    "ධම්මික මට මේ ලමයා ආවේ නැති දවසට උගන්නන්න හිතෙන් නැ.මම සමහර වෙලාවට ජනේලෙන් හතරපස් පාර බලනව මේ ගෑනු ලමයා එනවද කියලා"
    ඉතින් ඔහොම කියලා කිව්වම මේ ගැනත් නිකන් කතා කර කර ඉඳලා වෙනදා වගේ පොඩි විහිලුවකුත් කරලා දෙන්න කතාබහ ඉවර කරලා වෙන් වෙලා ගිහින් තියනවා.
    ඔය කථාව කියලා අවුරුදු දෙක තුනක් ගිහින් කොහොම හරි මේ කාලේ වෙනකොට මේ ගුරුවරයගෙ අසනීප තත්වයන් එක්ක වැඩිය එහෙමෙහෙ යන්න එන්න අමාරු තත්වයක් ඇතිවෙලා නිතර නිතර දෙදෙනාට මුන ගැහෙන්න බැරි වෙලා තියනවා.ඒත් කොහොම හරි දවසක කුමක් හෝ කටයුත්තකට මේ ගුරුවරයගෙ ගෙදෙට්ට ගිහින් තියනව ධම්මික බන්ඩාරයන්.ගෙදර තිබිලා තියෙන්නේ පයාගල.යනකොට ගෙදර හිටියේ පුංචි දුව විතරලු.
    සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු කෝ දුවේ තාත්ත කියලා ඇහුවම ලමයා කිව්වලු
    "මාමේ තාත්ත ගෙදර නැ,..මාමට පුලුවන් නම් යන්න කලුතර රෙස්ට් හවුස් එකට.තාත්ත එතන ඇති"
    ඊට පස්සේ ඔන්න ඉතින් ධම්මික බන්ඩාරයන් ගිහින් තියනවා රෙස්ට් හවුස් එකට..මේ වෙලාව කලුතර උසාවියෙ විවේක වෙලාවලු.ඒ නිසා නීතීඤ මහත්තුරුත් ඇවිත් මත්පැන් තොලගගා සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු.අපේ ගුරුවරයත් ඈත තනියම මේසෙකට වෙලා හිස මේසෙ මත තියාගෙන ඉන්නව පේනවලු.ඔහොම අර මහත්තුරු ටික එහෙම එහෙට මෙහෙට වෙනකං ඉඳලා අපේ ගීත පද රචකයත් ගිහින් අර මේසේ ඉඳගෙන අඩුව සම්පූර්න කලාලු.
    ඉඳගෙන ලගින් හිටියට ගුරුවරයා සද්ද නැතිලු.මේසෙට හිස හරවගෙන ඉන්නවලු.දැං මේ මෙයාට ටිකක් විතර වැඩී කියලා තේරුනු නිසා ධම්මික බන්ඩරයන් කියලා තියනවා ඔයා ඔහොම ඉන්න මම ගිහින් ත්‍රීවීලර් එකක් අරන් එන්නම් කියලා. ඔහොම යන්න හදනකොට අරය ධම්මික බන්ඩාරයන්ව පු‍ටුවෙ වාඩි කෙරෙව්වලු.එහෙම වාඩි කරවල ඔහුගේ අතිං අල්ලගෙන පොඩි දරුවෙක් වගේ එක පාරට ඉකි ගගහා අඬන්න ගත්තලු.

    "ඇයි දැං උඹ අඬන්නේ?මොකක්ද සිද්ද උනේ ?"ධම්මික බන්ඩාරයන් ඇහුවලු..

    "මචං මගෙන් වයලින් ඉගෙන ගන්න ආපු ගැනු ලමයා ගිය සුමානෙ කසාද බැන්ඳා" කියලා ආයෙත් හොඳටම අඬන්න ගත්තලු...
    ඔහොම ඉකි ගගහා අඬපු ගුරුවරයා තමයි අපි කවුරුත් දන්න මර්වින් පෙරේරා කියනා අසහාය ගායකයා.මේ කාරනය ගීත රචකයා කිසිම ජනමාධ්‍යකින් නම් ප්‍රසි ද් ධ කරල නැ.මට හිතෙන විදියට වැඩි දෙනෙක් නොදන්න රහසක්.අමල් පෙරේරගෙ කැමැත්ත පිට තමයි මේ කාරනය ධම්මික බන්ඩාරයන් හෙලි කලේ.
     
    • Like
    Reactions: shenoxxx

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මෙන්න අමරසිරි පීරිස් මහත්මයාගේ ලස්සන ගීතයක්,
    Mage+punchi+Rosa+male+Chords.png



    මේ ගීතය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා,මම ඒක දැනගත්තේ රජීගේ සන්නස blog එක කියවලා.

    Top badu
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    macho guitar play karanna aluthenma ena kenekta ganna hoda mona wage guitar ekakda. ewaye prices kohomada

    වෙලද පොලේ තියෙන මිලඅඩු ඕනැම ගිටාර් එකක් ගන්න. fret board එකයි guitar strings අතර පරතරය අඩු එකක් ගන්න. මොකද නැතිනම් ඇගිලි වලට වැඩි ආතතියක් දැනෙන කොට මුලින්ම මේක එපා වෙන්න පුළුවන්. තේරැම් ගන්න ලේසියි පහල සටහන බැලුවාම

    images