ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    ගඩාෆි ඝාතනය-රැල්ල ගලන්නේ කොහොමද?කොහේටද? මොකටද?

    වසර 42ක මුවම්මර් අල් ගඩාෆි ගේ ලිබියානු පාලනය නොබෝදා ඇද වැටිණි. එපමණක් නොව පෙරේදා දින දී ඔහු ව ඝාතනය කෙරිණි. මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගඩාෆි ගේ පාලන තන්ත්‍රය පිළිබද විවේචනය කිරීම නොවේ. ඔහු බලයෙන් පහකිරිමේ සිද්ධිය සම්බන්ධ සමාජ, භූ දේශපාලනික සහ ආර්ථික කරුණු පිළිබද ව යම් විවේචනාත්මක විග්‍රහයක යෙදීමය.

    ගඩාෆි ගේ පාලන තන්ත්‍රය බිදවැට්ටවීම.

    මෙහි දී නේටෝව ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකල අතර , එය සාධාරණීකරණය සදහා ඉදිරිපත් කළ කරුණු වන්නේ ගඩාෆි අත්නෝමතික, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් ලිබියාව තුල ගෙන ගිය බව සහ මහජන මර්ධනයක් ගෙන ගිය බවය. මෙම කාරණා සත්‍ය නම් නැගෙන පළමු පැනය වන්නේ ඔහු වසර 42ක් රට පාලනය කරන තෙක් මේ දේශප්‍රේමීන් නිදි වැද සිටියේ කොහිද යන්නය. සත්‍ය ලෙසට ම සිදුවූයේ කුමක්ද? එය වටහා ගැනීමට නම් ‍අමෙරිකා, යුරෝපය ප්‍රමුඛ නේටෝව පසුගිය වසර 10ක් තිස්සේ ගෙන ගිය ක්‍රියාවලිය පිළිබද ව මුලින් ම විග්‍රහ කල යුතුය.

    නේටෝවේ පැටිකිරිය.

    සමාජවාදී රුසියාව පැවති සමයේ “සමාජවාදයේ තර්ජනය” මැඩ පැවැත්වීම සදහා ඇතිකල යුධ යාන්ත්‍රණය නේටෝවයි. එය, රුසියාව ප්‍රමුඛ වර්සෝ සංවිධානය වෙත මුහුණ දීම සදහා නිර්මාණය කළ එකකි. සමාජවාදී රුසියාව පෞර රාජ්‍යවල නැගීම රුකුලක් කර ගනිමින් බිද වැට්ටවීමෙන් පසුව නේටෝවේ ප්‍රමුඛතම කාර්ය භාරය පීළි පැන්න බව ප්‍රසිද්ධ රහසකි.
    පසුගිය දසවසර පුරා නේටෝවේ සාමාජික රටවල් සිය ආර්ථික බලය රදා පවත්වා ගැනීම සදහා නේටෝව යොදාගත් බව ඉතා පැහැදිළිය. මෙම ආර්ථික බලය හැසිරවීම සදහා මූලික කරුණු 3ක් වෙත අවධානය යොමු කොට ඇති බව පෙනේ.

    1. පෞර රාජ්‍යයන් (එනම් ස්වදේශික න්‍යායන් මත, සංවෘත හෝ අර්ධ සංවෘත ආර්ථික රීති පිළිපදින, දේශ මාමකත්වය ගාමක බලවේගය ලෙස භාවිතා කරනා රාජ්‍යයන්) මතුවීම වැළැක්වීම.
    2. ලොව ප්‍රධාන බල ශක්ති ප්‍රභවය වන ඛනිජ තෙල් සම්පතෙහි සහ අත්‍යාවශ්‍යක භු ඛනිජ සම්පත් වන යපස්, ටයිටේනියම්, රන්, ප්ලැටිනම්,තඹ, ටින් වැනි සම්පත් වල පරිපාලනය නතුකර ගැනීම.
    3. සිය න්‍යාය පත්‍රයට වෙනස් වන න්‍යාය පත්‍ර සහිත, සිය ආර්ථික සහ යුධමය අණසකට අභියෝග කරන නැගී එන නායකයන් ඉවත් කිරීම.


    මෙම කාරණා ත්‍රිත්වය ම එකිනෙක ඉතා ලං ව ගැට ගැසී ඇති බැවින් පැහැදිලි කර ගැනීම තරමක් සංකීර්ණය. නමුත් යම් යම් සංසිද්ධින් වෙන් වෙන් ව විග්‍රහ කර ගැනීමේ දී මෙම කරුණු 3 අවබෝධ කොට ගැනීම අපහසු නොවේ. අප අතීතයේ සිට යම් යම් සංසිද්ධින් ආශ්‍රයෙන් මෙය විග්‍රහ කර ගැනීමට උත්සාහ කරමු.

    චෙකොස්ලෝවෙකියාව බිදවැට්ටවීම.

    මාෂර්ල් ටිටෝ විසින් සර්බියාව, බොස්නියාව, චෙක් ජනරජය සහ ක්‍රොයේෂියාව යන රාජ්‍යයන් 4 එක්කොට නිර්මාණය කරන ලද චෙකොස්ලෝවෙකියාව කිසිදු රාජ්‍ය පරිපාලන හැකියාවක් නොමැති වූ ලෙක් වැවෙන්සා නමැති විදුලි කාර්මිකයෙකු ගේ (ලයිට් බාස්) නායකත්වයෙන් බිද වට්ටවන ලදී. මෙම බිද වැටිමෙන් පසුව ඇතිවූ රාජ්‍යයන් 4 එකිනෙකා ඇණ කොටා ගන්න සදාකාලික ඇණයක් බවට පත් වූ අතර, මෙම අර්බුද හමුවේ ඇති වූ කිසිදු රජයක් සාර්ථක නොවිනි. වසර 4කට පෙර මෙම පැවති රාජ්‍යයේ ඛනිජ සම්පත් බහුල ම කොටස හර්ෂගොවීනාව ලෙස නේටෝවේ සහ එක්සත් ජාතීන් ගේ මැදහත් වීමෙන් ස්වාධින රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර, දැන් එහි තඹ සහ යපස් ආකර මෙහෙයවනු ලබන්නේ අමෙරිකානු සහ ඉතාලි සමාගම් විසිනි. තවමත් මෙම ප්‍රදේශය වාර්ගික ගැටුම් පවතින ප්‍රදේශයකි. වසර කීපයකට පෙර බොස්නියානු නායක ස්ලොකාර් දුදායෙෆ් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කළ ද ප්‍රශ්නය තවමත් ඔඩු දුවමින් පවතී.

    ඉරාකය සහ සදාම් හුසේන්

    ඉරාකය ඛනිජ තෙල් සම්පත් අති බහුල රටකි. නමුත් එවායේ පාලනය බටහිරට අවශ්‍ය ආකාරයට සිදුකළ නොහැකි වූයේ එහි පාලකයා නිසාය. වෙනම රාජ්‍යයක් සදහා ත්‍රස්ත අරගලයක යෙදුණු කුර්දි කැරළි කරුවන් මර්දනය කිරීම සහ සමූල ඝාතක අවි ඇතිය යන “ටොං පචය” ලෝකයා හමුවේ තබමින් අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරන ලද අතර, නිල සංඛ්‍යා ලේඛන පෙන්වන ආකාරයට 60000ක ජනයා ඝාතනය කරමින් (නිල ‍නොවන සංඛ්‍යාලේඛන අනුව එය මිලියන1-1.6ත් අතර ගනනකි!) සදාම් හුසේන් ගේ රජය පෙරලා දමන ලදී. පසුව අල්ලා ගන්නා ලද සදාම් හුසේන් යුක්ති ‍යුක්ත නොවන ආකාරයේ නඩු විභාගයකින් පසුව එල්ලා මරා දමන ලදී. මුලින් කිවු සමූල ජනඝාතක අවි කිසිවක් ඉරාකයෙන් හමු නොවිණි. සාමකාමී ඉරාකයක් සහ ලෝකයට තර්ජනයක් නොවන ඉරාකයක් පතා සදාම් හුසේන් රජය පෙරලා දැමුවද ඉරාකයට බලාපොරොත්තු වූ සාමය නොලැබුණි. ලැබුනේ සදා පවතින නොනවතින අරගලයක් පමණි. මේ අරගලය හමුවේ ඉරාකයේ ස්ථාවර රජයක් ඇති නොවුණි. අස්ථාවර රජයකට ආර්ථික කටයුතු පවත්වා ගත නොහැකි වන නිසා, දැන් එහි තෙල් බිම් මෙහෙයවන්නේ chevaron Texaco, bp, shell වැනි යුරෝ-අමෙරිකානු සමාගම් විසිනි.

    ඇප්ඝනිස්ථානය සහ තලෙයිබාන් පාලනය

    අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට පහරදීම හේතුව කොට ගනිමින් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව “ත්‍රස්තවාදය වදන” මුල්ලා මොහොමඩ් ඕමාර් පුමුඛ ඇප්ඝන් තලෙයිබාන් පාලනය සහ එහි ආශිර්වාදය ලද අල් ඛයිඩා ත්‍රස්ත සංවිධානය බිද දමනු සදහා මෙහෙයුම් ඇරඹීය. නමුත් වසර ගණනක විඩා බරිත යුද්ධයකින් පසුව අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් මාස කීපයකට පෙර ඝාතනය කරනු ලැබුවද තලෙයිබාන් නායක මුල්ලා මොහොමඩ් ඕමාර් හෝ තලෙයිබාන් සංවිධානය විනාශ කිරීමට අමෙරිකාව හෝ නේටෝ හමුදා මේ දක්වා සමත් වී ඇති බවක් වාර්තා වී නොමැත. ඇප්ඝනිස්ථානය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කලද එහි බලය ලබාදෙන ලද්දේ අමෙරිකානු හිතවාදියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන හමීඩ් කර්සායි වෙතය. සියළු දේ සිදු කලද ජනඝාතක යුද්ධය තවම කෙළවරක් දැක නොමැත. ඇප්ඝන් රජය ස්ථාවර රජයක් නොවන අතර දැන් එහි යටි තල පහසුකම් සහ ඛනිජ සම්පත් වල මෙහෙයවීම් සිදු කරන්නේ යුරෝ - අමෙරිකානු සමාගම් විසිනි. ඇප්ඝනිස්ථානය ඛනිජ ලෝහ සම්පත් බහුල රටකි. එහි ඇති යපස්, තඹ සහ රන් නිධි වල දළ වටිනාකම ඇ.ඩො. බිලියන 40ක් බව කියැවේ.
    යුරෝපයට ලාභදායක ඛනිජ තෙල් මූලයක් වී ඇත්තේ පැරණි සෝවියට් දේශයෙන් වෙන්ව ගිය අසර්බයිජානය, කිර්ගීස්ථානය වැනි මුස්ලිම් රටවල්ය. මෙම රටවල සිට නල මගින් තෙල් යුරෝපයට ගෙනයාම විශාල පිරිවැයක් දැරීමට සිදුවන කාර්යක් වන අතර අඩු පිරිවැයකින් මෙම ක්‍රියාව සිදු කර ගැනීමට නම් එය මුහුදු මගින් ප්‍රවාහනය කලයුතු වේ. නමුත් මෙම රටවල් බිම් මායිම් රටවල් වන අතර මුහුද වෙත ගෙන ඒම සදහා වන කෙටිම නල මාර්ගය වැටෙන්නේ ඇප්ඝනිස්ථානය සහ පකිස්ථානය හරහා ඉන්දියානු සාගරය වෙතය. ‍‌ඇප්ඝනිස්ථානය දඩි බිඩියේ ආක්‍රමණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් රූකඩ පාලකයෙකු බලයට ‍ගෙන ඒම සහ දිගු කාලයක් තිස්සේ හමුදා ස්ථාපනය කර තිබීම පිළිබද යථාර්තය එයයි.

    සූඩානය-ඩාෆූර්

    දිළිදු අප්‍රිකානු රටවල් අතරින් තෙවන ස්ථානයට ඛනිජ තෙල් සම්පත් බහුල රට වන්නේ සූඩානයයි. සුළුතරය වූ කිතුණුවන් ගම් පිටින් ඝාතනය කරන ආකාරයේ වාර්ගික ගැටුමක් කෘතිමව නිර්මාණය කරන ලද අතර, මුදලට මිළ දී ගත් සූඩාන සන්නද්ධ මුස්ලිම් අන්තවාදීන් ගේ සහය මෙයට ලබා ගැනිණි. ප්‍රතිඵලය වූයේ ලොවම හෙල්ලුම් කවන ආකාරයේ මනුෂ්‍ය ඝාතනයන් සහ මානුෂ වර්ගයාට විරුද්ධ අපරාධ දකුණු සූඩානයේ ඩාෆූර් හි ඇති වීමය. මෙයට විසදුම ලෙස එක්සත් ජාතීන් හරහා ආගමික සුළුතරය වූ කිතුණුවන් වෙත වෙනම රාජ්‍යයක් නිර්මාණය වූ අතර, ඛනිජ තෙල් බහුල ම කලාපය එම නව රජය වෙත උරුම වන ලෙස නව සීමා මායිම් නිර්ණය කිරීම කෙසේ හෝ සිදු වී තිබේ. නව රජයේ මැතිවරණ පැවැත්වීම සදහා දැන් පිඹුරුපත් සකස්වෙමින් පවතින අතර, සන්නද්ධ මුස්ලිම් අන්තවාදීන් හට විරුද්ධව “අමෙරිකානු ආශිර්වාදය” සහිතව සටන් කළ ක්‍රිස්තියානු සටන්කාමීන් “පෝලිමේ උඩම” සිටින බව වාර්තාවෙයි.

    ඉහත දැක් වූ හමුදා ක්‍රියාන්විතයන් සදහා අමෙරිකාව පමණත් කළ වියදම අ.ඩො. ට්‍රිලියන එකකි.(මුළු ලොවෙහි ම වත්කම ලෙස ගැනෙන්නේ අ.ඩො. ට්‍රිලියන 58කි!) මේ වන විට අමෙරිකාව අ.ඩො. ට්‍රිලියන13ක් ලොවට ණය වී සිටී. කටයුතු මේ ලෙස යෙදී ඇති බැවින් අමෙරිකාව පුමුඛ නඩයට “අඩු පිරිවැයක් යටතේ ආණ්ඩු පෙරලීමේ ක්‍රමවේදයක්” අවශ්‍ය වී තිබේ. පහතින් දැක්වෙන්නේ එම “අඩු වියදම් ක්‍රමවේදය” දැනට ක්‍රියාත්මකවන ආකාරය සහ එයට යටින් දිවෙන යුරෝ-අමෙරිකානු උවමනාවන්ය.

