අපරාධ හෙළි කරන අදෘෂ්‍යමාන බලවේගය
අපරාධ හෙළි කරන අදෘෂ්‍යමාන බලවේගය
මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. මෙය උඩුහම හා යටිහම ලෙස කොටස් දෙකකට බෙදෙන අතර යටිහම මස් පිඩුවලට සම්බන්ධ වී ඇත. ස්පර්ශයේ දී ක්‍ෂණිකව මොළයට පණිවුඩ ගෙනයන්නේ යටි හම හා බද්ධව ඇති ස්නායුවලිනි.
උඩුහම සෛල තට්ටු 5කින් පමණ සමන්විත වන අතර මතුපිට තට්ටුව සෑදී තිබෙන්නේ මැරුණු සෛල ඒකරාශී වීමෙනි. උඩුහම ද රළු සහ නිසිඳු ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකි අතර ඇඟිලි, අතුල් සහ පතුල් මෙම රළු හමින් සැදී තිබේ. මෝස්තර බිහිවන්නේ මෙම අතුල් පතුල් සහ ඇඟිලිවල ඇතුළු පැත්තේ පිහිටා ඇති රළු හමේය.
ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල පිහිටි සමේ බොහෝ විට සියුම් රෝම (ලෝම) පිහිටා ඇති නමුත් ඇඟිලි අතුල් සහ පතුල්වල පිහිටා ඇති රළු සමේ රෝම පිහිටා නොමැති අතර සියුම් කූප ඇත. මෙලෙස රළු සමක් පිහිටන්නට ඇත්තේ යමක් තදින් ග්‍රහණය කර ගැනීමේ පහසුව උදෙසා විය හැක.
මෙම රළු සම හොඳින් නිරීක්ෂණය කළහොත් ඒ මත කිසියම් රටාවකට විහිදී ගිය ඉරි දැකගත හැකිය. අප යමක් ඇල්ලීමේ දී හෝ යමක් ස්පර්ශ වූ විටකදී මෙම සටහන් අදාළ පෘෂ්ටය මත සටහන් වෙයි.
මෙම ඉරි තවත් සියුම්ව පරීක්ෂා කර බැලීමේ දී එම ඉරි උඩට නෙරා ඇති බවත්, ඉරි දෙකක් අතර බෑවුම් පෙදෙසක් ඇති බවත් දැකගත හැකිවෙයි.
ඇඟිලි සලකුණු, ක්‍ෂෙත්‍රයේ මෙම උඩට නෙරාගිය ඉරි කොටස ‘වැටි’ ලෙසත්, බෑවුම් කොටස ‘හී වැටි’ ලෙසත් හඳුන්වයි. මෙම වැටි හා හී වැටි සංයෝග වීමෙන් නිර්මාණය වන මෝස්තර ‘ප්‍රික්සන් වැටි මෝස්තර’ ලෙස හඳුන්වයි.
මෙම වැටි මෝස්තර සමස්තයක් ලෙස ගෙන බැලීමේ දී ප්‍රධාන ලෙස කොටස් 4කට බෙදා තිබේ.
මින් පළමුවැන්න සරල සමාන්තර වැටි (Parallel Ridges) ලෙස හඳුන්වන අතර දෙවැන්න නැමි වැටි (Recurving Ridges) තෙවැන්න අපසාරි වැටි (Converging Ridges) සහ සිව්වැන්න අභිසාරි වැටි (Diverging Ridges) ලෙසින් හඳුන්වයි.
පුද්ගලයකුගේ ඇඟිලි, අත්ල සහ පතුල්වල පිහිටන මෙම ප්‍රික්සන් වැටි මෝස්තර අනුව ඒ ඒ පුද්ගලයන් හඳුනා ගත හැකිය.
මෑත ඉතිහාසයේ කිසිම දවසක දෙදෙනකුගේ ඇඟිලි සලකුණු සමාන නොවන්නේ මෙම වැටිවල පිහිටීමේ වෙනස්කම් නිසාවෙන් බව ඔබට පැහැදිලි වනවා ඇත.
කිසියම් පුද්ගලයකුගේ අතුල්, පතුල් සහ ඇඟිලිවල මෙම වැටි සහ හී වැටි ලක්ෂණ පිහිටන ආකාරය පිළිබඳව සොයා බැලීමේ දී පුදුමය දනවන තොරතුරු අනාවරණය වී තිබේ.
මිනිස් ජීවියෙකු මවුකුස පිළිසිඳගෙන මාස හතරක් පමණ ගතවන විට කළලයේ අතුල් සහ පතුල්වල වැටි සහ හී වැටි ලක්ෂණ පිහිටන බව සොයාගෙන තිබේ. කළලය ක්‍රමයෙන් මෝරා වැඩෙන විට මෙම වැටි, හීවැටි ද වර්ධනය වෙයි.
ඉන්පසු බිලිඳා මෙලොවට බිහි වී ශරීරය වර්ධනය වන විට මෙම වැටි හා හී වැටී ද ක්‍රමයෙන් වැඩෙයි. මෙහිදී එක් විශේෂිත දෙයක් සඳහන් කළ යුතු ය. එනම් මවුකුසේ දී කළලයේ ඇඟිලි අතුල් සහ පතුල්වල පිහිටන මෙම වැටි ලක්ෂණ ජීවිත කාලය පුරාම කිසිදු වෙනසක් නොවී එලෙසම පැවැතීමයි. ශරීරයේ වර්ධනයත් සම¼ඟ ඒවායේ වැඩීමක් සිදු වූව ද මූලික පිහිටීමෙහි කිසිදු වෙනසක් සිදු නොවෙයි.
එසේම කිසි විටෙක කිසිම ආකාරයකින් සාර්ථක ලෙස ද්විත්ව කළ නොහැකි අතර ඇඟිලි සටහන් විද්‍යාවේ සත්‍යතාව රැඳෙන්නේ මෙම සිද්ධාන්ත මතය.
කිසියම් අපරාධයක් සිදුවුණු ස්ථානයකින් සොයා ගන්නා ඇඟිලි සටහන් පරීක්ෂා කර අපරාධකරු කොටුකර ගැනීම සඳහා මෙම තොරතුරු උපයෝගී කරගන්නා අතර, එම සටහන්වල ස්වභාවය අනුව අපරාධකරුගේ වයස පවා තීරණය කිරීමේ හැකියාව ඇත.
වැටියක පරිමාණය පුද්ගලයා හා ඔහුගේ වයස අනුව වෙනස් වෙයි.