Google Chrome කෙටි කාලීන ඇද හැලීම් හරිගස්සගන්නේ මෙහෙ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Google Chrome කෙටි කාලීන ඇද හැලීම් හරිගස්සගන්නේ මෙහෙ

    යාලුවනේ මෙන්න මගේ පලවෙනි ත්‍රේඩ් එක.. :yes: :yes: මන් දන්නේ නැති දේවල් ඔයාලගෙන් ඉගෙන ගන්න ආවා වගේම මාත් ඔයාලට යමක් දෙනවා.. ;)

    මුලින්ම මම කතා කරන්න යන්නේ Google Chrome තුල බහුතරයකට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ගැනයි.. :shocked:


    logo.png


    වටිනා කියන ලිපියක්, තොරතුරක්, පුවතක් හො වෙන යම් ඕනෑම දෙයක් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න පුලුවන් බව අපි කවුරුත් දන්නවනේ!! :D ඉතින් ඔහොම කස්ටිය අන්තර්ජාලයේ සැරි සරමින් ඉන්න වෙලාවේ හිටි ගමන් වෙබ් බ්‍රොව්සරය කෙටි කාලීන ඇද වැටීමකට ලක් උනොත් එන කේන්තිය දන්නේ ඒ අවස්ථාවට මුහුන දෙන කෙනා විතරයි..:yes: :yes: මේ සිද්දිය ගොඩක්ම වෙන්නේ Google Chrome නම් වෙබ් බ්‍රොව්සරය තුලයි.​

    මෙමගින් පසු ගිය අවස්ථාවන්හි වෙබ් බ්‍රොව්සරය තුල ගබඩා කරගෙන තිබූ දත්ත වලට මෙන්ම, එවෙලෙහි තාවකාලිකව ගබඩා වෙමින් පැවතුනු දත්ත වලටද හානි විය හැක. ඇතැම් විට ඒවා මැකීයාමටද ඉඩ කඩ ඇත. මේ කරුනු සියල්ලම නිසා මන් අද කියල දෙන්න යන්නේ Google Chrome තුල ඇති වන මෙම දෝශය සාර්ථකව මගහරවා ගන්නේ කොහොමද කියලයි. ඔන්න එහෙනම් වැඩේට බහිමු.. :P


    මෙච්චර වෙලා මම කිව්වේ ඔයාලා කවුරුත් දැකල තියෙන මෙන්න මේ දෝශ පනිවුඩය ගැන තමයි.. :angry: :angry:


    28.png


    මේ සිද්දිය වෙන්නේ අපේ පරිගනකයේ ඇති වන වැඩසටහන් පරස්පර භාවයක්, එසේත් නැතිනම් විසන්වාදකයක් නිසා.දැන් බලනවා ඇති මොකද්ද මේ විසන්වාදකයක් කියන්නෙ කියලා.. :D :D මේකයි ලෝකේ මෙතෙක් එලි දැක් විලා තියෙන ගොඩක් වෙබ් බ්‍රොව්සරයන් තුලින් මෑත කලයේ එලි දැක්වුනු බ්‍රොව්සරයක් තමයි Google Chrome කියන්නේ. ඉතින් ඒ නිසා මේක දැනට නිකුත් වෙලා තියෙන බොහොමයක් තුන්වෙනි පාර්ශවයේ පරිගණක වැඩසටහන් සමග එකට ක්‍රියා කරන්න අපොහොසත් වෙලා තියෙනවා.. :eek: :eek: ඒක තමයි මේ දෝශ සහගත පනිවුඩය ඇති වෙන්න මූලිකම හේතුව.​


    මෙම තුන් වෙනි පාර්ශවයේ පරිඝනක වැඩසටහන් අතුරින් දෝශ පමුනුවන ප්‍රමුඛයන් ලෙස පහත වැඩසටහන් දක්වන්න පුලුවන්.. :baffled:


    1.NVIDIA Network Access Manager and NVIDIA nTune
    2.FolderSize
    3.Safe Eyes Parental Control Software
    4.ContentWatch
    5.Venturi Firewall
    6.Naomi Web Filter
    7.WinMount
    8.Trusteer Rapport
    9.Hide My IP
    10.PPLive
    11.Internet Download Manager
    12.ESET NOD32 Antivirus only 2.7 version
    13.iS3 anti-spyware (STOPzilla)
    14.Microsoft Office XP Input Method Editor
    15.Speedbit Video Accelerator



    ඉතින් අපි කොහොමද මේක හරිගස්සගන්නේ? :yes:

    හරිම පහසුයි..මුලින්ම ඔයාගේ Google Chrome වෙබ් බ්‍රොව්සරයට මෙම දෝශ සහගත පනිවුඩය නිකුත් කිරීමට තුඩු දෙන වැඩසටහන හරියටම මොකද්ද කියල නිශ්චය කරගන්න ඕනේ.. :confused: :confused:

    1. මුලින්ම වෙබ් බ්‍රොව්සෙරය ඕපන් කරලා ඉක්මනින් ඇඩ්‍රෙස් බාර් එකේ "about:conflicts" කියල ටයිප් කරලා 'enter'කරන්න..

    2.ඊට පස්සේ පහත තියෙන රූපයේ තියෙනවා වගේ පිටුවක් එනවා.. එතනින් පැහැදිලිවම කේස් දාන කෑල්ල මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඉතින් දැන් හොරා අල්ල ගත්තට පස්සෙ එක්කො ඒ වැඩසටහන මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කරන්නට ඕනේ, නැතිනම් අක්‍රිය කරන්න ඕන.



    1_thumb.png



    ඒත් ඒ දේ අපි කවුරුත් භාවිතා කරන IDM (Internet Download Manager) වගේ වැඩසටහනකින් මතු කරන දොශයක් නම් එය ඉවත් කිරීම නොකල හැකි බැවින් තවත් පිලියමක් අනුගමනය කරන්න වෙනවා .. :rofl: එහිදී උසස් විමසුම් සන්ඝටනය අක්‍රිය කිරීම තමයි කරන්න ඕනේ වෙන්නේ. ඒ මොකද්ද යකෝ ඒ.. ඒ තමයි අපේ Google Chrome එකේ තියෙන
    "Advanced Browser Integration"
    කියන option එක.
    :yes: :yes:



    1.මෙතෙන්ට යන්න නම් IDMහි downloads තුලින් options වෙතට යන්න..
    2.එතකොට ඔයාට පහලින් තියෙනවා වගේ ඩයලොග් බොක්ස් එකක් ලැබෙයි.


    33.png



    3.එතනින් "Use Advanced Browser Integration"තියෙන තැන හරිය ඉවත් කරලා ok කරන්න..



    ඊට පස්සේ කවදාවත් ක්‍රෝම් අයියා ඔයාලට වද දෙන්නේ නැති වෙයි. :yes: :yes: :yes:

    මගේ පලවෙනි ත්‍රේඩ් එක හොදයි නම් :yes:,ඔයාලට ප්‍රයෝජනවත් උනානම් comment එකකින් වත් පුන්චි දිරි ගැන්වීමක් කරාට මන් නම් තරහ වෙන් නෑ යාලුවනේ.. ;) ;) :)



    xnewxoneppa.jpg


    :love: :love: :love: :love:
    I love u all elakirianZ..!!
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Honda thread ekak

    E wunath oya IDM eke thiyena prashne aluthen awilla thiyena version eke hadala thiyenne (mama 6.01 da gaththa dawase indan kisi awulak nethuwa Advanced Browser Integration paawichchi karanawa)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Honda thread ekak

    E wunath oya IDM eke thiyena prashne aluthen awilla thiyena version eke hadala thiyenne (mama 6.01 da gaththa dawase indan kisi awulak nethuwa Advanced Browser Integration paawichchi karanawa)

    ඔව් සහෝදරයා නව ස0ස්කරනයන්හි මෙම දෝශය මග හැරී තියෙනවා.. :yes: :yes:
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මෙක දෑනගත්ත එක නම් ලොකු දෙයක් මචන්, මෙ දවස් වල ඔක ඈවිත් එපා වෙලා තිබුනෙ, තෑන්ක්ස් වේවා :):):yes::yes::yes: