අලුත් ශ්රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්
අලුත් ශ්රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්වය අගයනවා
ජනපති සුබපැතුම් පිරිනමයි
සාමය සහෝදරත්වය සහිත අලුත් ශ්රී ලංකාවක් ගොඩනැඟීමට පියවර තබන විට ඒ සඳහා මුස්ලිම් ප්රජාව ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ශුද්ධ කුරාණයේත්, මුහම්මද් නබි නායකතුමන්ගේත් ඉගැන්වීම් අනුව යන මුස්ලිම් ජනතාව එකමුතුකමින් පිරුණු රටක් හා සමෘද්ධිමත් ජන ජීවිතයක් ගත කිරීමට පෙළ ගැසිය යුතුව ඇතැයිද ඒ මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් නිකුත් කැර ඇති සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆීතර් උත්සවයට සුබ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්තව ය. ඉස්ලාම් දහමේ ඇති පූජනීය මාසයේ සාම්ප්රදායික උපවාසය සහ ආගමික චාරිත්ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆීතර් ය. මේ ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්රීතියෙනි. ශුද්ධ වූ කුරාණයේ සහ මුහම්මද් නබි නායකතුමාගේ ඉගැන්වීම්වලට අනුව මුස්ලිම් බැතිමතුන් මේ සමය ගත කරන්නේ දැඩි ආගමික පිළිවෙත් පුරමිනි.
ශ්රී ලංකාවේ දිගු ඉතිහාසය දෙස බැලීමේදී මුස්ලිම් ප්රජාව සියලු ජාතිකයන් සහ ආගමිකයන් සමඟ දැඩි සහෝදරත්වයෙන් ජීවත් වූ බව අපි දනිමු. ඒ සඳහා ඔවුන් ඉස්ලාමීය දහමේ මඟ පෙන්වීම ගුරු කොට ගෙන තිබේ. රටේ සංවර්ධනයට සේම රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ඔවුන් ලබා දෙන්නේ විශාල දායකත්වයකි. මේ රටේ මුස්ලිම් ජනතාව උතුරු, නැඟෙනහිර, දකුණ, බටහිර ආදී සියලු පළාත්වල අද නිදහසේ ඊදුල් ෆීතර් උත්සවය සමරති. ඔවුන් ඒ පිළිබඳ මහත් සතුටට පත් වන්නේ උදා කරගත් නිදහස වෙනුවෙන් කළ දැඩි කැපකිරීම් ද සිහිපත් කරමිනි. ඊදුල් ෆීතර් උත්සවය ශ්රී ලංකාවේ සියලු ඉස්ලාමීය බැතිමතුන්ට පී්රතියෙන් සැමරීමට හැකිවේවා! යි මම ප්රාර්ථනා කරමි.