කුවේට් ගිය අපේ නංගි....
මට නුහුරු නුපුරුදු
කළු කබායකි
හිසේ සිට දෙපතුල තෙක්
වටපිට නොබලන්න
එක් වචනයකුදු අප හා
නොදොඩා හෙමිහිට
පිය නගා එන්න
ඒ ළද මට පවසතත්
මගේ වත වසා සිටින
දුහුල් පට සළුව ඉරා දමා
මට හුරු පුරුදු ලෙස
මහ මඟ පෙනෙන
විසිතුරු බලන්නට
වචනයක් දොඬන්නට
මට ඇති නොඉවසිල්ල
කෙසේ වටහා දෙම්ද
නොතේරෙයි සියළු වදන්
එහෙත් මමද සිනා වෙමි
මගේ මව් බිමේ අගය
දැනේ දැඩි ලෙස මෙමට
එහෙත් ඉවසිය යුතුය
දෙවසරක්ම මේ බැමි
මගේ හදවත හඬයි
නොපෙන්වමි ඒ බවක්
බලාපොරොත්තු රැසක්
ඇති හෙයින් සපුරා ගැනීමට
කළු කබායට යටව
උරගා බලමි මගේ ජීවිතය....
මට නුහුරු නුපුරුදු
කළු කබායකි
හිසේ සිට දෙපතුල තෙක්
වටපිට නොබලන්න
එක් වචනයකුදු අප හා
නොදොඩා හෙමිහිට
පිය නගා එන්න
ඒ ළද මට පවසතත්
මගේ වත වසා සිටින
දුහුල් පට සළුව ඉරා දමා
මට හුරු පුරුදු ලෙස
මහ මඟ පෙනෙන
විසිතුරු බලන්නට
වචනයක් දොඬන්නට
මට ඇති නොඉවසිල්ල
කෙසේ වටහා දෙම්ද
නොතේරෙයි සියළු වදන්
එහෙත් මමද සිනා වෙමි
මගේ මව් බිමේ අගය
දැනේ දැඩි ලෙස මෙමට
එහෙත් ඉවසිය යුතුය
දෙවසරක්ම මේ බැමි
මගේ හදවත හඬයි
නොපෙන්වමි ඒ බවක්
බලාපොරොත්තු රැසක්
ඇති හෙයින් සපුරා ගැනීමට
කළු කබායට යටව
උරගා බලමි මගේ ජීවිතය....
....
ROUD TO BE A
පූස් පැටියෝ



