.::: Gamani(ගාමණී) :::.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න අද මම දෙවෙනි සැරේටත් මේ චිත්‍රපටිය බැලුව....සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් එක සැරෙකට වැඩිය බලන්නේ නෑ ඒ ෆිල්ම් එක ගොඩක්ම හිතට වැදුනොත් ඇරෙන්න.... ඒ වගේ මම කීප සැරයක් බලල තියෙන්නේ "Titanic","Ghajini","Main Hoona","Munna Bhai","හිරිපොදවැස්ස","ආසයි මං පියාබන්න","සිකුරු හතේ","සරෝජා","සූරිය අරණ","Border(Hindi)","Dilwale Dhulaniya Le Jayinge",etc ඔන්න ඔය වගේ ෆිල්ම් කීපයක් විතරයි.....සිංහල චිත්‍රපටියක් මේ තරම් ම හිතට වැදිච්ච පලවෙනි වතාව කිව්වත් වැරද්දක් නෑ ....ඉතින් එක නිසා මේ ෆිල්ම් එක ගැන මට දැනුනු විදිය මේ ත්‍රෙඩ් එකෙන් දාන්න හිතුන....


    මාත් මුලින්ම දැක්කේ මේක නම "ගාමිණි" වගේ...ඉතින් මුලින් ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙත් මම කල්පනා කරේ මෙහෙම නමක තියෙන ගැලපීම මොකක්ද කියල ෆිල්ම් එකේ තියෙන ස්ටෝරි එකත් එක්ක...ඔහොම ඉන්නකොට පත්තරේ තිබ්බ ලිපියකින් තමයි දැක්කේ මේක "ගාමණී" කියල...ගාමණී කියන වචනේ හැදිලා තියෙන්නේ "ගාම"+"නි" එකතු වෙලා...ඒ කියන්නේ ඉස්සර කාලේ අපේ රටේ ගම් වල හිටපු නියමුවන් ව හඳුන්වපු නමක් කියල තමි ඒ ලිපියේ තිබ්බේ....ඊට පස්සේ තමයි මේ නම ෆිල්ම් එකට කොච්චර ගැලපෙනවද කියල මට තේරුම ගියේ.....

    මෑත කාලයේ ලංකාවේ හැදිච්ච් ෆිල්ම්ස් අසාර්ථක වෙන්න හේතුව විදියට මම දකින්නේ ෆිල්ම් එකේ සමබරතාවයක් නැති කම...ඒ ගැන තවදුරටත් විස්තර කරොත් මම අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්....සමහරු ෆිල්ම් හැදුව, ඉන්දියාවේ ගිහින් හොඳම ක්‍රියාදාම සටන් තාක්ෂණ යොදාගෙන එහේම නළු නිළියොත් දාගෙන ඒ විතරක් නෙවෙයි හින්දි ගීතත් එහෙමම යොදාගෙන...ඉතින් අපිත් හිතුව ලස්සන ෆිල්ම් එකක් බලන්න ලැබෙයි කියල...අන්තිමේදී ෆිල්ම් එක බලන්න ගියාම එකේ ක්‍රියාදාම සටන් දැක්කම හිනා යනවා....හිනා යන්න කරන ජෝක්ස් දැක්කම මල පනිනවා...මොකක්ද එකට හේතුව...එක තමයි එකේ කිසිම දෙයක සමබරතාවයක් නැති කම...ජෝක්ස් වල කිසිම ලිමිට් එකක් නැති නිසා ඒවා මෝඩ ජෝක්ස් වෙලා...ක්‍රියාදාම වැඩියෙන් පෙන්නන ගිහින් එකත අනාගෙන....ඒ අතින් බැලුවම ගාමණී ෆිල්ම් එකේ මම දකින සුවිශේෂත්වය තමයි හැම අංශයකින්ම සමබර වෙලා තිබීම....මම මුලින් ගියේ මගේ යාලුවෙක් එක්ක මේක බලන්න... ඒ යද්දී මම හිතුව මේකේ නමත් එක්කයි අපේ රටේ හැදිච්ච් ෆිල්ම් එක්කයි බැලුවම මේක හෙන සම්බාව්‍ය නිදිමත ෆිල්ම් එකක් වෙන්න ඇති කියල....ඒත් චිත්‍රපටිය බලාගෙන යද්දී චිත්‍රපටියේ ගලා යාමේ ලස්සන නිසාම කිසිම කම්මැලි කමකින් තොරව චිත්‍රපටය රස විදින්න පුළුවන් උනා...

    මේ චිත්‍රපටිය ත්‍රාසය,දුක,සතුට,ආදරය,වෛරය,සිනහව,ක්‍රියාදාම ආදී සියලුම අංග වලින් පිරිච්ච ෆිල්ම් එකක්....මුලින්ම නරබන්නන් ව භීතියට පත් කරමින් ත්‍රස්‌තවාදයේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය වෙනවා ඊට පස්සේ ටිකෙන් ටික අපේම මිනිස්සු යුද්දය පවතී සමයේ විඳපු දුක් ගැහැට ගැන වඩාත් හොදින් ඉස්මතු කරනවා එට පස්සේ ටිකෙන් ටික අපේ සිතට ඇතුල් වෙච්ච දුක තුරන් කරල සිනහව මුවගට කැන්දා ගෙන එමින් සියලුම අංශ වල සමබරතාවය රැකගැනීමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා ...

    මම මේ චිත්‍රපටයේ දකින තවත් සුවිශේෂී දෙයක් තමයි පොඩි චරිතයකට පවා අපේ රටේ සිටින ප්‍රවීනම නළු නිලියන් යොදාගෙන තිබීම...ඒක නිසා චිත්‍රපටය වඩාත් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමට හැකි වෙලා තියෙනවා....ඒ වගේම ක්‍රියාදාම සටන් ජවනිකා පවා අපේ කලින් හැදුනු චිත්‍රපට හැම එකකටම වඩා ඉදිරියෙන් තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්....

    මේ චිත්‍රපටය ගැන තව එක දෙයක් කිව යුතුමයි....සමහර ලංකවේ මෑතකදී හදපු ෆිල්ම් කොච්චර සිත ඇදගන්නනා සුළු උනත් අන්තිමේදී අපේ කටින් කියවෙන්නේ "අපෝ මේක අහවල් හින්දි ෆිල්ම් එකේ කොපියක් නේ" කියලයි....ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපේ රටේ අපේම මිනිස්සු ඇත්තටම ලබපු අත්දැකීමක් ගැන අපි විසින්ම නිර්මාණය කල අපේම නිර්මාණයක් එක නිසා ෆිල්ම් එක බලල ගිහින් අනිත් අයට කියන්න පුළුවන් "කාලෙකට පස්සේ අපේ රටේ හැදිච්ච ලස්සනම චිත්‍රපටියක්" කියල......

    (මම මේ ගැන දැම්මේ මේ චිත්‍රපටිය බලල මගේ හිතට එක දැනුනු විදිය ඔය ගොල්ලෝ එක්ක බෙදාගෙන ඔයාලගේ අදහසුත් දැනගැනීමේ අරමුණින් විතරයි...කිසිම කඩේ යාමක් නම් නැ කාටවත්...මේ වගේ ෆිල්ම් ගැන අපේ අයව දැනුවත් කරන්න ඕනි...මොකද මෙලෝ රහක් නැති පිස්සු ෆිල්ම් වලට ඉන්න සෙනග මේ වගේ වැදගත් ෆිල්ම් එකක් ආවම නෑ...ඒ වගේම තමයි මේ වගේ ලස්සන ෆිල්ම් බලන්න කැමති අය මේ ගැන වැඩිය දන්නේ නෑ මේක වැඩිය ප්‍රොමෝට් උනේ නැති නිසා...ඉතින් ඒ අයට මේ ගැන කියන්නත් පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.....)

    මේ ෆිල්ම් එක ගැන ඔයාලට දැනුන විදියත් මේ ත්‍රෙඩ් එකේ දාන්න කියල ඉල්ලීමක් කරමින්ම මම නවතිනවා.....ස්තුති!!!









    Movie Trailers in Youtube
    -------------------------------------------------------------------





     
    Last edited:

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සිරාවට මචන් කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එක . එක වෙලාවකට හිනා කාලා මැරෙනවා . තව වෙලාවකට පට්ට දුකයී . එල ++ රෙප්
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සිරාවට මචන් කාලෙකින් බලපු සිරාම ෆිල්ම් එක . එක වෙලාවකට හිනා කාලා මැරෙනවා . තව වෙලාවකට පට්ට දුකයී . එල ++ රෙප්

    hariyata hari machan...mama kiwwe me film eka balapu hama kenekma kiwwe me wage thamai....umbath matarin(S.K) neda baluwe mama wage...welawata eke sounds hadala thibbe....nathnum kalin thibba sounds walin baluwanam film eka epa wenawa.....
     
    මචං මේකේ අර ඉස්සර 'ඩ්ශුම්.. ඩ්ශුම්..'වගේ ගොන් පාට් සටන් නෑ නේ .... ඒ වගේම ගස් වටේ දුවන ගොන් සින්දු එහෙමත් නැද්ද ? ඒවා නැත්නම් බලන්න ගියාට පාඩු නෑ.... මොකද සල්ලි දීල ගොන්පාට් බලන්න බෑ බන්....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෑප්ටන් Jack Sparrow;10977740 said:
    මචං මේකේ අර ඉස්සර 'ඩ්ශුම්.. ඩ්ශුම්..'වගේ ගොන් පාට් සටන් නෑ නේ .... ඒ වගේම ගස් වටේ දුවන ගොන් සින්දු එහෙමත් නැද්ද ? ඒවා නැත්නම් බලන්න ගියාට පාඩු නෑ.... මොකද සල්ලි දීල ගොන්පාට් බලන්න බෑ බන්....

    na machan a wage kisima gon part ekak film eke kohewath naa....jokes gaththat moda jokes newei hondata hina wenna puluwan sira jokes....fights gana kiyanna thiyenneth ekama thamai ekai mama kiwwe meke satan jawanika meeta kalin hadichcha films wala ewata wadaa issarahain thiyenawa kiyala....eka movement ekak thiyenawa ara konda kaarayage (TV eke ad eka yaddith pennanawa) eka nam machan lankave film ekaka kawadawath mama dakala naa...eka lesiyen karanna puluwan movemnt ekakut newei....mata pahadiliwama kiyanna puluwan gewapu gaanata wada honda rasawindanayak film eken labenawa kiyala...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ෆිල්ම් එකට පස්සේ බලපු පට්ටම සිංහල ෆිල්ම් එක තමා මේක..ඇහැ පිරෙන්න අඬන්නත් පුළුවන්, බඩ අල්ලන් හිනා වෙන්නත් පුළුවන්. :yes: බලපු නැති අය අදම ගිහින් බලන්න :yes: