මුලින්ම මං නදී කතාවෙ සියළුම පාඨකයින්ගෙන් දහස් වාරයක් සමාව ඉල්ලනවා මේ කොටස මෙච්චරක් පමා වුන එක ගැන.
මගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක කතාව ලියන්න නොහැකියාවත් මතු වුන හින්දයි මං එහෙම කලේ.
ඒ පමාව එහෙම වුනත් අද ඉඳන් කලින් වගේම හැම දෙසතියකටම හෝ සතියකටම වතාවක් නදී කතාවෙ එක කොටසක් බැගින් ඉදිරිපත් කරන්න මං ලෑස්තියි.
කලින් නදීගෙ කතාව සමහර විට ඔයාලට අමතකත් ඇති.
එහෙම නම් ආයෙමත් නදීගෙ කතාව කියවන්න.
ඒ වගේම හැම කොටසක්ම කියවලා ඒ ගැන ඔයාලගෙ අදහස් උදහස් කියන්න.
ඒක නදීගෙ කතාවෙ ඉදිරියට ශක්තියක් හෝ විවේචනයක් හෝ වේවා
ඔයාලගෙ වචන පෙල කතාවෙ ඉදිරි පැවැත්මට වැදගත් සම්බන්ධයක් වේවි.
මෙතෙක් කාලයක් නදී එක්ක හිටියටටත් අදින් පස්සෙ නදිත් එක්ක ඉන්නවටත්
ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි...
{...අද මේ මොහොත වෙනකොට කතාවෙ ප්‍රධාන චරිතෙට අදාල "නදී" මගෙ ලඟ නැහැ...}
{...ඒත් මං කතාව නොලියා ඉන්නෙ නැහැ...}
{...ලියන්න හිතාගෙන හිටිය විදිය වෙනස් වේවි...}
{...අදින් පස්සෙ නදීගෙ කතාවෙ සත්‍ය සිද්ධියේ හරය මේ කතාවට ඇතුලත් වේවි...}
------------------------------------------------------------------------------------------------------------

මං කොහොමද සඳේ එයාලගෙ විස්තර දන්නෙ. මං නදීව දැක්කෙත් අදමයිනෙ. ඉතින් කොහොමද මං එයාල ගැන දන්නෙ. අඩුම ගානෙ මං තවම දන්නෙ නැහැ නදීලගෙ ගෙවල් තියෙන දිහාව වත්. මං දන්නෙ එයා ගියේ යක්කලින් බැහැලා කියලා විතරයි සඳේ.
"නැහැ සඳේ. මං දන්නෙ නැහැ එයාලගෙ අම්මලා ගැන කිසිම දෙයක්." මං ඇත්තම කිව්වා.
"හ්ම්ම්... මෙහෙම කියන්න බැහැ මල්ලි. කාලා නිදා ගන්න ගියාම මං කියන්නම්."
මොන දේ කිව්වත් කමක් නැහැ සඳේ. ඒත් ඔහොම හැම දෙයක්ම කල් දාන්න එපා. මට ඉවසගෙන ඉන්න බැහැ සඳේ. මං කල්පනා කර කර ඉන්න එක නවත්තලා ඉක්මනට කෑම කෑවා. මොන දේ කොහොම වුනත් ඉන්ටනෙට් ලොග් වෙන්නත් ඕනිනෙ. නදී නම් දැන් හා පැට්ටෙක් වගේ හොඳට නිදාගෙන ඇති. උන ගතියකුත් තිබුනනෙ. අද ගොඩක් මහන්සිත් ඇති කෙල්ලට. ඔයා නිදාගෙන ඉන්න හැටි මගෙ දෑස් අග මැවිලා පේනවා නදී.
"උඹ නිදා ගනින් මල්ලි මං පරක්කු උනොත්. පොඩි වොෂ් එකක් දා ගන්න ඕනෙ. මටත් අද උඹ ගියා වගේ ගමනක් හෙට යන්න තියෙනවා."
අයියා හිනා වෙවී කියාගෙන ගියා බාත්රූම් එක පැත්තට. දැන් මට නෙට් ලොග් වෙන්න ඕනෙ සඳේ. මට අද නින්ද යන එකක් නැහැ . අනේ නදී මේ පැය දෙක තුනෙත් මට ඔයාගෙ තුරුලට වෙලා ඉන්න ඉඩක් දෙන්න රත්තරං. මං නදී ගැනම හිතන්න පටන් අරගෙන. මං හීනෙනුත් කියවන්න ගනීවිද දන්නෙ නැහැ මේ විදියට ගියොත් නම්. මං කම්පියුටර් එක ලඟට ගිහින් ඒක ඔන් කර ගත්තා. අයියගෙ එකවුන්ට් එකට පාස්වර්ඩ් දාලා. දැන් ඉතින් ඌ එනකම් ඉන්න වේවිද මන්දා.
