Vitamin D Mega Thread!

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,684
    3,324
    113
    K natuwa gattot awulda bn vitamin d 2000
    ඔව්. පැහැදිලි කිරීම ත්‍රෙඩ් එක ඇතුලෙම තියනවා. තව ටිකක් ඔයාම හොයාලා බලන්න
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,191
    908
    113
    මේක මම නෙමෙයි හරි නම් ලියන්න ඕනේ [deleted] කියලයි මට නම් හිතෙන්නේ, මොක ද Vitamin D කියලා search එකක් ගැහුවොත් [deleted] වගේ අය විටමින් D check කරන එකට සැහෙන පුෂ් එකක් කිරියේ දිලා තියෙන නිසා. පල්ලෙහා දාලා තියෙන SS ටික බැලුවාම පෙනෙයි ඒක. මම අනෙක් ත්‍රෙඩ් වල ලින්ක්ස් ටිකත් පල්ලෙහායින් අමුනන්නම් කට්ටියට බලා ගන්න.

    හරි කතාව පටන්ම ගමු. මමත් දැන් සති 4-5 කට වගේ කලින්, Vitamin D (Total - 25 OH), Total Testosterone එක්ක Iron Profile වගේම තමත් ටෙස්ටින් කීපයක් කර ගත්තා.

    මේ ටෙස්ටින් කරන්න කලින්, මම ගොඩක් වෙලාවට Now Foods ලගේ Vitamin D3 & K2 Capsules 1000 IU/45mcg (MK-4) අර ගත්තා. හැබැයි එක දිගහට මම බීලා නැහැ. මේ ටේස්ටින් එක කරන්නත් සති 4 කට කලින් අයේ බොන්න පටන් ගත්තත්, ටෙස්සටින් කරන්න යන්න ප්ලෑන් කර ගත්ත නිසා ටෙස්ටින් එක දාගත්තු දවසට සති දෙකකට කලින් මම 1000IU ගන්න එක නැවත්තුවා.

    View attachment 266452

    කොහොම හරි ටෙස්ටින් ටික කර ගත්තා. මේ තියෙන්නේ Vitamin D (Total - 25 OH), Total Testosterone results.

    View attachment 266445

    View attachment 266446


    කොහොම හරි මේ ටෙස්ටින් රිසාල්ට්ස් දෙකයි, මම කර ගත්තු අනෙක් ටෙස්ටින් ටිකේ රිසල්ට් එක්ක මම Consultant Physician කෙනෙක් හම්බ වුනා. එතන දි සිද්ධ වුනු කතා බහත් එක්ක, Dr Vitamin D 60,000 IU සතියට 1 බැඟින් මාස දෙකකට ගන්න කිව්වා. ඩොක්ටර් නම් Dplus කියන brand එක තමා ලියලා දුන්නේ. කොහොම හරි pharmacy යට ගිහින් බලන කොට Dplus තිබුනේ නෑ. එතන තිබුනු brands වලින් DM 60000HD කියන එක තමා මම ගත්තේ. ගන්න කොට K2 තියනව ද කියන එක ගැන මම සැලකිලිමත් වුනා. මොක ද K2-7 - විටමින් D මගින් අවශෝෂණය කරන කැල්සියම්, රුධිර නාලවල තැන්පත් වීමට ඉඩ නොදී අස්ථි සහ දත් වෙත නිසි ලෙස යොමු කිරීමට K2 (විශේෂයෙන් MK-7 ආකාරය) අත්‍යවශ්‍ය වෙන නිසා. මෙය හෘද රෝගවලින් ආරක්ෂා වෙන්න උපකාර වෙනවා කියලා කියනවා.

    View attachment 266448

    මම නම් කියන්නේ Vitamin D3 ගන්නවනම් අනිවාර්යයෙන්ම K2 ගන්න කියලා. හැබැයි ඔයාලා Vitamin D 60,000 IU වගේ එකක් ගනිද්දි ගන්න K2 එක MK-4 ද MK-7 ද කියන එක පොඩ්ඩක් හරියටම බලලා ගන්න try එකක් දෙන්න. MK-4 (Menaquinone-4) රුධිරයෙන් ඉක්මනින් ඉවත් වන නිසා දිනකට නිසා නියමිත මාත්‍රාවක් හැම දවසකම වගේ ගන්න වෙනවා. MK-7 ගත්තම රුධිරයේ දිගුකාලීන පවතින නිසා දිනකට මයික්‍රොග්‍රෑම් (mcg) මට්ටමේ කුඩා මාත්‍රාවක්, එක වරක් ගැනීමක් තමා නිර්දේශ කරලා තියෙන්නේ. මේ දෙකෙම ක්‍රියා කාරීත්වෙයත් වෙනසක් තියනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ MK-4 මොළයේ සෞඛ්‍යයට, පටක ආරක්ෂාවට සහ හෝමෝන තුලනයට (Testosterone නිපදවීමට) වැඩි දායකත්වයක් දක්වන බව කියලා තියනවා. MK-7 කැල්සියම් අස්ථි කරා ගෙන යාමට සහ ධමනි පිරිසිදු කිරීමට (Bone and heart health) වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන බව තමයි කියන්නේ.
    මම මේක කියන්න හේතුව මම කලින් ගත්ත Now Foods එකේ තිබ්බේ MK-4. හැබැයි මම දැන් ගන්න 60,000 IU එකේ එන්නේ මොකක් ද කියලා මම දන්නේ නැහැ. ඇත්තට ඒක ගැන නෝට් එකක් තිබ්බේ නැහැ හෝ මට මතක නැතිව ඇති. කවුරු හරි ගාව මේකේ box එකේ විස්තර තියනවනම් පල්ලෙහායින් reply එකක් දාන් යන්න පින්තූරයක් එක්ක. ඒ වගේම උදේ කෑමෙන් පස්සේ තමා මම විටමින් D එක ගන්නේ. මී කිරි (curd) මුට්ටි බාගයක් වගේ කාලා ඉවර උනු ගමන්ම මම මේක එකක් ගන්නවා කලින් කිව්වා වගේම සතියකට එක සැරයයි. Vit D කියන්නේ Fat soluble vitamin එකක් කියලා කට්ටිය දන්නවනේ. අනෙක මම විටමින් D එක ගන්න දවසට coffee and tea බොන්නේ නැහැ. normally මම දවසට coffee 1 හෝ දෙකක් (cappuccino or espresso) විදියට බොනවා ඉතිං.

    ආ: ඒ වගේම ඩොක් මේ එක්කම මට විටමින් E ඩේලි ගන්න කියලා කිව්වා රෑට එක ගානේ මාසේ 2ක්. ඒක හැබැයි ඒක මේකට අදාල නෑ.

    මේ මාසක් සති 5ක් තිස්සේ බිව්වනේ දැනට, මොකක් ද උනේ.? වෙනසක් දැනෙන්න තියනව ද? ඕවා තමා ප්‍රශ්න ඉතිං. මම කලින් කිව්වා වගේ 1000 IU මම කලින් අරන් තිබ්බට මට මේ වගේ වෙනසක් ඇත්තටම දැනිලා නෑ. මාරම energetic ගතියක්, ආතතිය අඩු ගතියක්, වැඩ කරන්න උනන්දු ගතිය එහෙම සෑහෙන වැඩි වෙලා කියලා දැනෙනවා. උඹලා දකින්න ඇති මගේ TST 15.9 තියෙන්නේ. ඒකියන්නේ නිරෝගී මට්ටමක. නමුත් මම දන්න විදියට විටමින් D ප්‍රතිලෝමව බලපානවා TST වල අඩු වැඩි වීමටත්. ඉතිං මේ විටමින් ගැනීමත් එක්ක මන් හිතන විදියට TST ලෙවල් එකත් වැඩි වෙලා ඇති මම එහෙම කියන්නේ Morning Wood (Nocturnal Penile Tumescence - NPT) එක බස්ස ගන්න දැන් හෙන ගේමක් දෙන්න ඕනේ මීට මාස 2කට උඩ දි තත්වේ එක්ක compare කරාම. දැනට දැනුනු වෙනස් කම් ඔය ටික තමා. අර තිබුණු depression එක්ක එන කම්මැලි ගතිය වගේ එක සෑහෙන්නම නැති වෙලා ගිහින්. වැඩත් එක්ක නිදා ගන්නේ උදේ 2-3 වගේ වෙන නිසා ඒකත් රෑ 10ට වගේ කර ගත්තොත් සෑහෙන වෙනසක් වෙයි කියලා හිතනවා.
    ආ තව කොන්ඩේ හැලෙන ගතිය වගේ තිබ්බා, ඒකයි Iron Profile එකත් බැලුවේ. Iron Profile එකනම් full healthy. ඒ වුනාට Vit D ගන්න එකත් එක්ක, ඒකත් දැන් අඩු වෙලා වගේ. තව මෙඩිකල් ෂැම්පු එකකුත් මාරු කලා ඒක ගැනත් මම කියන්නම් මේකේ හෝ වෙනම ත්‍රෙඩ් එකක්. කොණ්ඩේ අකලට ඉදෙන එක, කොණ්ඩේ හැලෙන-තුනී වෙන එක, හිස්සොරි හැදෙන එකටත් විටමින්ස් ජාති බලපානවා.

