Windows 7_ලස්සන කරගනිමු.

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
Windows 7_ලස්සන කරගනිමු.

ආයුබෝවන් !

ටික දවසකින් එළකිරි එකේ අය වෙනුවෙන් ලිපියක් ලියන්න බැරි උනා ඒ නිසා වින්ඩෝස් සෙවන් යූසර්ස්ලට ප්‍රයෝජනවත් වෙන ලිපියක් ලියන්න හිතුවා. මෙන්න මගේ හත් වෙනි ලිපිය. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ වින්ඩෝස් සෙවන් අලංකරණය සහ වඩාත් ප්‍රයෝජනවත් වන විදිහට සකසා ගැනීම සදහා විශේෂිත වෙන වැඩසටහන් ඔයාලට දෙන්න. මේ පරිගණක වැඩසටහන් නොමිලයේ බෙදාහරිනු ලැබූ ඒවායි. මේ වැඩසටහන් භාවිත මගින් ඔයාලට ප්‍රයෝජනයක් වුනා කියලා හිතෙනවානම් තම තමන්ට හැකි පමණන් ප්‍රතිඋපකාරයක් වශයෙන් නිෂ්පාදකයාට ඩොනේට් කරන එකේ වරදක් නැහැ. ;) අද ඔයාලට මේ දෙන ප්‍රෝග්‍රෑම්ස් යූස් කරලා වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේ තියෙන අපිට ඒකාකාරී සම්මත පෙනුමට වඩා වෙනස් බවක් වගේම අලංකාරයක් ලබා දෙන්න පුළුවන්. ඒ මගින් හුරුපුරුදු ඒකාකාරී පරිසරයෙන් වෙනස් වුන තමන්ගේ කැමැත්ත මත වෙනස් කර සකසගත්තු පරිගණකයක වැඩ කටයුතු කරන්න ඔයාලට පුළුවන් කම ලැබෙනවා, වගේම ඊට අමතරවත් ප්‍රයෝජනවත් වෙන වැඩසටහන් ගොන්නකුත් මම කාලයක් තිස්සේ එකතු කළ, අද මේ ඔයාලට ලබාදෙන වැඩසටහන් එකතුවේ තියෙනවා.

හොදයි මේ මම ලබාදෙන්න යන වැඩසටහන් එකතුව තුල ඇති සමහර වැඩසටහන් ඔබේ පරිගණකයේ භාවිත කිරීමට නම් මූලිකව .NET Framework Version 3.5 මෙන්ම .NET Framework Version 4.0 පරිගණකයේ ස්ථාපිත කර තිබීම අවශ්‍යයි. මොකද සමහර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඒක අත්‍යඅවශ්‍යයි. (සියල්ලම නොවෙයි) ඔබේ වින්ඩෝස් පරිගණකය අප් ටු ඩේට් නම් තියෙන්නේ බොහෝ දුරට .NET Framework ස්ථාපිත වෙලා ඇති ! කෙසේ වෙතත් .NET Framework බාගත කරගෙන ස්ථාපිත කරගන්න එක ඒ තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි. ඒක ගූගල් කරලා පහසුවෙන් සොයාගෙන පරිගණකයට ස්ථාපිත කරගන්න පුළුවනි.
Net%252520Framework%252520Download.gif
(එය ස්ථාපිත කිරීම සදහා ඔබේ මෙහෙයුම් පද්ධතිය Genuine Windows වීමට අවශ්‍යත් නැහැ) මීට අමතරව මේ ලිපියෙන් මම ලබාදෙන වැඩසටහන් ස්ථාපිත කිරීමට පෙර System Restore point එකක් ක්‍රියේට් කිරීමත් වැදගත්. අහඹුලෙස යම්කිසි වැරදීමක් සිදුවුවහොත් පරිගණකය 100% ක්ම පෙර තිබූ යතා තත්ත්වයට පත් කරගන්නට එමගින් පුළුවනි. ඒ වගේම සියළු වැඩසටහන් ඇඩ්මින් රයිට්ස් සමග රන් කිරීමට යෝජනා කරන්න කැමතියි.

අපි එහෙනම් පටන් ගමු. වැඩසටහන් සියල්ලම බාගත කිරීමට හැමදාම වගේ මීඩියාෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් එක ලිපිය අවසානයේ දැක්වෙන බවත් මතක් කරන්න කැමතියි.

1) Aero Tile

1%252520Areo%252520Tile.jpg

මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ වයස අවුරුදු 13 ක ළමයෙකු වීම විශේෂත්වයක්. ඔහුගේ රට වෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. මේ වැඩසටහන තවමත් පර්යේෂන තත්ත්වයේ පැවතුනත් ඔයාලට මේක බාවිත කරලා අත්දැකීම ලබාගන්නට ඒක බාදාවක් වෙන්නේ නැහැ මේ වැඩසටහන මගින් සිද්ධවෙන්නේ අවශ්‍යතාවය අනුව ට්‍රාන්ස්පේරන්ට් ටයිල්ස් ඔබේ ඩෙස්ක්ටොප් එක මත නිර්මාණය කර දීමයි. ඒ මත ක්ලික් කිරීමෙන් අදාල ටාගට් එකට යන්නට පුළුවනි. සුපුරුදු අයිකනවලට වඩා මේක අමුතුම අත්දැකීමක්.


2) Aero Tuner

2%252520Aero-Tuner-Effects.png
1%252520Aero-Tuner-Effects.png

වින්ඩෝස් සෙවන්වල ට්‍රාන්ස්පේරන්ට් සෙටින්ග්ස්වල සීමාවකින් එහාට කලර් මික්සර් එක ලිමිටඩ්.(1) මේ වැඩසටහනින් ඔයාට ඕනේ විදිහට කැමති වර්ණ දෙකකුත් යොදාගෙන වින්ඩෝ බෝඩර්ස් ස්ටාර්ට් මෙනූ එක වගේම ටාස්ක් බාර් එකත් වර්ණ ගන්වන්නට පුළුවනි ! සියුම් ලෙස වර්ණ සංයෝජනය කරන්නට මෙම වැඩසටහනින් පුළුවන් ! ඒ මගින් අතිශය වර්ණවත් අලංකාර පෙනුමක් පරිගණකයට ලබාදෙන්න පුළුවනි


3)Alternate + Tab Tuner

2%252520alt_tab_tuner.jpg

1%252520alt-tab-preview-500x99.png

මේ මගින් Alternate + Tab එබූ විට ලැබෙන මෙම වින්ඩෝ එක ඔබට අවශ්‍ය විදිහට වෙනස් කරගන්නට පුළුවන් මේ මගින් ඔබට කළ හැකි දේවල් සියල්ලම දැක්වුවහොත් මෙසේයි.