නැහැ. හොර වැඩ කරන්න හොඳට ප්‍රගුණ කරලා තිබුන හින්දා මට අයියගෙ එකවුන්ට් එකට ගොඩ වෙලා නෙට් කනෙක්ට් වෙන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෙකමක්
වුනේ නැහැ. නෙට් කනෙක්ට් වෙලා මිනිත්තු දෙක තුනක් යන්නත් කලින් මගෙ මොබයිල් එකට මැසේජ් එකක් ආවා. නදී. "ඔයා එනකම් මං බලාගෙන ඉන්නෙ. ඉක්මනට එන්නකො" දෙයියනේ ඒ කියන්නෙ මේ කෙල්ල තවමත් ඇහැරගෙන. පවු නදී ඔයා. මට මගෙ නදී ගැන ලොකු අනුකම්පාවක් ඇති වුනා. මං ලොකු හදිස්සියකින් ස්කයිප් ලොග් වුනා.
"ඇයි මෙච්ච්ර වෙලා ගියේ...? දොයිය ගත්තද ඔයා අමිල අයියෙ..?"
පවු මේ කෙල්ලට නිදිමත උතුරනවා ඇස් දෙකෙන්. අපිට මෙහෙම කතා කරන්න පුළුවන්ද නදී. අම්මලාට ඇහෙන්නෙ නැද්ද අපි මෙහෙම කතා කරද්දි...
"ඔව් මගෙ පැටියො. ආව ගමන් ඔළුව රිදෙන්න ගත්තා. මං චුට්ටක් රෙස්ට් කරන්න කියලා නිදා ගත්තෙ. ඇහැරෙද්දි නමයත් පහු වෙලා. ඔයා ගොඩක් වෙලාද මං එනකම්..? මෙහෙම කතා කරන්න පුළුවන්ද අපිට නදී...? අම්මිලාට ඇහෙන්නෙ නැද්ද..?"
පවු ඔයා රත්තරං. මං එනකම් මෙච්චර වෙලාවක් පාළුවෙන් ඉන්න ඇතිනෙ. ඔයාට නිදා ගන්න තිබුනෙ නදී. හෙට කතා කරන්න තිබුනනෙ අපිට.
"නැහැ. අම්මිලා දැන් නිදි. අනිත් එක මං ඉන්නෙ උඩ තට්ටුවෙනෙ. ඒ හින්දා අම්මිලාට මාව ඇහෙන්නෙ නැහැ. මමත් දැන් චුට්ටකට කලින් ආවෙ. මමත් නිදා ගත්තා. අම්මි කෑ ගහන්න ගත්තා ඇහැරලා කෑම කන්න කියලා. එතකොටයි ඇහැරුනේ. අපරාදෙ මං ඇහැරියේ..."
"ඇයි අපරාදෙ කියන්නෙ නදී..?" මට හරි ප්‍රශ්නයක්.
"මං ලස්සන හීනයක් බැලුවා අමිල අයියෙ. හරිම ලස්සනයි. අපි දෙන්නා පාක් එකේ ඇවිදින්න ගිය තවත් දවසක්. මං හරිම ආසාවෙන් ඒක බැලුවෙ. අන්තිම මොහොතෙ මං ඔයාගෙන් උම්මා එකක් ගන්න හැදුවෙ. කොහෙද ඉතින් අම්මි ඒක කෑවා. අපරාදෙ නැද්ද ඉතින්..."
පව් කෙල්ලගෙ මූණෙ දුක දෝරෙ ගලනවා. ඔයාට නම් එහෙම දෙයක් වෙලා අම්මි ඇහැරවලා තියෙන්නෙ. ඒත් මාව ඇහැරෙව්වට මං සඳරුවන් අයියට ස්තුති කරන්න ඕනෙ නදී. නැත්නම් මං කොච්චර දුක් වේවිද... ඔයාගෙ හීනෙ නම් දවසක හැබෑ වෙන්න පුළුවන් එකක් නදී. ඒත් අනේ මං දැක්ක හීනෙ නම් ඒ විදියට කෙළවර වෙන්න එපා කියලා මං පතන්නෙ නදී.
"හ්ම්ම්.. අපරාදෙනේ. අම්මි ඒක කෑවට කමක් නැහැ පැංචියෝ. මං ඒ උම්මා එක දෙන්නම් ඔයාට අනිත් දවසෙ ඔයාව වඩාගෙන. එතකම් ඉන්නකො. මමත් ලස්සන හීනයක් දැක්කා නදී. ඒකත් ගොඩක් ලස්සනයි. මට අන්තිමට ඇහැරුනා ඒත්."
මං ඒ කතාව ඔයාට කියන්නම් නදී. මට පුළුවන් විදියට කියන්නම් මං. නැත්නම් ඔයාගෙ හීනෙ බලන්න බැරි වුන එකට ඔයාට දුකයිනෙ. මේක කිව්වම ඔයාට ඒක ගානක් නැති වෙයි. එතකොට අපි දෙන්නටම දැනුනු දුක පොදුයිනෙ නදී.
"අනේ කියන්නකො අමිල අයියෙ. ඔයාගෙ හීනයක් කියන්නෙ මමත් ඉන්නවනෙ ඒ හීනෙ ඇතුලෙ. මං ආසයි අහන් ඉන්න."
"ඔයාට දොයිමත නැද්ද නදී...?"