    ඇල්ජීරියාව,ටියුනීසියාව,ඊජිප්තුව, සිරියාව, ඉරානය සහ ලිබියාව

    මුල් යුගයේ සිටි අරාබි-අප්‍රිකා නායකයන් අතරින් අමෙරිකාවට සහ විශේෂයෙන්ම ඊශ්‍රා‍යලයට තර්ජනයක් වූයේ ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර් ජනපතිවරයාය. අරාබි ලීගය නම් ඉස්ලාමීය සහයොගීතා හවුල නිර්මාණය කිරීම පිටුපස සිටි මහා පෞරුෂය වූයේ නසාර්ය. නසාර් ගේ ජාතික-ආගමිකත්ව න්‍යාය මත මුස්ලිම් ලෝකය එක්සත් වීමේ දැඩි අනාගත අවදානම දුටු අමෙරිකාව සී.අයි.ඒ. - මොසාඩ් හවුල් කුමන්ත්‍රණයක් මගින් නසාර් ජනපතිවරයා ඝාතනය කරන ලදී. නමුත් සියල්ල කණපිට හරවමින් නසාර්ට පසුව වෙනත් අප්‍රිකානු නායකයන් ද මේ නව ජාතික-ආගමිකත්ව න්‍යාය පිළිපදින්නට වීම අමෙරිකායට හිසරදයක් වූයේ අරාබි - ඉස්ලාම් සතුරන් රැසක් වට කරගත් යුදෙව් - ක්‍රිස්තියානි ඊශ්‍රා‍යලයට ඔවුන් ගේ ඇති හිතෛෂිවන්ත කම බහුතරය ඉස්ලාමීය වූ උතුරු අප්‍රිකානු රටවල් තමාට දක්වන සතුරුකමක් ලෙස වටහා ගැනීම නිසාය. මෙවැනි කැපී පෙනෙන නායකත්වයක් අරාබි-අප්‍රිකානු රටවලින් මතුව ඇත්තේ ඇල්ජීරියාව,ටියුනීසියාව,ඊජිප්තුව, සිරියාව, ඉරානය සහ ලිබියාව යන රටවලය. මේ හැර බහරේනය, යේමනය සහ ජෝර්දානය යන රටවල් ද අමෙරිකානු න්‍යාය පත්‍රයට අනුකූල නොවන ගමනක් යන රටවල්ය. මේ නිසා දැඩි අමෙරිකානු විරෝධයක් මේ රටවල් වල ජනිතවූ අතර, පසුව මතු වූ තෙල් නිධි හරහා මෙම සමහර රටවල් පොහොසත්වීම සහ අමෙරිකානු විරෝධීන්හට සහාය දැක්වීම, ජාතික රාජ්‍යයන් ලෙස මතුවන මෙම රටවල් වල නායකයන් අමෙරිකානු යුධ සහ ආර්ථික ආධිපත්‍ය හෙලා දැකීම සහ වෙනත් ආසියා,අප්‍රිකා, ලතින් අමෙරිකානු රටවලට මෙම තත්ත්වය “නරක පූර්වාදර්ශයක්” සැපයීම යන කරුණු මත මෙම “ඉත්තන්” ලෝක දේශපාලන “චෙස් පුවරුවෙන්” “කපා ඉවත් කිරීමේ” අමෙරිකානු අවශ්‍යතාවය මතුව පවතී.

    මුල් යුගයේ දී මුවම්මර් අල් ගඩාෆි දැඩි අමෙරිකානු විරෝධියෙකු ලෙස ලෝක දේශපාලනය තුල කැපී පෙනිණි. ඔහු ලිබියානු තෙල් මුදල් අමෙරිකානු විරෝධි සංවිධාන,කණ්ඩායම් වලට සහ අමෙරිකානු විරෝධි කදවුරේ රටවල සංවර්ධන අවශ්‍යතා සදහා එළිපිටම පරිත්‍යාග කලේය. ඒකාධිපති පාලකයෙකු සහ එළිපිටම අමෙරිකානු විරෝධියෙකු ලෙස කටයුතු කළ ඔහු ඝාතනය කිරීම සදහා වරක් සී.අයි. ඒ සංවිධානය ඔහු ගේ මන්දිරයකට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කලේය. එයින් ගඩාෆි නූලෙන් බේරුණ ද ඔහු ගේ දියණියක එයින් මරුමුවට පත්විය. ලිබියානු තෙල් බිම් අමෙරිකාවට අවශ්‍ය පරිදි පාලනය කිරීමේ, අමෙරිකානු විරෝධි කදවුර වෙත ගඩාෆි ගේ අනුග්‍රහය නතර කිරීමේ, ගඩාෆි නිහඩ කොට එමගින් නැගෙන අමෙරිකානු විරෝධි රැල්ල පාලනය කිරීමේ සහ අමෙරිකානු විරෝධින්ට “මෙන්න බලපල්ලා අපට විරුද්ධ වන එවුන්ට වෙන දේ!!” යනුවෙන් පෙන්වීමේ අවශ්‍යතාවය අමෙරිකාවට දැඩිව තිබුණි.

    මේ සදහා අවශ්‍ය කරන මහා පරිමාන මූග්ල්‍යමය සහ යුධ සම්පත් යෙදවීම නූතන අධිරාජ්‍යවාදී න්‍යෘය පත්‍රය ක්‍රියායාත්මක කරන මෙම රටවලට දැන් ප්‍රශ්නයක් ව පවතී. අමෙරිකාව ඩොලර ට්‍රිලියන 13ක් වූ ණයකට ලක්ව සිටී. පසුගිය කාලයේ දී සිදු වූ ආර්ථික අවපාත සහ ආසියාව වෙත ආර්ථික බලය විකේන්ද්‍රණය වීමේ අන්තර් වාර අවස්ථාවකට මුහුණ දී සිටින බැවින් යුරෝපයද දැන් සිටින්නේ කරවටක් එරීය. මෙනිසා වඩා අඩු පිරිවැයකින් යුතු ඉරාකය, ඇප්ඝනිස්ථානය වැනි රටවල තමා මුහුණ දී ඇති දීර්ඝ කාළීන, විඩා භරිත යුධ තත්ත්වය මතු නොකරන ක්‍රමවේදයක අවශ්‍යතාවය ඉතා දැඩි ලෙස යුරෝ-අමෙරිකානු හවුලට දැනී ඇත.

