සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට
සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට
ලන්ඩන් සහතිකය ලැබුණ වහා ප්‍රමිති කාර්යාංශයේ ඇස් ඇරෙයි
පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනවා තිබූ තහනම ඊයේ (30) ඉවත් කරනු ලැබීය. ඒ සමඟම ජාතික සමුපකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්තිවලට ද ප්‍රමිති සහතිකය හිමිවී තිබේ.
පසුගිය ජූනි (20) සිට ලකී සමාගමට ප්‍රමිති සහතිකය ලබාදීම ප්‍රමිති ආයතනය විසින් නවතා තිබුණි. ඒ අනුව ජාතික සමුපාකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්ති කොට්ට ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිව මහා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.
සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දෙන ලෙස වෙළඳ අමාත්‍යාංශය ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීම් කළත් එම ආයතනය ඉල්ලීම් නොසලකා හැර තිබුණි. ආනයනය කළ එම සිමෙන්ති ප්‍රමිතියෙන් තොර නොවන බව ද ජාතික සමුපකාර මණ්ඩලය ඔප්පු කර තිබිණි. එහෙත් ප්‍රමිති ආයතනය ඊයේ වන තෙක් එම සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දීමට පියවර ගෙන තිබුණේ නැත.
මේ අතර පාකිස්තානයේ “ලකී” සමාගම එංගලන්තයේ පිළිගත් ප්‍රමිති සහතිකයක් ඔස්සේ ඔවුන්ගේ සිමෙන්ති ප්‍රමිතියෙන් යුක්ත බවට සහතිකයක් ලබාගෙන ඇත. ඒ අනුව එම සහතිකය මෙරට ප්‍රමිති ආයතනය ද පිළිගනිමින් එම සමාගමට යොදා තිබූ තහනම ඉවත් කර තිබේ. දැන් කිසිම හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සිමෙන්ති ලබාගැනීමේ හැකියාව තිබේ.