    මට කියන්න තියෙන්නේ Office එකක වැඩ කරනවනම් යන එන කොටවත් විනාඩි 30 වත් උදේ හොඳ අවුවක් ගන්න බැරි කෙනෙක් නම් කිරියේ ගොඩක් අය කියනවා වගේ Vitamin D පොඩ්ඩක් චෙක් කරලා බල්න්න. Depression / Anxiaty ගතියක් වගේ දැනෙනවනම් Vit D චෙක් කරලා බලන්න. ගොඩක්ම D level එක අඩු නම් පෙති වලින් ඒ අඩුව පුරව ගත්තත්, ඒ එක්කම life style එක වෙනස් කරගන්න, සතියකට අඩු ගානේ දවස් 3-4ක් වත් උදේ 10-11 ට වගේ අවුව පොඩ්ඩක් වදින්න 20-30m වගේ ඉන්න බලන්න. සෑහෙන වෙනසක් දැනෙයි. විටමින් D ගන්න තියෙන ආරක්ෂිතම ස්වාභාවික ක්‍රමය තමා ඒක.

    තව ජුලි මාසේ අග වගේ ඊළඟ ටෙස්ටින් එක කරලා ඇගට දැනෙන වෙනස් කම් එක්ක අයේ මේ ත්‍රෙඩ් එකේම update එකක් දාන්නම්.

    මේ වගේ thread එකක එන common ප්‍රශ්න කිහිපයකටත් කමන්ට් දාන්නම්.

    ⚪️ ටෙස්ටින් කොහෙන් ද කරේ?
    Nawaloka Laboratories, Col 02.

    ⚪️ ඇයි නවලෝක ?
    ප්‍රධාන හේතුව promotion discount එකක් තිබුනා. ඒකයි ගියේ මොක ද කලින් ආසිරි එකේන් මට 13,700+ ගානක් කිව්වා විටමින් D එකට විතරක්.

    ⚪️ Testing වල මිල ගණන් කොහොම ද?
    Vitamin D (Total - 25OH) = 5,940.00 (Promotion Price 40% from 9,900/=)
    Total Testosterone = 5,290.00
    Iron Profile = 6,920.00

    ⚪️ MD60000HD ගණන් කොහොම ද?
    60000IU = 230.00 (per tablet)
    5000IU = ~80.00 (per tablet) මට මේක හරියටම මතක නෑ.

    Now Foods ඒ දවස් වල මම Amazon or Now Foods වෙබ් එකෙන් buy කරලා ලංකාවට ගෙන්න ගත්තේ. ලඟදි නම් ගෙන්න ගත්තේ නැහැ. ඒක නිසා ගණන් දන්නේ නැහැ.

    තව පුශ්න තියනවනම් දාන්න. [deleted] වගේ අයත් දන්න දේවල් කියාවි.

    මම අනෙක් thread වල ලින්ක්ස් මේ thread එකේම reply එකක් විදියට දාන්නම්.