    නව ක්‍රමවේදය.

    දැන් කරළියට පැමිණ ඇති නව ක්‍රවේදය ඇත්තෙන් ම අළුත් ම ක්‍රමවේදයක් නොවේ. මෙම ක්‍රමවේදය වරක් චීනය තුළ අත්හදා බලා අමෙරිකාව නා ගත් ආකාරය ඉතිහාසය තුළ පවතී. 1984 දී පෙයිචිං හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ උද්ඝෝෂණය අමෙරිකානු මුදල් මත සංවිධානය කළ එකක් වූ අතර, චීන රජය දැඩි මර්ධනකාරී බලයකින් එය විනාශ කර දැමීය. ටියනාන්-මෙන් චතුරශ්‍රයේ දී පමණක් උද්ඝෝෂක සිසුන් 3000ක් ඝාතනය විය.

    නව ක්‍රමවේදය වන්නේ පවතින රජය ජනතාවට එපා කරවන අන්දමේ තොරතුරු පළමුව ජනතාව වෙත කාන්දු කරවීමය. මේ සදහා බොහෝ විට උපයෝගී කර ගන්නේ මුදලට ගත් දේශීය ජනමාධ්‍යවේදීන්ය. පසුව කුඩා උද්ඝෝෂණ මගින් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කරනු ලබන අතර, ප්‍රචන්ඩ ක්‍රියාවන් තුළින් උද්ඝෝෂකයන් හට පහර දීමට සහ මර්දනයට පවතින පාලනාධිකාරිය පොළඹවනු ලබයි. රට තුළ සිටින රාජ්‍ය විරෝධීන් රහසේ සන්නද්ධ කරවනු ලබයි. දිගින් දිගට ම රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ඇති කරනු අතර රාජ්‍ය බලය උද්ඝෝෂකයන් මත දැඩි ව මුදා හැරීමට පොළඹවනු ලබයි. මෙම ගැටුම් වලින් මිය යන පුද්ගල සංඛ්‍යාව මත ජාත්‍යන්තරයේ (එනම් නේටෝවේ) මැදිහත්වීම තීරනය කරනු ලබන අතර, එම මැදහත්වීම් අවම මට්ටමේ පවතින සහයක් ලෙස ලබා දෙමින් අවි සහ යුධ උපකරණ ලබාදීමෙන් රට තුළ රජයට විරුද්ධ සන්නද්ධ අරගලයක් නිර්මාණය කරනු ලබයි. මෙම අරගල පවතින රජය හෝ පාලකයා විනාශ කරන තුරු උත්සන්න කිරීමට අවැසි සියළු පහසුකම් පසු පස සිට නූල අදින නූල් සූත්තර කරුවන් විසින් සපයනු ලබයි. නව රජයක් පිහිටුවන විට දී රටෙහි යටිතල පහසුකම් උපරිම ව විනාශ වී පවතින අතර, පිහිටුවන නව රජය සමන්විත වන්නේ අමෙරිකානු-යුරෝපීය ගැති රූකඩයන් ගෙනි. ඔවුන් ගේ පළමු ඉල්ලීම වනුයේ තම රට නැවත ගොඩ නැගීම සදහා අමෙරිකාව පුමුඛ රටවල සහායයි. ඉතින් හිතේ කිසිම කහටක් නොමැතිව අපේ මිතුරන් හට අදාළ රටෙහි පැළපදියම් වී එහි සම්පත් රිසි සේ උකහා ගත හැකි වනු ඇත.

