හම්බන්තොට වරායේ ගල ඉවත් කරන්න චීනයෙන් ණය ඉල්ලයි
හම්බන්තොට වරායේ නෞකාවලට පිවිසීමට බාධාවක්ව ඇති මුහුදු පත්ලේ පිහිටා ඇති ගල ඉවත් කිරීම සදහා තමන් චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණයක්

ඉල්ලා ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම රොයිටර් පුවත් සේවයට වෙත පවසා ඇත්තේ අදාළ ගල හඳුනා ගත්තේ වරායේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර බවයි.


එය පුපුරවා හැරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 40 කට අඩු මුදලක් අවශ්‍ය බව වරාය සභාපතිවරයා පවසා තිබේ.