    Note: කිරියේ දේවල් දාන කොට වගකීමක් ඇතිව දෙයක් දාන නිසා සහ, අනෙක් කිරියේ ඉන්න පුද්ගලයින් ගැන වගකීමක් මට පෞද්ගලික ගන්න බැරි නිසා, මම මෙන්ෂන් කරපු නම් කිහිපය මැකුවා. කිරියේ විටමින් D ගැන තියෙන පෝස්ට් මටත් උදව් වුනු නිසයි. මම මෙහෙම මගේ අත්දෑකිමත් දාන්න හිතුවේ. නමුත් පේන විදියට මෙය ව්‍යාපාරයක් ස්වරෑවයකුත් තියෙන නිසා (කිරි කොල්ලෝ කියන විදියට), මේක කියවන අයට කියන්න තියෙන්නේ. ආවාට ගියාට නැතිව, තමන්ට විශ්වාස තැනකින් ටෙස්ටින් එකක් කරලා මම වගේ වෛද්‍ය උපදෙස් මත පමණක් විටමින් ගන්න. මොක ද විටමින් D toxic වෙන්නත් පුළුවන්. අනෙක වෙන කෙනක් කිව්ව පලියට නැතිව, own research එකක් කරලා (chatgpt වගේ නැතිව- credible source use කරලා) මේවගේ දෙයක් කරන්න. මම doc කෙනෙක් නෙමෙයි. මමත් වෛද්‍ය උපදෙස් අරගෙන තමා මේ විටමින්ස් ගත්තේ. නියමිත ප්‍රමාණ සහ මාත්‍රා වලින්. පොස්ට් එකේ මම දාපු දේවල් සම්බන්ධයෙන් වගකීම මම ගන්නවා. මෙහි සඳහන් කරපු කිසිම brand එකක් මම ඔයාලට recommend කරන්නේ නැහැ. මොක ද මම වෛද්‍යවරයෙක් නොවන නිසා. මේ මම භාවිතා කරන සහ කරපු විටමින්ස් brands විතරයි.
    (testing reports and prescription) - තහවුරු කිරීම සඳහා දිනත් සමඟ ඇති Doc Prescription එක අදාල කොටස සමඟ පල්ලෙහා අමුණලා ඇති.

    ඔබගේ වටිනා අදහස්වලට බොහෝම ස්තුතියි. මේ දිනවල Vitamin D සම්බන්ධයෙන් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. Vitamin D පරීක්ෂාව කරගන්න කලින් මම Consultant Psychiatrist කෙනෙකු හමුවුණා. එතුමා මට Zotral භාවිතා කරන්න කියලා නිර්දේශ කළා. ඊට පස්සේ Vitamin D පරීක්ෂාව කරද්දී මගේ අගය 15 ක් පමණ තිබුණා කියලා මතකයි. හැබැයි OPD වෛද්‍යවරයෙක් කිව්වේ ඒක එතරම් ගණන් ගන්න අවශ්‍ය නැහැ කියලා.

    පුළුවන් නම් මේ ප්‍රශ්න ටික සලකා බලලා මට සුදුසු විසඳුමක් ලබාගන්න පුළුවන් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න පුළුවන්ද?

    මගේ Cholesterol මට්ටම 296 ක් තිබුණු නිසා දැනට Rosuvastatin 10mg දිනපතා ලබාගන්නවා. එසේම මම ව්‍යායාම කරන්නෙත් නැහැ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,607
    6,305
    113
    Narcissistic Sociopath Manipulator
    ඔබගේ වටිනා අදහස්වලට බොහෝම ස්තුතියි. මේ දිනවල Vitamin D සම්බන්ධයෙන් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. Vitamin D පරීක්ෂාව කරගන්න කලින් මම Consultant Psychiatrist කෙනෙකු හමුවුණා. එතුමා මට Zotral භාවිතා කරන්න කියලා නිර්දේශ කළා. ඊට පස්සේ Vitamin D පරීක්ෂාව කරද්දී මගේ අගය 15 ක් පමණ තිබුණා කියලා මතකයි. හැබැයි OPD වෛද්‍යවරයෙක් කිව්වේ ඒක එතරම් ගණන් ගන්න අවශ්‍ය නැහැ කියලා.

    පුළුවන් නම් මේ ප්‍රශ්න ටික සලකා බලලා මට සුදුසු විසඳුමක් ලබාගන්න පුළුවන් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න පුළුවන්ද?

    මගේ Cholesterol මට්ටම 296 ක් තිබුණු නිසා දැනට Rosuvastatin 10mg දිනපතා ලබාගන්නවා. එසේම මම ව්‍යායාම කරන්නෙත් නැහැ.
    Symptoms monada? Fatigue/ Low motivation Setraline walin hadanna baha. 15 kiyanne adui ne. Weakness gathiyak enna puluwan. Change doctors.
     
    • Like
    Reactions: hi.dushan