    මැදපෙරදිග මෙන්ම ලෝකයේ ජිවත්වන අපගේ මුසල්මාන මිතුරන් මෙහිදී වටහා ගත යුතු කරුණු කීපයක් පවතී. මෙවැනි ක්‍රමවේදයන් ඉස්ලාමීය රටවල ඇතිකල හැකිවන්නේ ඉස්ලාමීය මූලධර්මවාදය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය ලොවට පෙන්නා තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම මගිනි. අන්‍යාගම් මත දක්වන පීඩනය වෙනුවට අන්‍යාගම් ඉවසීම සහ සහයෝගීතාවය මගින් මෙම සාධාරණිකරණය වළක්වා ගත හැකිය. එසේ නොවුව වුවහොත් මෙම රල පහර ගලන්නේ තෙල් මගින් සපයාගත් අරාබි-ඉස්ලාමීය සියළු හැකියාවන් සෝදා හරිමිනි. සියළු ඉස්ලාමීය අනන්‍යතාවයන් දියකර හරිමිනි.


    © dath kimbula @ ElaKiRi.com
    All Right reserved.
    තරමක් දිගු බව සත්‍ය වුවත් කියවා බලන්න.ඔබේ අදහස් උදහස් සහ යහපත් වූ සංවාදයක් ඉතාම අගය කොට සළකමි.

    ස්වාධින, ස්වයංලිඛිත විචාරයකි. කිසිදු තැනකින් කිසිදු උපුටා ගැනීමක් සිදුකොට නොමැත.
    කරුණාකර බ්ලොග් අඩවි ආදියෙහි පළ කරනු ලබන්නේ නම් උපුටා ගත් ස්ථානය ලෙස එළකිරි.කොම් සබැදියාව බහාලීමට කාරුණික වන්න.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    බම්ප් එකක් තමයි මචන් දෙන්න වෙන්නේ , අලුතින් කමෙන්ට් දාන්න දෙයක් නෑ ඔක්කොම ලෙසටම කියල තියෙනවා , " අධිරාජ්‍යවාදීන්ට කහින අපේ කලුසුද්දෝ මනාව වටහා ගනිත්වා"
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    291891_2097781407300_1328313249_31869897_1456398238_n.jpg
    මේක තමයි මචන් ඇත්තම කතාව අපේ ගොඩාක් උන්ට නොතේරන දේ
    අපේ ගොඩක් එව්න් තියෙන පරගැතිකමට සුද්දට හුරේ දානව තියෙන යථාරතය දිකින්නෙ නැ :no:
    ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි :yes::(
     
    • Like
    Reactions: movi and penirasa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තමයි මචන් ඇත්තම කතාව අපේ ගොඩාක් උන්ට නොතේරන දේ
    අපේ ගොඩක් එව්න් තියෙන පරගැතිකමට සුද්දට හුරේ දානව තියෙන යථාරතය දිකින්නෙ නැ :no:
    ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි :yes::(

    හොදම පාලකයා කියල මම කියන්නේ නෑ මචං...මොකද සංසන්දනය කරන්න වෙන පාලකයෝ හිටියේ නෑ නේ ලිබියාවේ......
    නමුත් අපි තේරුම් ගන්න ඕන එකක් කියනවා......
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලටත් තියන්නේ........!!!!!
     
    • Like
    Reactions: conqureshadow

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගඩාෆි ලිබියාව දියුණු කරා තමා, නමුත්, මහජනයා තලා පෙලා දාපු එකයි ඔහුගේ වරද....!!
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ම්.. ඇත්තටම උඹේ "ඇසට" නියම දැක්මක් තියෙනවා මචං..
    හරියටම පේනවා, නියමෙටම ලියලා තියෙනවා..

    ගඩාෆි කරපු ලොකුම මෝඩ වැඩක් තමයි ඇමරිකන් කාරයත් එක්ක ෂේප් එකේ ඉන්න හිත හදාගෙන උන්ට ර‍ට ඇතුලට එන්න ඉඩ දුන්න එක. :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඩාෆි ලිබියාව දියුණු කරා තමා, නමුත්, මහජනයා තලා පෙලා දාපු එකයි ඔහුගේ වරද....!!