Change the number of rows and columns that display thumbnails
Change the top / bottom / side margins
Change the spacing of elements
Change icon shift and size
Change the thumbs size
Change fade out and transparency
Switch to old style alt-tab dialog


4)Context Menu Editor

2%252520Context_Menu_Editor_v1_1_by_binarybuddy.png
1%252520Context%252520menu%252520edito.gif

මෙමගින් ඔබට පරිගණකයේ රයිට් ක්ලික් කළවිට ලැබෙන මෙනූ එක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවනි උදාහරණයක් විදිහට ඔබට පරිගණකයේ රයිට් ක්ලික් කළවිට ලැබෙන මෙනූ එකට ෆයර් ෆොක්ස් ලබාගැනීමට අයිකනයක් ඇතුල් කිරීමට අවශ්‍යයි කියා සිතුනොත් එය ඉටු කරගන්නටත් මේ මගින් පුළුවනි එපමණක් නොවෙයි ඔබට අවශ්‍ය නම් ඕනෑම වෙබ් අඩවියක් වුනත් මෙනූ එකට ඇතුල් කිරීමට මේ සුවිශේෂී වැඩසටහන මගින් පුළුවනි. මේ තිබෙන්නේ එළකිරි අඩවිය ඇතුල් කළ විට පෙනෙන අයුරුයි


5)Create A Shortcut

Create%252520a%252520short%252520cut.gif

මෙයින් ඕනෑම ෆයිල් එකක ෂෝර්ට් කට් එකක් ක්‍රියේට් කරගන්න පහසු කරවනවා සාමාන්‍යයෙන් කරන ක්‍රමේ ටිකක් කරදර උනත් මේ සොෆ්ට්වෙයා එකෙන් ඒ අපහසුතාවය මගහරවනවා කරන්න තියෙන්නේ ෂොර්ට් කට් එක ක්‍රියේට් කරන්න අවශ්‍ය අයිටම් එකට රයිට් ක්ලික් කරලා ප්‍රෝග්‍රෑම් එක විසින් සාදන අළුත් ඔප්ෂන් එක වෙන ක්‍රියේට් ෂෝර්ට් කට් තේරීම පමණයි. ඉන් පස්සේ අවශ්‍ය තැනට ෂෝර්ට් කට් එක සේව් කළ හැකියි.


6)Desktop Calendar

Desktop%252520cal.png

මේ වැඩසටහන ඇත්තෙන්ම සුපිරි වැඩසටහනක් කිව්වොත් නිවැරදියි මෙමගින් ඔබේ වින්ඩෝස් පරිගණකයේ Desktop Calendar එකක් සාදාගන්න පුළුවනි මෙමගින් ඩෙස්ක්ටොප් එකට අලංකාරයකුත් එකතු කරනවා වගේම ඒ ඒ දිනවලට යෙදී ඇති වැඩ කටයුතු වුනත් ඒ දිනය මත සටහන් කරන්න පුළුවනි ඔෆිස් එකේ වැඩ කරන අයට මේක ලොකු උදව්වක් වේවි මේ තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක්


7)Desktop Peek Tweak

desktop-peek-button.png
desktop-peek-tweak-screenshot.png
image_thumb9.png

මේ දැක්වෙන්නේ කලින් වින්ඩෝස් වර්ෂන්වල quick launch barහි දක්නට ලැබෙන Show Desktop බට්න් එකයි. බොහෝ වෙලාවට අපි පරිගණකයේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් ඕපන් කරගෙන වැඩ කරනකොට අපිට මේ පහසුකම අත්‍ය අවශ්‍ය වෙනවා මොකද ඩෙස්ක්ටොප් එකට යෑමට එකින් එක වින්ඩෝ වසමින් යෑම එපාවෙන වැඩක් නිසා. ඉතින් මේ මගින් කරන්නේ Cursor එක බට්න් එක මතට ගිය පමණින්ම ඒක ක්‍රියාත්මක වෙන්න ගන්න කාලය අපිට අවශ්‍ය විදිහට අඩුවැඩි කරගන්න හැකියාව ලැබීමයි. ඒක අනවශ්‍ය නම් තප්පර කිහිපයක් දක්වා වැඩි කරගන්නත් පුළුවනි


8)Disguise Folders

1%252520Disguise%252520Foler.png

මේක හරිම ප්‍රයෝජනවත් ටූල් එකක් මේකෙ යූස් කරලා ෆෝල්ඩර් එකක් වෙස්මාරු කරන්න පුළුවනි. ඒ කියන්නේ ඔයාගෙ චැට් ලොග්ස් තියෙනවා කියලා හිතමු මොකක් හරි ෆෝල්ඩරයක. ඒවා අනික් අය අතට යන එක නවත්වන්න අපි හැමෝම සාමාන්‍යයෙන් කරන්නේ නිකන්ම ඕක කම්පියුටරේ සිස්ටම් ෆයිල් අස්සේ හංගලා හිඩ්න් කරන එකනේ.. :P ඊට වඩා මේක ලේසියි ඒ වගේම ආරක්ෂිතයි! මේකෙන් ඔයාට පුළුවනි ඕනෑම ෆෝල්ඩරයක් සිස්ටම් ෆෝල්ඩරයක් විදිහට වෙස් ගන්වන්න. ඒ කියන්නේ අදාල ෆෝල්ඩරය වැඩසටහනෙන් සිලෙක්ට් කරලා වින්ඩෝස් අප්ඩේට් විදිහට සැගෙව්වා කියමු, ඉන්පස්සේ ඒකේ අයිකනය සහ නම වින්ඩෝස් අප්ඩේට් විදිහට වෙනස් වෙනවා ඒ විතරක් නෙවෙයි , ඒක ඕපන් කරාම එන්නේ වින්ඩෝස් අප්ඩේට් එක මිසක් අපේ ෆෝල්ඩරය නොවෙයි !!! එ වගේ පහත තියෙන ඕනෑම සිස්ටම් ෆෝල්ඩරයක් විදිහට වෙස්ගන්වා සගවන්න පහසුකම් මේ වැඩසටහනෙන් ඔබට ලැබෙනවා ! කෙසේ වෙතත් ෆෝල්ඩරයේ නියම නම මතක තියාගත යුතුයි එහෙම නොවී ආයෙත් ෆෝල්ඩරය රිකවර් කරන්න බැහැ.


9)File Association Fixer

File-Association-Fixer1.jpg

මෙම වැඩසටහන හදලා තියෙන්නේ බහුතරයක් බාල සොෆ්ට්වෙයාර්ස් සහ වෛරස වර්ග මගින් රෙජිස්ට්‍රි එඩිටරයේ ඇති කරන විකෘති කිරීම් හේතුවෙන් ඇති වන File Associations සම්බන්ධ ප්‍රශ්ණ නිරාකරනය කරගන්නයි. මේක බොහෝ දුරට හැමෝම අත් දැකලා ඇති ඇඩ්වාන්ස් යූසර්ස්ලා හැරෙන්න අනික් අයට මේ වගේ ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වුනාම පරිගණකය ‍ෆෝර්මැට් කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. කරදරකාරී වෛරස විසින් තමා බොහෝ දුරට මේ ප්‍රශ්ණය ඇති කරන්නේ. ඒ වේලාවට මේ වැඩසටහන ඉතා සුවිශේෂී කාර්යක් ඉටු කරනවා ඒ කරදරයෙන් ඔබේ පරිගණකය ගලවා දෙන්න. තප්පර කීපයක් ඇතුලත මේ මගින් ඔබේ පරිගණකය යතා තත්ත්වයට පත් කරනු ඇති. මම මේක වින්ඩෝස් විස්ටා හි අත්හදා බලලා තියෙනවා :yes:


