‘අනංගයා’ගේ විසේ නාකිවෙලත් නොයේ
හැත්තෑ නව හැවිරිදි පුද්ගලයකු සිය හැත්තෑ හැවිරිදි බිරිය ප්රතික්ෂේප කර අලූත විවාහ කර ගත් හතළිස් නව හැවිරිදි බිරිය සමඟ පවුල් කෑමට එකඟවීමේ සිද්ධියක් කඩුගන්නාව පොලිසියෙන් වාර්තා වේ.
අදාළ තැනැත්තා දරුවන් විසිතුන්දෙනකුගේ පියකු බව ද පැවසේ.
මෙම තැනැත්තාගේ බිරිය විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ දැනට දෙසතියකට පමණ ඉහතදී අදාළ පුද්ගලයා 49 හැවිරිදි කාන්තාවක් විවාහ කරගෙන ඇති බවයි.
මෙම පුද්ගලයා පැමිණිල්ල කළ කාන්තාවගේ සහෝදරියක සමග විවාහ වී සිටියදී ඇය මිය යාම නිසා පසුව මැය විවාහ කරගෙන ඇත.
ඇය සමග පවුල් කන අතරතුර තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමගම මොහු අනියම් සබඳතා පවත්වා ඇතැයි ද පොලිසියේදී හෙළිවී තිබේ.
”අනංගයා” ලෙසින් ප්රසිද්ධ මෙම පුද්ගලයා දැනට මාස කිහිපයකට පෙර තම පෙම්වතිය බව පවසා 32 හැවිරිදි තරුණියක් නිවෙසට කැඳවාගෙන ඒම ගැන උරණවූ දරුවන් එයට බලවත් විරෝධය පෑමෙන් පසු ඇය යළි නිවසට ඇරලවා තිබේ.
පිස්සු හැදෙනවා. හොදයිනම් රෙප්
අහුලගත්තේ -:srilankamirror.com