    ඊටත් වඩා වරදක් ඔහු කලා......
    ඔහු අමෙරිකාව කෙනිත්තුවා.........!!!!:dull:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බොහොම සතුටුයි
    පැහැදිලිව කියල තියනව
    වටිනා ලිපියක්
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hethuwak nathuwa meeka wenna widihak na ,oya dee lankaweth weyi kiyala hithenawa ekadhipathi paalanayak awoth issarahata ethakota danata iwasana konda namana inna minissu edata konda ussanawa ,eka dakinna api idiyida danne na machan ,meka hodayi kiyannath ba,narakayi kiyannath ba matanam machan
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තත්වය මෙසේ තිබියේදී ලංකාවට නුදුරු අනාගතයේ මෙවන් කුමන්ත්‍රන නොඒයැයි කාට නම් කිව හැකිද...
    ස්තුතියි කිබුලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆි කියන කාලකන්නි වෙ*ගෙ පුතා නම් මරපු එක ඉතා හොදයි.ඌව අනුගමනය කරන උන්ටත් හොද පාඩම්.මොඩයො වගෙ සුද්දන්ට බැන බැන ඉන්න උන්ටත් හොද පාඩම්.

    1. ඔක කියන්ඩ ෆේක් එකකින් එන්ඩ ඔනේද, බන් කොන්ද පන ඇතුව වරෙන්කො හරි එකෙන් :baffled::P
    2. සුද්දන්ට බනින්නෙ නැතුව උබ වගේ ** ලොවන්ඩ කියලද කියන්නෙ(උඩ තියෙන දේ තර්කානුකුලව හිතන්ඩ මොලයක් තියෙනවනමි ඔය ගොන් කතාව දාන්නෙ නැ):P :lol::lol::lol:
    3. මු නිකන් කතාකරන්නෙ උබ කාලකන්නි වෙ*ගෙ පුතෙක් නෙමේ වගේනෙ, වරකො හරි එකෙන් *න්නයො.:angry:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ගඩාෆි කියන කාලකන්නි වෙ*ගෙ පුතා නම් මරපු එක ඉතා හොදයි.ඌව අනුගමනය කරන උන්ටත් හොද පාඩම්.මොඩයො වගෙ සුද්දන්ට බැන බැන ඉන්න උන්ටත් හොද පාඩම්.


    ලියපු දේ තේරෙන්නැති මෝඩ පාංකඩයා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්තුතියි සහෝදරයා දැනුවත් කිරීමට
    හැමදාම අදිරාජ්‍ය වාදීන් සහ බලය ඇත්තෝ කලේ ඕකමය
    එහෙත් ඒ මිම්මෙම් ලංකාවේ අද තත්වය මැනිය නොහැක
    ගඩාෆි අපට වීරයෙක් කියා ඔහුගේ ක්‍රියා කලාපය තුලින් අප නායකයෝ ඔහුට සම කර මෙහි නටන චොකා බයිලා සාධාරණිකරණය කල නොහැක
    හේතුව අපේ අ ය ගධාපි හම පොරවාගෙන ඉන්නේ තමන්ගේ වීරත්වය පෙන්වීමටය
    එහෙත් ඔය කගේ හෝ ඩොලර් මල්ලක් (රුපියල් හෝ කම් නැත )දුටුවිට ගඩාෆි හම විසි කර යැංකි කෙනෙකු වීමට ගත වන්නේ නිමේෂයකි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    hethuwak nathuwa meeka wenna widihak na ,oya dee lankaweth weyi kiyala hithenawa ekadhipathi paalanayak awoth issarahata ethakota danata iwasana konda namana inna minissu edata konda ussanawa ,eka dakinna api idiyida danne na machan ,meka hodayi kiyannath ba,narakayi kiyannath ba matanam machan

    ලංකාවෙත් තෙල් නිධි තියනව කියනව නේද
    දැනටමත් CIA එක සැලසුම් සකස් කරනව ඇති
    කොහොම හරි රූකඩයක් ලොකු පුටුවට ගේන්න
     
    • Haha
    Reactions: NaiRobi

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලංකාවෙත් තෙල් නිධි තියනව කියනව නේද
    දැනටමත් CIA එක සැලසුම් සකස් කරනව ඇති
    කොහොම හරි රූකඩයක් ලොකු පුටුවට ගේන්න
    ow ban api danne nathi unata hoda muuna pennana inna kee denek wala kapanawada apita
     

    Similar threads