10)Internet Explorer Fixer

ie%252520fixer.jpg


Internet Explorer හි ඕනෑම ප්‍රශ්ණයක් ඇති වූ විට මේ මගින් එම වැඩසටහන යථා තත්ත්වයට පත්කර දෙනු ලබනවා. ඔබ කළ යුත්තේ වැඩසටහන රන් කර Run Utility ක්ලික් කිරීම පමණයි


11) Microsoft Security Essentials Fixer

1%252520Disguise%252520Foler.png

Microsoft Security Essentials දැන් කා අතරත් ජනප්‍රිය වෙමින් පවතින වැඩසටහනක්. ඒ ගැන ඔබ තවමත් දන්නේ නැති නම් ගූගල් කරලා තොරතුරු ලබාගන්න පුළුවනි.
මෙයත් පෙර දැක්වූ IE Fixer එක වගේම portable වැඩසටහනක් මෙය Microsoft Security Essentials භාවිත කරන ඕනෑ කෙනෙකු ලග තිබිය යුතුම වැඩසටහනක්. මෙමගින් එහි සියළු රෙජිස්ට්‍රි සහ අනෙකුත් සෙටින්ග්ස් රීසෙට් කරගන්නට පුළුවන්. http://answers.microsoft.com/en-us/...sentials/1e24872a-5895-4e77-b656-c0342a195176


12) Fix Windows Update

ක්‍රැක් ප්‍රෝග්‍රෑම්ස් (ලෝඩර්) ආදිය නිසා මෙන්ම වෙන ඕනෑම හේතුවක් මත අඩපණව ඇති වින්ඩෝස් අප්ඩේට් එක නැවත යථා තත්ත්වයට පත් කරගන්නට මේ මගින් පුළුවනි.


13) FixWin 1.2

1%252520FixWin%2525201.2.gif

මේ වැඩසටහන කියා නිම කළ නොහැකි තරම් මට උපකාරී වුන වැඩසටහනක්. මෙයින් වින්ඩෝස් සෙවන්හි සහ විස්ටාහි සාමාන්‍ය යෙන් ඇතිවෙන බොහෝ දෝශ (50ක් පමණ) නිරාකරණය කරගත හැකියි. මෙහි එන සමහර දෝශ ඔබේ පරිගණකයේ පවා පවතින බව තවමත් ඔබ නොදන්නවා ඇති. පවතින දෝශ හදුනාගෙන නිවැරදි කිරීම සදහා ඔබ කළ යුත්තේ වැඩසටහන ක්‍රියාත්මක කර File Checker Utility ක්‍රියාත්මක කිරීම පමණයි මෙම බොත්තම එබූ විට වැඩසටහන මගින් ඔබේ පරිගණකයේ වෛරස බාල සොෆ්ට්වෙයා අත්වැරදීම් හෝ වෙනත් හේතු මත විකෘති වීම් හා හානි වීම් සිදුවුන සියළු සිස්ටම් ෆයිල්ස් අළුත් කරනවා. බේ බොත්තම වැඩසටහන ඕපන් කළවිට වෙල්කම් පේජ් එකේම සදහන් බව දැකගත හැකියි. පෙර සූදානමක් වශයෙන් මෙම වැඩසටහන බාගත චෙක් කරීම සිදු කර තබාගැනීම නුවණට හුරු කටයුත්තක් ලෙස දකිනවා. මෙමගින් ඔබගේ පරිගණකයේ පහත අංශයන්හි ඇති වන දෝශ නිරාකරණය කරදෙනවා. ඒ සදහා කළ යුත්තේ එක ක්ලික් එකක් දීම පමණයි.


14)FixWMP

1%252520Fix%252520wmp.png

වින්ඩෝස් මීඩියා ප්ලේයර් හි ඇතිවන දෝශවලදී වඩා බැරෑරුම් ක්‍රියාවලියකට යෑමට වඩා ඉතාමත් පහසුවෙන් මෙය ආධාරයෙන් එය යතා තත්ත්වයට පත් කරගත හැකිය කළ යුත්තේ වැඩසටහන ආරම්භ කර Run Utility ක්ලික් කිරීම පමණි


15)GodMode Creator

1.gif
2%252520God%252520mod.gif

God Mode Creator එක ගැන දැනගන්න ඉස්සර God Mode කියන්නෙ මොකක්ද කියන්න හිතුවා ඒ ගැන මෙයට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිවුනා වෙන යාළුවෙක් මෙතනින් (http://www.elakiri.com/forum/showpost.php?p=9187269&postcount=1) ඒ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙම නොවී මේ මොකක්ද කියන එක තේරුම් ගන්න අමාරු වේවි . ඒ තිවුන ක්‍රමයට අනුව අපිට අවශ්‍ය අනවශ්‍ය සියල්ල පෙන්නනවා. නමුත් එයට වඩා වෙනස්ව මේ නොමිලයේ ලබාදෙන සොෆ්ට්වෙයා එක බාවිතයෙන් අපිට අවශ්‍යෙවන අංශයවලට අදාලව පමණක් ඩෙස්ක්ටොප් එකේ God Mode නිර්මාණය කරගන්නට පුළුවනි. අනවශ්‍ය අංශ නැතිව. මේ පහත තියෙන්නේ ඒ පැරණි ක්‍රමයට අනුව God Mode එක හදාගන්න විදිහ. අළුත් ක්‍රමය අත්හදා බැලීමෙන් වෙනස වටහාගත හැකියි. මෙය වින්ඩෝස් විස්ටා සමගත් අත්හදා බලන්නට පුළුවනි.


16)Handy Shortcuts

1%252520.png

මෙය මගින් වින්ඩෝස් හි අත්‍යාවශ්‍ය සේවා සදහා ඉක්මන් ප්‍රවේශයක් ලබා ගැනීමට ඩෙස්ක්ටොප් එකෙහි ෂෝර්ට්කට් නිර්මාණය කර දෙනවා. පහත දැක්වෙන්නේ ඒවායි.


17)IconCache Rebuilder

icon-cache-rebuilder-tool.png

ඔයාට ප්‍රශ්ණයක් තියෙනවා නම් අයිකන හරි හැටි දර්ශණය නොවීම පිළිඹදව මේ ටූල් එක රන් කරලා සියලු දෝශ නිරාකරණය කරගත හැකියි !


