පෙම්වතියගෙ_සල්ලි_බලේ
තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී
මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී
අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී
කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී
මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ
ඇයයි මම හමු වුයේ තාර පාර මැද අනේ
එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ
එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ
හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා
පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා
මම අල්ලපු ලොකුම අත්ත අත හරින්ට බැරි වුණා
මටත් හොරෙන් මම ඇයගේ සල්ලි වලට යට වුණා
සල්ලිකාර පෙම්වතියක් දෙවියන් මට ගිෆ්ට් කලා
එදින පටන් මම හිටියේ ඇයගෙන් දත ගලවලා
දාහෙ,සීයෙ කොළ ඇය මගේ අතේ මිටේ ගුලි කලා
ඇගේ මුදල් වලට ඉතින් මම තව තව පෙම් කලා
"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"
"අපේ ගෙදර තට්ටු හතයි" කෙල්ල ඉඳන් කියන්නේ
මේව ඇහෙනකොට කෝමද ඔකඳ නොවී සිටින්නේ ?
ඒ කෙල්ලගෙ මල් හිනාව මගෙ හද කුල්මත් කලා
හිඟන්නෙකුව සිටිය මාව රජෙක් බවට පත් කලා
ඇගෙන් ලැබෙන දීමනාව බෝතලේට වෙන් කලා
කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා
තුන් ලොවටම පෙනෙන ලෙසට මම කසාද බඳිනවා
ගලදාරී හෝටලයේ මගේ වෙඩිම ගන්නවා
හනිමුන් එක එංගලන්තෙ ජයටම සෙට් කරනවා
කාණු පල්ලෙ වැතිරීගෙන මමත් හීන මවනවා
සල්ලි කඳක් වුණත් එයා චාම් ලෙසයි ඉඳින්නේ
කාර් බාර් තිබ්බත් බස් එකේ තමයි අදින්නේ
ඇයට උරුම හැම දෙයක්ම මගෙ නමටලු ලියන්නේ
අම්ම අප්ප මට උඩින්ම කැමති බවත් කියන්නේ
කාර් බාර් හෙලිකොප්ටර් මගෙ කෙල්ලට තියනවා
සිගප්පුරුවෙ හන්දියෙ හෝටලයක් තියනවා
ඇයව බැන්ඳ දා මට ඔය සේරම ටික ලැබෙනවා
මම ඉඳගෙන මිතුරන් ළඟ පම්පෝරිය ගහනවා
~(පහල බලන්න)~
තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී
මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී
අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී
කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී
මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ
ඇයයි මම හමු වුයේ තාර පාර මැද අනේ
එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ
එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ
හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා
පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා
මම අල්ලපු ලොකුම අත්ත අත හරින්ට බැරි වුණා
මටත් හොරෙන් මම ඇයගේ සල්ලි වලට යට වුණා
සල්ලිකාර පෙම්වතියක් දෙවියන් මට ගිෆ්ට් කලා
එදින පටන් මම හිටියේ ඇයගෙන් දත ගලවලා
දාහෙ,සීයෙ කොළ ඇය මගේ අතේ මිටේ ගුලි කලා
ඇගේ මුදල් වලට ඉතින් මම තව තව පෙම් කලා
"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"
"අපේ ගෙදර තට්ටු හතයි" කෙල්ල ඉඳන් කියන්නේ
මේව ඇහෙනකොට කෝමද ඔකඳ නොවී සිටින්නේ ?
ඒ කෙල්ලගෙ මල් හිනාව මගෙ හද කුල්මත් කලා
හිඟන්නෙකුව සිටිය මාව රජෙක් බවට පත් කලා
ඇගෙන් ලැබෙන දීමනාව බෝතලේට වෙන් කලා
කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා
තුන් ලොවටම පෙනෙන ලෙසට මම කසාද බඳිනවා
ගලදාරී හෝටලයේ මගේ වෙඩිම ගන්නවා
හනිමුන් එක එංගලන්තෙ ජයටම සෙට් කරනවා
කාණු පල්ලෙ වැතිරීගෙන මමත් හීන මවනවා
සල්ලි කඳක් වුණත් එයා චාම් ලෙසයි ඉඳින්නේ
කාර් බාර් තිබ්බත් බස් එකේ තමයි අදින්නේ
ඇයට උරුම හැම දෙයක්ම මගෙ නමටලු ලියන්නේ
අම්ම අප්ප මට උඩින්ම කැමති බවත් කියන්නේ
කාර් බාර් හෙලිකොප්ටර් මගෙ කෙල්ලට තියනවා
සිගප්පුරුවෙ හන්දියෙ හෝටලයක් තියනවා
ඇයව බැන්ඳ දා මට ඔය සේරම ටික ලැබෙනවා
මම ඉඳගෙන මිතුරන් ළඟ පම්පෝරිය ගහනවා
~(පහල බලන්න)~




