ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය ද

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය ද

    killed_police.jpg

    මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි.

    පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි.

    ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි.

    මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි.

    දැන් මෙසේ සිදු වන්නේ ඇයි?

    එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්‌ඩාර නම් මිනිසා නොව නීතිය ක්‍රියාවේ යොදවන සාමය අගයන පොලිස්‌ නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්‌ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්‌කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්‍රතාවකින් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්‌විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස්‌ නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්‌ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්‌ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි.
    පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

    හේතු කීපයක් ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

    1. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මෙම වාක්‍ය කීපයෙන් ම පෙනෙන පරිදි පොලිසිය සිංහල බසින් හෝ වචන කීපයක් ගැට ගසා අදහසක් මිනිසුන්ට ‍තේරෙන අන්දමින් ප්‍රකාශ කරන්නට නො දැන සිටීම
    2. නීතිය කුමක්දැයි මහජනයාට පැහිදිලි කර දීමට පොලිසිය අසමත් වීම
    3. නීතිය ක්‍රියාත්මක කිරීමේ හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට පොලිසිය අසමත් වීම
    4. අවනීතිය රජවීම සඳහා පොලිසිය කර ඇති දායකත්වය

    පොලිසියට පාරට බහින්නට බැරි තත්වයක් උදා වී ඇත්තේ ඇත්තෙන් ම පසුගිය කාලයේ තමන් වැපිරූ දේවල අස්වැන්න සේ ය.

    එසේ ම, ලංකාවේ ජනමාධ්‍යයන්ගේ අසාර්ථකත්වය ද කටකතාවල ප්‍රබලත්වය විසින් මනාව ඔප්පු කර තිබේ.

    අවිද්‍යාව, මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන පාලකයන් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන ක්‍රමය වෙනස් නො කර මෙම සමාජය බුද්ධිමත් කළ නො හැකි ය.

    ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්‍රකාශනය යෝග්‍ය ය.

    “Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism.” ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පිරිහිය යුතු ය.

    ලංකාවේ පසුගාමී ධනවාදය නො වැළැක්විය හැකි ලෙස ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය. මීට පෙර, ඇතැම් අප්‍රිකානු, අරාබි, ආසියානු රටවල මෙම අපගමනය සිදු විය. විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් පොලිස් නිලධාරියා එයින් නිදහස් විය.

    ඔහු බෞද්ධයකු ද නැද්ද යන්න අපි නො දනිමු. බෞද්ධයකු නම්, පුනරුත්පත්තියක් ඇත්නම්, කුසල් ඇත්නම් ඔහු කිසි කලෙක මේ රටේ නම් යළි නො ඉපදෙනු ඇත.

    source
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පව් මේ මනුස්සය... ලඟදි තාත්ත කෙනෙක් වෙන්න ඉඳලත් තියෙන්නේ... පවුලටම ඉඳල තියෙන්නේ එකම දරුවයිලු.. දැන් ඉතින් මුළු පවුලම අනාතයි...

    පටු අරමුණු ඉටු කරගන්න මේ වගේ අපරාද කරන උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම් ප්‍රසිද්දියේම දෙන්න ඕන.. ආයිත් මේ වගේ දේවල් නොකරන්න..

    අනික පොලිසියත් තමන්ගේ ගොවරවය රැකගෙන සේවය කරනවානම් මේ වගේ දේවල් පොලිසියේ කාටවත් වෙන්නේ නෑ... පොලිසියේ වැඩ නිසා මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ පොලිසිය ගැන වෛරයක්, එහෙම උන නිසා තමයි මේ වගේ ජීවිතයක් නැති උනේ...

    කොහොමත් මේවට වග කියන්න ඕන උන් හැමදාම බේරිලා අහිංසක මිනිස්සු නිකන් මැරෙනවා...
     
    පොලීසිය ඒවගේ චාටර් වැඩ වලට යොදවපු අය නෙවෙයි දුක් විඳින්නේ අහිංසක උන්.
    පහත තැනින් ගලයි ජලේ කිවුවලු
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ලිපිය හොදය් එත් මෙතනින් ඉස්සුවා කියල වත් කියපන්.නැත්නම් මේක ලියපු එක පව්.
    :D :D :D :D :D

    HTML:
    http://w3lanka.blogspot.com/2011/08/blog-post_23.html
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලිපිය හොදය් එත් මෙතනින් ඉස්සුවා කියල වත් කියපන්.නැත්නම් මේක ලියපු එක පව්.
    :D :D :D :D :D

    HTML:
    http://w3lanka.blogspot.com/2011/08/blog-post_23.html

    එක මම දාල තියෙන්නේ පොඩ්ඩක් හොඳින් බලන්න
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1177430&page=24
    එලකිරි හම්බයෝ ටික මගේ ත්‍රෙඩ් එක අත්හි‍ටුවලා.උඹලට කරන්න පුලුවන්.ඒත් කියනකොට බයයි නේද? හැබයි දිනුවා කියලා හිතන්න එපා.සුනුමල් හම්බයාගේ කොන විමල් හම්බයා කපලා
    :angry::angry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පොලීසිය ඒවගේ චාටර් වැඩ වලට යොදවපු අය නෙවෙයි දුක් විඳින්නේ අහිංසක උන්.
    පහත තැනින් ගලයි ජලේ කිවුවලු

    පොලිසියේ ඉන්න ගොඩක් උන් මහා ජරා බල්ලෝ මචන්... මම එක හොඳටම දන්නවා.. හැම මිනිහෙක්ගේම හිතේ පොලිසිය ගැන තියෙන්නේ කලකිරීමක්.. තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් ඔය වගේ තත්වයක් පොලිසියට අත් වෙන්නේ නෑ....
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොලිසියේ ඉන්න ගොඩක් උන් මහා ජරා බල්ලෝ මචන්... මම එක හොඳටම දන්නවා.. හැම මිනිහෙක්ගේම හිතේ පොලිසිය ගැන තියෙන්නේ කලකිරීමක්.. තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් ඔය වගේ තත්වයක් පොලිසියට අත් වෙන්නේ නෑ....
    :eek::eek:
     
    Similar threads