18)IE9 Tweaker Plus

1%252520ie9-tweaker-plus.jpg

මේ මගින් ie9 පහසුවෙන්ම ඔබේ කැමැත්ත අනුව හසුරුවන්නට පුළුවනි. එහි බාහිර පෙනුම , අන්තර්ජාලයේ සැරිසැරීම මෙන්ම ඔබේ පෞද්ගලිකත්වය සහ සුරක්ෂිත බව සම්බන්ධ බොහෝ දේ මේ මගින් හසුරුවන්නට පුළුවන්


19)KidLogger

1%252520Kidlogger.png

මේ වැඩසටහන Remote Keylogger වගේම තමා ඒත් වෙනස තියෙන්නේ මේක නීතිවිරෝධී නැති එක. අනික නීතිවිරෝධී ඒවායේදි වෙන කෙනෙක්ව ගොදුරු කරගන්නවාට වඩා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ තමන්ගේ කුඩා ළමයින්ව අන්තර්ජාලයෙන් ආරක්ෂා කරගන්නයි. කුඩා ළමයි කිව්වට ඉතින් කාගෙ උනත් පුද්ගලික දත්ත සොරකම් කරන්න මේක යොදාගන්න බැරි කමක් නැහැ. :oo: කැෆේ එකකට ගිහින් මේ ප්‍රෝග්‍රෑම් එක මැෂ්න් එකක ඇක්ටිවේට් කරලා ආවොත් යූසර්ස්ලා පවු ! මොකද සාමාන්‍ය සේෆ් කීලොගර් එකකට වඩා මේකේ features ගොඩක් තියෙනවා අනික සේෆ් නිසා වෛරස් ගාර්ඩ්වලින් අල්ලන්නෙත් නැහැ. තවත් දෙයක් වෙන්නේ වොයිස් එක පවා තියෙන රෙකෝඩින් ඩිවයිස් එකක් හරහා රෙකෝර්ඩ් කරගන්නවා වගේම ස්ක්‍රීන් ෂොට් පවා ලබාගන්නවා. ස්කයිප් වීඩියෝ කොල්ස් ගත්තහම ඒවායේ ස්ක්‍රීන් ෂොට් පවා‍ තත්ත්පර කිහිපයෙන් කිහිපයට ලබාගන්න මේකෙන් අවස්ථාව ලබලා දෙනවා. ඒ වගේම අපිට කැමති වචන කිහිපයක් වැඩසටහනට දීලා තිබ්බාම. මොනම වෙලාවක උනත් යූසර් ඒ වචන ටික ටයිප් කළොත් ඒ සැනින් ස්ක්‍රීන්ෂොට් වදිනවා !! තවත් පහසුකම් ගොඩක් තියෙනවා අවශ්‍යතාවය අනුව මේකට ඔබේ ඊමේල් එක දීලා තිබ්බාම දිනපතා ලබාගත්තු දත්ත ඔබට මේල් කරනවා කරුණා කරලා මේක කැෆේවල වගේ පොදු තැන්වල භාවිතයට ගෙන අනික් අය කරදරයට පත් නොකරන ලෙස ඉල්ලනවා ඒ වගේම එළකිරි එකේ කීලොගර් සම්බන්ධව යම් උණුසුම් තත්ත්වයක් ඇවිත් තියෙන නිසා මේ වැඩසටහන මගෙන් ලබාගන්න කියනවට වඩා අයිති කරුවාගේ වෙබ් අඩවියෙන්ම ලබාගන්න ඉඩදෙන එක හොදයි කියලා හිතුවා. මොකද මේක පුද්ගලිකත්වය සමග බැදී සංවේදී කාරනයක් නිසා. ඉතින් මෙන්න මෙනට ගිහින් වැඩසටහන ගැන තවත් බොහෝ දේ දැනගන්නත් ඩවුන්ලොඩ් කරගන්නත් ඔයාට පුළුවන්

http://kidlogger.net/



20)Ownership

2%252520Exe_File_After.jpg

බොහොමයක් අවස්ථාවල අපිට පරිගණකයේ ෆයිල්ස් සම්බ්න්ධ Ownership එක ගැන ගැටළු ඇතිවෙනවා. සමහර ෆයිල්ස් ඩිලීට් කරන්න/රීනේම් කරන්න/කොපි කරන්න මුකුත් බැහැ. ඒ වගේම සමහර ෆෝල්ඩර්වලට ඇක්සස් වෙන්නත් බැහැ. ඒ විදිහට ලොක් කරපු ෆයිල්ස් අහුවුන වෙලාවට පර්මිෂන් අරගන්න හරි කරදරයක් විදින්න වෙනවා. ඒ වෙනුවෙන් තමා මේ විසදුම. කරන්න තියෙන්නේ සුළු දෙයක් Add_Take_Ownership.reg රෙජිස්ට්‍රියට ඇඩ් කළාම වෙනස දකින්න පුළුවන් වේවි. ඉන් පස්සේ ඔබට ඕනෑම ෆයිල් එකක ෆෝල්ඩරයක Ownership එක ගන්නට ඕනෑ නම් කරන්න තියෙන්නේ අදාල ඔබ්ජෙක්ට් එකට රයිට් ක්ලික් කරලා Take Ownership ක්ලික් කිරීම පමණයි. මේවා නැවත රයිට් ක්ලික් මෙනූ එකෙන් ඉවත් කරන්නට අවශ්‍යයි නම් කරන්න තියෙන්නේ Remove_Take_Ownership.reg කියන Registration Entrie එක රෙජිස්ට්‍රියට ඇඩ් කරන එක විතරයි.


 

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
21)Pin To Start Menu

1%252520Pin%252520to%252520Start%252520Menu.gif
2%252520Pin%252520to%252520Start%252520Menu.gif

මේකත් කුඩා portable වැඩසටහනක් මෙය ස්ථාපිත කරගත් විට ඔබට පරිගණකයේ ඕනෑම ඇප්ලිකේෂන් එකක් ස්ටාර්ට් මෙනූ එකට හෝ ටාස්ක් බාර් එකට පින් කරන්න ගතවෙන්නේ තත්ත්පර පහකටත් අඩු කාලයක්. මේ වැඩසටහන රහිතවනම් අපට ඒ වෙනුවෙන් අදාල ලොකේෂන් එකේ සිට ෆයිල් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක රන් කළායින් පස්සේ ෆයිල් එකට රයිට් ක්ලික් කළාම අළුත් බට්න්ස් දෙකක් දකින්න ලැබේවි ඔබ කළ යුත්තේ අදාල බට්න් එක ක්ලික් කිරීම පමණයි.


22)Prevent

1%252520Prevent.png

3%252520Copying%252520Dis.png

4%252520Exit.png

මේ වැඩසටහන හරි ප්‍රයෝජනවත් අපි නැති වෙලාවට වෙන කෙනෙක් අපේ පරිගණකයෙන් දත්ත අරගන්න එක යම් පමණකට වලක්වාගන්න මේ මගින් පුළුවනි. මක්නිසාද යත් මේ වැඩසටහන රන් කළ පසු copy paste Delete Rename ආදී බට්න්ස් සියල්ල disable වෙනවා. එපමණක් නොවෙයි ටාස්ක් මැනේජර් එකෙහි Right Click කිරීම වලක්වා එය මගින් වැඩසටහන නවතා දැමීම වලක්වනවා. වැඩසටහන ඇක්ටිව් කිරීමට පෙර නැවත මෙය නවතා දැමීම සදහා Ctrl+P එබිය යුතුයි. අවශ්‍ය නම් ඔබට එය වෙනස් කළ හැකියි. එවිට පිළිවෙලින් අදාල කීස් ප්රෙස් කළ විට මෙම වැඩසටහන ඉවත්වෙනවා. යාළුවෙක්ව බය කරන්න ෂොක් ! ඉන්ටර්නෙට් කැෆේ යන අය මෙතන ඇති නේද ? :P


23)QRM Plus Manager

1%252520qrm-setup.png
2%252520qrm-menu-400x359.png
3%252520QRM-Plus-Manager.png
5%252520Generate.png

මේ මගින් වින්ඩෝස් සෙවන් භාවිත කරන්නන්ට restore කිරීම භාවිත කිරීම මනා ලෙස පහසුවෙන් සිදු කළ හැකියි. සාම්ප්‍රදායික System Restore ඇප්ලිකේෂන් එකට වඩා පහසුවෙන් restore point සෑදීමටත් ඉවත් කිරීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම ඔබට මෙම ඔප්ෂන්ස් right-click context menu එකටත් ඇඩ් කළ හැකියි.


24)Quick Clean

1.png

මෙමගින් ඔබේ වින්ඩෝස් පරිගණකයේ junk files ක්ලීන් කරදීම කරනු ලබනවා එයින් පරිගණකයේ නිකරුණේ වැයවී ඇති හාර්ඩ් ඩිස්ක් ධාරිතාවය යලි ලබාගත හැකියි.


25)QRM

1%252520QRM.png

මෙය කුඩා portable වැඩසටහනක්. 23 හි සදහන් කළ වැඩසටහනට වඩා සරළ එකක් මෙය රන් කළ පමණින්ම restore point එකක් ජෙනරේට් වෙනවා.


26)RegOwnit

RegOwnit.png

වින්ඩෝස් රෙජිස්ට්‍රි කීස් එඩිට් කරන විට අපට බොහෝ විට දකින්නට ලැබෙන මැසේ ජ් එකක් තමා "Error Creating Key – Cannot create key: You do not have the requisite permission to create a new key" බොහෝවිට පරිගණකය අලංකාර කරගන්න තීම්ස් ඉන්ස්ටෝල් කරනා විටත් මෙය දකින්නට ලැබෙනවා. බොහෝ අය එතනින් එහාට යන්නට උත්සහා කර අවසානයේ අසාර්ථක වූ අවස්ථාවල තීම් එක දැමීම නවතා දමනවා. මීට අමතරව රෙජිස්ට්‍රි Access Errors, රීනේම් කිරීම් මෙන්ම ඩිලීට් කිරීම් වලදීද මෙවැනිම ප්‍රශ්ණ ඇතිවීම වලක්වා ගන්න ගොඩක් අය දන්නේ නැහැ. සාමාන්‍ය යෙන් ඒ ප්‍රශ්ණයට යොදන පිළියමට වඩා පහසුවෙන් ක්ලික්ස් දෙක තුනකින් සියළු රයිට්ස් ලබාගන්නට හැකියාව ලබාදෙන වැඩසටහනකි RegOwnit යනු.

27)Right-Click Extender

my%252520computer%252520only.png

මෙම වැඩසටහන මගින් පරිගණකයේ රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනූවලට ඉතා ප්‍රයෝජනවත් ඔප්ෂන්ස් ඇඩ් කරගත හැකියි ! මෙහි,
all%252520menus.png
ෆෝල්ඩරයන් හි රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුව සදහා වෙනමත්,
හාඩ් ඩ්‍රයිව්ස්, ඩිවීඩී රොම්ස්, රිමූවබල් මීඩියාස් ආදියට අදාල රයිට් ක්ලික් මෙනූ එක සදහා වෙනමත්,
මයි කම්පියුටර් රයිට් ක්ලික් මෙනූ එක සදහා වෙන වෙනමත් මෙන්ම,
ඩෙස්ක්ටොප් රයිට් ක්ලික් මෙනුව සදහා වෙනමමත්,

අළුත් දෑ ඇතුලු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ පහත ස්ක්‍රීන් ෂොට් බැලූ විට ඔබට මෙය කෙතරම් ප්‍රයෝජනවත් වෙනවාදැයි වටහාගත හැකි වනු ඇති. එහි වර්ණ ගන්වා ඇත්තේ මෙම වැඩසටහන මගින් මම මගේ පරිගණකයේ නිර්මාණය කරගත් ඒවාය.

1%252520Right%252520Click%252520Folder.png
2%252520Right%252520Click%252520Desktop.png
3%252520Hard%252520Drive%252520.png
4%252520My%252520Computer%252520.png

එමෙන්ම මෙම වැඩසටහන භාවිත කර අළුත් අළුත් දේ මෙනූ එකට එක් කරගැනීම ඉතා සරළය කළ යුත්තේ අවශ්‍ය ටික සිලෙක්ට් කර ඇප්ලයි ක්ලික් කිරීම පමණි. පසුව ඉවත් කිරීමට අවශ්‍ය වූවහොත් ඒ සදහා කළයුත්තේ නැවතත් ප්‍රෝග්‍රෑම් එක ඕපන් කර සියල්ල Check boxes සියල්ල uncheck කර ඇප්ලයි කිරීම පමණි. එමෙන්ම මෙනූ එක දිග වීම ගැන ඔබ අකමැතිනම් Shift බට්න් එක ඔබාගෙනම රයිට් ක්ලික් කරනා විට පමණක් දර්ශණය වන පරිදි නිර්මාණය කරගත හැක උදාහරණයක් කියතොත් එය අප කාටත් හුරු ෂිෆ්ට් ඔගෙන ඩිලීට් තේරීම වැනිම කාරණයකි. එනම් ෂිෆ්ට් එබූ විට පමණක් ඒවා දෘෂ්‍යමාන වේ.


28)Right Click Replace This

1%252520RcRt.png
2%252520RcRt.png

මෙම වැඩසටහන ස්ථාපිත කිරීමෙන් ෆයිල්ස් Replace කිරීම පහසුවෙන් කළ හැකියි වැඩසටහන ස්ථාපිත කිරීමෙන් පසු Replace කිරීමට අවශ්‍ය ඔබ්ජෙක්ට් එක වෙත යන්න ඉන් පසු එහි රයිට් ක්ලික් කළ විට අළුත් තේරීම් දෙකක් දක්නට ලැබෙනු ඇත එයින් ඔබගේ අවශ්‍යතාවය ඉටුකරගත හැකිය.


29)RightClick Restart Explorer

1%252520RCER.png
2%252520highlight.png

හදීසියේ පරිගණකයේ වේගය අඩාලවූ විට සහ ස්ටක් වූ විට මෙන්ම රෙස්පෝන්ඩ් නොකර සිටින අවස්ථාවලදී Explorer රීස්ටාර්ට් කිරීමෙන් ඒ තත්ත්වය මගහරවා ගැනීම අපි කාටත් සුපුරුදු දෙයක්. මේ වැඩසටහන මගින් රයිට් ක්ලික් මෙනූ එකට එක්ස්ප්ලෝරා රීස්ටාර්ට් කිරීම සදහා තේරීමක් ඇතුල් කර දෙනු ලබනවා. මේ මගින් රීෆ්රෙෂ් කිරීම තරමටම එය සරළ කරදෙනු ලබනවා.


30)Show Desktop Remover

1%252520Program.png

2.png
3.png

ටාස්ක් බාර් එකේ දක්නට ලැබෙන Show Desktop බට්න් එක සමහර අයට අනවශ්‍ය වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට Cursor එක ඉබේම එය මතට යන නිසා. බොහෝ වෙලාවට ලැප්ටොප් එකකින් ටයිපින් කරන වෙලාවට මේ ප්‍රශ්ණෙට මුහුණ දෙන්න වෙනවා. ලියපු එක දිහා බලාගෙන ටයිප් කරලා බලද්දි Cursor එක ඉබේම බට්න් එක උඩට ගිහින් ! ටයිප් කරලා තියෙන්නේ වෙන කොහේද :growl: එවැනි ප්‍රශ්ණ ඔබටත් තියෙනවා නම් ඔබට මෙය ඉවත් කරන්නට අවශ්‍ය නම් මේ මගින් එය ඔබට රිමූව් කර දෙනවා.


31)System Folders Customizer

3.jpg

මෙය මගින් ඉතා වැදගත් Internet Explorer ඇතුලු තවත් වැදගත් සිස්ටම් ෆෝල්ඩර් සහ කන්ට්‍රොල් පෙනල් ඇතුලත ඇති දේ ඔබේ කම්පියුටර් ෆෝල්ඩරයට නැතිනම් Computer folder එකට Libraries එකට වගේම Desktop ඇතුල් කර දෙනවා !

%25257E1.png

සිතන්න අපට ඇතුල් වීමට අවශ්‍ය බොහොමයක් ඇප්ලිකේෂන් වෙත යාමට කී වාරයක් ක්ලික් කළ යුතුයිද කියා මේ ටූල් එක යූස් කළායින් පසුව ඒවා Computer folder එකට Librariesවලට වගේ තැන්වලට දමා දෙනු ලබනවා.

1%252520System%252520Folders%252520Customizer.jpg
2.jpg

එයින් පසුව ඒවාට පිවිසීමට පෙර තරම් කරදරයක් නැහැ !



32)Taskbar Color Effects

Taskbar%252520Color%252520Effects.png

මේ මගින් ටාස්ක්බාර් එක වර්ණ ගන්වන්න පුළුවනි අපට කැමති විදිහට ඕනෑ නම් Custom Color එකක් ටාස්ක්බාර් එක පමණක් වර්ණ ගන්වන්නට යොදාගන්නට පුළුවනි. ඒ විතරක් නෙවෙයි ටාස්ක්බාර් එකේ සෙවනැල්ල පවා වැඩි කරන්න අඩු කරන්න පුළුවන්, තවත් දෙයක් ! ඔබට ඕනෑ පින්තූරයක් දාන්න පුළුවනි ටාස්ක් බාර් එකට !!!



33)Taskbar Shadow


2.gif

මේ මගින් ටාස්ක්බාර් එකේ සෙවනැල්ල අඩු වැඩි කරන්න පුළුවන් ඔබට අවශ්‍ය විදිහට මුලින්ම ප්‍රෝගෑම් එක රන් කරන්න. ඉන් පස්සේ සෙවනැල්ල දකින්නට ලැබේවි. ඉන් අනතුරුව එම සෙවනැල්ල මත රයිට් ක්ලික් කරන්න එවිට තේරීම් දෙකක් දක්නට ලැබෙනවා

1.png
2.png

Exit & Opacity එයින් Opacity තෝරන්න ඉන් පසු ඔබට අවශ්‍ය අන්දමට සියල්ල සකසාගන්නට පුළුවනි


34)Taskbar Thumbnail Tweaker

1%252520Taskbar%252520Thumbinail%252520Tweaker%252520.png

මේ මගින් වින්ඩෝස් සෙවන්හි Thumbnail Preview එක චේන්ජ් කරන්නට පුළුවනි. පලමුවැන්න තමා එහි ප්‍රමාණය වෙනස් කිරීම, මේ පහත ඇති ස්ක්‍රීන්ෂොට් දෙස බලන්න. එහි හරියටම නියම ප්‍රමාණය මෙන් Thumbnail Preview එක වැඩි කළායින් පසු දිස්වුන ආකාරය දැක්වෙනවා නියම ප්‍රමාණය පික්සෙල් 250ක් වන අතර එය 500 දක්වා වැඩිකළ පසු ලැබුණු ප්‍රතිඵලය මෙයයි.

2%252520%252520Taskbar%252520Thumbinail%252520Tweaker%252520.png

ඔබේ කැමැත්ත මත ඕනෑම ප්‍රමාණයක් වැඩි කිරීමට මෙන්ම අඩුකිරීමටද මෙමගින් හැකියාව ලැබේ. එපමණක්ද නොව මෙමගින් Thumbnail Preview එක දිස්වීමට ගතවන කාලය අඩු ms වූවත් එයද අඩුවැඩි කළ හැකියි ! වින්ඩෝස්හි එන මෙම පහසුකම ඔබට අනවශ්‍ය නම් එය අක්‍රිය කිරීමටත් අවශ්‍ය නම් Text Only වශයෙන්ද සැකසිය හැකියි.

35)Taskbow

1.jpg
4.jpg


6.jpg

මේ වැඩසටහන අපූරු වැඩසටහනක්. මේය මගින් ටාස්ක්බාර් එක ඉතා ලස්සනට තබාගන්නට පුළුවනි.

2.jpg

වැඩසටහන මගින් ඉතා දැකුම්කළු නිමාවක් ටාස්ක්බාර් එකට ලබා දෙනවා.

3.jpg

මෙය ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය නැහැ පෝර්ටබල් ඇප්ලිකේෂන් එකක් විදිහටයි නිමවා තිබෙන්නේ.


36)Ultimate Windows Tweaker


මෙහි අඩංගු සියළු දේ ඉහත ලෙසට වෙන වෙනම විස්තර කිරීමට නම් ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වගේම ඉතා විශාල කාලයක් වැය කරන්නට සිදුවෙනවා. ඇත්තෙන්ම මා බොහෝ විට පලකළ ලිපිවල වෙනත් අයෙකුටනම් ලිපි පහලොවක් විස්සක් දැමිය හැකි තරමේ තොරතුරු අඩංගුයි. මට කාල වේලාව අඩුකම නිසා සහ කියවන්නාගේ පහසුව තකා සියල්ල කැටිකර දැමීම සිදු කරන්නේ අන් කරුණ නම් අධික අක්ෂර ප්‍රමාණයක් පළ කළ පසු එය සර්වරයෙන් මැකී යාමයි. මා කලින් පල කළ ලිපියේ අක්ෂර පණස්පන්දහසේ මුල් කොටසක් එයින් අහිමිව ගියා. එහෙයින් මෙය පිළිඹදව ලිවීමට ගතහොත් තවත් බොහෝ ප්‍රමාණයකින් අක්ෂර වැඩි වීම බිය ඇති කරවන කරුණක්. ඒ නිසා මෙහි අඩංගු දෑ මේ ආකාරයට දක්වන්නට කැමතියි.


මෙය ඉතා වැදගත් ප්‍රයෝජනවත් වැඩසටහනක් මෙයින් ඔබට වින්ඩෝස් හි අංශ විශාල ගණනක් වෙනස් කළ හැකියි.


37)Windows 7 Folder Background Changer

1.png
%25257E1.png

මේ මගින් වින්ඩෝස් සෙවන්හි ඔබට අවශ්‍ය ෆෝල්ඩර්වල පසුබිමට ඔබට ඕනෑම *.jpg;*.png;*.gif යන ඉමේජ් ඇඩ් කරන්නට පුළුවනි. එපමණක් නොවේ පසුබිමට ගැලපෙන පරිදි එය තුල ඇති ඔබ්ජෙක්ට්ස්වල නේම්ස්වල පාට වෙනස් කරන්නත් පුළුවනි. එපමණක් නොවෙයි ටෙක්ස්ට් එකට යටින් සෙවනැල්ලක් පවා ඇඩ් කරන්නට පුළුවන්. ඔබට එකවර උප ෆොල්ඩර සියල්ලටම එම පින්තූරයම ඇඩ් කරන්නට ඕනෑ නම් එකින් එක වෙනස් කරන්නට අවශ්‍ය නැහැ එකවර කරන්නට විධානය ලබාදෙන්නට වුනත් පුළුවන්.


38)Windows 7 Start Orb loader

2%252520Programs.png


ඔබ කවදාවත් හිතුවද වින්ඩෝස් සෙවන්හි ස්ටාර්ට් බට්න් එක චෙන්ජ් කරන්න. බොහෝ අය දෙන උත්තරය නැහැ වෙන්න ඕනි. Rshacker යූස් කරලා අපි වින්ඩෝස් එක්ස්පීවලදී අපි ස්ටාර්ට් බට්න් එකේ ටෙක්ස්ට් එකේ යම් වෙනස් කම් සිදු කරා. අද මේ කියන ක්‍රමයට අනුව අපට පුළුවනි වින්ඩෝස් සෙවන්හි එන සුපුරුදු ස්ටාර්ට් බට්න් එක වෙනත් එකකට චේන්ජ් කරගන්න. මේ සදහා ප්‍රෝග්‍රෑම්ස් දෙකක් මා සතුව තිබෙනවා. එහෙත් ඉන් එකක් පිළිඹද යම් ගැටළුසහගත තත්ත්වයක් ඇතිවුන නිසා එක වැඩසටහන් පමණක් බෙදාගන්න තීරණය කළා. කළ යුත්තේ වැඩසටහන රන් කර අළුත් ඉමේජ් එක සිලෙක්ට් කිරීම පමණයි.

1.png
After.gif

ඔබට සුළු ෆොටෝෂොප් දැනුමක් තිබේනම් තමන්ගේම පින්තූරයක් නිර්මාණය කරගන්නට පුළුවන්, එසේ නොමැති වුවත් දුක්විය යුතු නැහැ. දැන් මෙම වැඩසටහන් අන්තර්ජාලයේ ජනප්‍රිය නිසා ඕනෑ තරම් අළුත් ස්ටාර්ට් බට්න්ස් ඔබට ගූගල් කර සොයාගත හැකියි. ඊට අමතරව මාවිසින් එකතු කළ ඒවා පණහක් පමණ මෙයත් සමගම ඔබට ලැබෙනවා ඒ නිසා එතනින් ඉමේජ් ලබාගන්නට හැකියි.


39)Windows 7 Taskbar Thumbnail Customizer

1.png


මෙය පෙර දැක්වුනු Taskbar Thumbnail Tweaker එකට සමානයි. එමෙන්ම ඊට වඩා පහසුකම්වලින් සමන්විතයි.


40)Windows 8 Clock

1%252520Windows%2525208%252520Clock.png

මෙහි ඇත්තේ වින්ඩෝස් 8 හි ජනප්‍රිය ඔරලෝසුවයි.

2%252520Windows%2525208%252520Clock.png

මෙය වින්ඩෝස් සෙවන් සදහා වූ Screen Saver එකක් භාවිතය වටහාගන්නට පහසුයි. එමෙන්ම සරළයි.


41)Windows Access Panel

1%252520Windows%252520Access%252520Panel.gif

පරිගණකයේ සියළු වැදගත් අංශවලට එකම තැනකින් ඇතුල් වීමට මෙමගින් හැකියාව ලබා දෙනවා


42)Windows Logon Notifier

2%252520WLN.png

මේකෙන් ඔයාට පුළුවනි ඊලග වතාවේ Logon වෙනකොට notification එකක් කරන්න. ඔබට මතක් කරගන්න ඕනි ඕනෑ දෙයක් මේ මගින් මතක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ගෙදර නැති දවස්වලට පරිගණකය ඔන් කරන අයට මැසේජ් එකක් තියන්නත් පුළුවං ! :P නැවත පණිවුඩය ඉවත් කිරීම සදහා වැඩසටහන රන් කර Remove විධානය දෙන්න.
 
Last edited:
  • Like
Reactions: chamaz

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
43)Windows Media Player 12 Taskbar Toolbar

වින්ඩෝස් එක්ස්පී යූස් කරලා තියෙන අය මේ ගැන දන්නවා ඇති. ඒත් මේක වින්ඩෝස් සෙවන්වල නැහැ. ඒක වින්ඩෝස් සෙවන් සදහා ලබාගන්නේ කොහොමද කියන එක මේකෙන් කියාදෙන්න හිතුවා මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්තු සොෆ්ට්වෙයාර්ස් කලෙක්ෂන් එකෙන් wmpband.dll කියන application extension හොයාගන්න.

1.png


ඉන්පස්සේ ඒක කොපි කරගන්න

2.png

ඉන් පස්සේ යන්න ප්‍රෝග්‍රෑම් ෆයිල්ස්වල තියෙන වින්ඩෝස් මීඩියා ප්ලේයර් ෆොල්ඩරයට සාමාන්‍යෙයන් පාත් එක වෙන්නේ (C:\Program Files\Windows Media Player) මේ ෆෝල්ඩරයට ගිහින් අර ෆයිල් එක කොපි කරන්න. දැන් වැඩේ බාගයක් ඉවරයි

3.png

දැන් යන්න ස්ටාර්ට් එකට එතන සර්ච් බොක්ස් එකෙන් services.msc එක ලබා ගන්න එහෙමත් නැත්නම් රන් ලබාගෙන ඒකේ services.msc දීලා ලබාගන්න පුළුවනි.


4.png

දැන් කරන්න තියෙන්නේ ඒකේ Windows Media Player Network sharing සර්විස් එක හොයාගන්න එක, ඒක හොයාගත්තායින් පස්සේ සර්විස් එක ස්ටාර්ට් වෙලා නම් තියෙන්නේ ඒක ස්ටොප් කරන්න (Right Click -> Stop)

5.png

දැන් ඒක ක්ලෝස් කරලා ආයිත් එන්න ස්ටාර්ට් මෙනූ එකට එතන සර්ච් බොක්ස් එකේ ටයිප් කරන්න command කියලා එතකොට ඇප්ලිකේෂන් එක පෙන්වනවා. එතනින් ඇප්ලිකේෂන් එකට රයිට් ක්ලික් කරලා Run as administrator දෙන්න

6.png

ඉන් පස්සේ මේ කමාන්ඩ් එක දෙන්න regsvr32 "c:\Program Files\Windows Media Player\wmpband.dll" සරලව කියනවා නම් කිසිම වෙනසක් නොකර මේ වචන ටික එතනට කොපි කරලා Enter කරන්න.

7.png

තප්පර දෙක තුනක් ගියාම මේ මැසේජ් එක ඒවි. එතකොට වැඩේ අවසන්.

8.png

දැන් මීඩියා ප්ලේයර් එක් ඕපන් කරලා Minimize කරන්න ඉන්පස්සේ ටාස්ක් බාර් එකට රයිට් ක්ලික් කරලා Toolbars යන්න. එතකොට දකින්න ලැබේවි වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියලා බටන් එක ඒක ක්ලික් කරන්න.

9.png

එතකොට මේ මැසේජ් එක එනවා කියන දේ යම් තරමකට ඇත්ත.

10.png

කොහොම උනත් ඒකට yes දුන්නාම අපිට නැවතත් wmptoolbar එක ලබාගන්න පුළුවනි.


44)Windows Media Player Library Background

1.png

හැමදාම දැකලා පුරුදු මීඩියා ප්ලේයර් එකට වෙනසක් කරන්න කැමතිද ? අපූරු අත්දැකීමක් වේවි මේක. WMP Library Background එක චේන්ජ් කරන්න තව මෙතඩ් එකකුත් තියෙනවා ඒකට රෙජිස්ට්‍රියෙ රවුම් ගහන්න ඕනි. ඒකට වඩා මේක ලේසියි. කරන්න තියෙන්නේ මීඩියා ප්ලේයර් එක රන් වෙනවා නම් ඒක ක්ලෝස් කරලා ටූල් එක ඕපන් කරන එක ඉන් පස්සේ අවශ්‍ය පික් එක තෝරගන්න. ඇප්ලයි කරන්න. එච්චරයි !

2.png

හරිම සිම්පල් ප්ලෑන් එකක් :P දැන් wmp ස්ටාර්ට් කරලා බලන්න.


45)Hide system tray

1.gif

මේකෙන් කරන්නේ ඔයාට ඕනි නම් system tray එක හංගන එක කරන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරලා ඇක්ටිව් කිරීම පමණයි.


46) දැං මේ සේරම වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට අවශ්‍ය වෙනවා Internet Download Manager මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් ගොඩක් අය ඒක නොමිලයේ ලබාගන්න විදිහ දන්නේ නැහැ. මේ තියෙන්නේ මම IDM නොමිලයේ අරගන්න විදිහ කියා දෙන්න ඔයාලා වෙනුවෙන් හදපු වීඩියෝ එකක්


ඒක හැදුවේ වෙන ත්‍රෙඩ් එකක් වෙනුවෙන් වුනත් අදම දෙන්න හිතුවා ඒක බලලා IDM නොමිලයේ අරගන්න විදිහ දැනගන්න පුළුවනි. ඒ වගේම මේ තියෙන්නේ මගේ යූටියුබ් චැනල් එක. මගේ වීඩියෝස් ඔබට උපකාරී උනා නම් ඒවාට කැමති නම් Subscribe කරන්නත් අමතක කරන්න එපා. :)


--------------------------------------


ඉතින් මේ ඔයා ඇවිත් ඉන්නේ ලිපියේ අවසානයටයි. මෙහි සදහන් KidLogger වැඩසටහන හැරුණුකොට අන්සියළුම ටූල්ස් අඩංගු මීඩියාෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් එක මෙන්න, Download.MediaFire කියෙව්වාට ස්තූතියි ! ලිපිය ප්‍රයෝජනවත් වුනා කියලා හිතනවා නම් අනික් අයටත් දකින්න බම්ප් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. :) මගේ අනෙකුත් ත්‍රෙඩ් සියල්ලත් පරික්ෂාකර බලන්න කියලත් කියන්න කැමතියි


picture.php

This is my own work and I own copyright ;)
© The Windows Club ; In to Windows ; Eline M.S


* Whatever I publish in ElaKiri You may copy and use them for your own works but ONLY IF YOU GIVE ME CREDIT *
 
Last edited:

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
okkoma dagathama ! win7 ON wenne ne !

මම මේ සේරම ට්‍රයි කරා කිසිම අවුලක් වුනේ නෑ :no: මේ සොෆ්ට්වෙයාර්ස් පබ්ලිෂ් කරපු සයිට්ස් සේරම මයික්‍රොසොෆ්ට් සයිට් එකේ පවා දාලා තියෙනවා :yes::D

http://windows.microsoft.com/en-US/windows/help/community/more-communities

අනෙක කිසිම බයක් වෙන්න ඕනා නැහැ හේතුව System Restore point එක යූස් කරලා ආයි සේරම රෝල් බැක් කරන්න පුළුවං වෙනස්කම්වලට අකමැතිනම්

picture.php
 
Last edited:
  • Like
Reactions: Iron Monger

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔයා මට මේක විතරක් කියනවද?:rofl::rofl: මේ THREAD එක හදන්න ඔයාට කොච්චර වෙලා ගියාද අම්මපා මන් අහන්නෙ..:angry::angry::angry:
    අම්මො..Thread එක ගැනනම් කතකරල වැඩක් නෑ..සුපිරි..:baffled::baffled: PERFECT..99%...:):);)

    ඒවුනාට මමනම් මේවගෙන් ඔක්කොම වගෙ USE කරල බලල තියෙනවා..:sorry::sorry::yes::yes:

    මේවගේ මහන්සියකට රෙප් දෙන්නතුව වෙන මොනාට දෙන්නද අනේ..!!:love::love::love:;);)

    REP 3+++
     
    • Like
    Reactions: Eline M.S

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    නියමයි ආආ‍ :):)
    ගොඩක් මහන්සිවෙලා තියෙනවා කියල පෙන්වා
    ඔහොම යාන්
     
    • Like
    Reactions: Eline M.S

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    ඔයා මට මේක විතරක් කියනවද?:rofl::rofl: මේ THREAD එක හදන්න ඔයාට කොච්චර වෙලා ගියාද අම්මපා මන් අහන්නෙ..:angry::angry::angry:
    අම්මො..Thread එක ගැනනම් කතකරල වැඩක් නෑ..සුපිරි..:baffled::baffled: PERFECT..99%...:):);)


    ඒවුනාට මමනම් මේවගෙන් ඔක්කොම වගෙ USE කරල බලල තියෙනවා..:sorry::sorry::yes::yes:

    මේවගේ මහන්සියකට රෙප් දෙන්නතුව වෙන මොනාට දෙන්නද අනේ..!!:love::love::love:;);)

    REP 3+++

    :D:)

    ♥-Aurora-♥;10872160 said:


    elane bonga

    thnx.... wena wenama soft tka ul kranam wadat hodai!

    wena wenama up karama premium accounts nathi ayata download karanna giyama epa wenawa ne ethakota ee aya down nokara yanna yanawa :sorry:

    wow, great work !!!
    tfs:P

    :)
    lassanata thread eka karala thiyanawa oya.
    mama kiyewwe na mac nisa..
    ela ela :D
    :)
    okkoma dagathama ! win7 ON wenne ne !

    ela ela.. godak mahansi wela tiyanawa.. :D

    :)



    picture.php