ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Russia And China Protected Syria
    Russia And China Protected Iran



    BUT...........



    Russia And China did not protect Libiya



    WHY!!!!!!!!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Russia And China Protected Syria
    Russia And China Protected Iran
    BUT...........

    Russia And China did not protect Libiya

    WHY!!!!!!!!!!

    ඒක ගඩාෆිගෙ වැරැද්ධ ගඩාෆි රට පාලනය කරේ තනියෙන්, කිසිම රටක් එක්ක විදේශ සමිබන්ධකමි තියා ගත්තෙ නැ
    අන්තිම කාලේ ඒක හදාගන්ඩ බැලුව ඒත් එතකොට පරක්කුයි :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම හුඟ දවසකින් එලකිරිය පැත්තේ ආවේ.

    මෙහෙ කට්ටියක් පාටි දානවා:shocked::shocked::shocked:

    මුලින්ම එයාලට කියන්න ඕන ටික කියල ඉන්නම්
    විප්ලව කරන්න කලින් හරි හමන් නායකයෙක් හොයාගෙන හිටියොත් හොඳයි.
    එහෙම නැතුව නිකන් තුවක්කු අරන් පාරට බැස්ස කියල විප්ලව කරන්න බහ.
    අනෙක තමයි ලිබියාවේ උන ඒවා මෙහෙ වෙනකල් කට අරගෙන බලන් හිටියොත් අපට හැමදාමත් මෙහෙම ඉන්න වෙයි.
    අනෙක් කාරණේ මේ පවතින රජය පෙරලන්න කලින් බලයට ගෙන්න නායකයෙක් ඉන්නවද කියල බලන්න
    මොකද ප්‍රධාන විපක්ෂය (UNP ) එකේ රනිල් ලොක්කට හරි සජිත් ලොක්කට හරි ඕව කරන්න බැහැ.
    ජෙප්පොනට යන එන මන් නැහැ .
    මුලින්ම හරි හමන් නායකයෙක් හොයාගන්න ඕන.

    දැන් ඊලඟට හොටු හූර හූර අඬන කට්ටියට:sorry::sorry:


    ගඩාපිගේ සමුහ මිනීවළවල් මතුවෙනකොට ඔයාල කොහෙද දන්නේ නැහැ නේද හිටියේ.
    ඔය මිනිහ ඔච්චර හොඳ කරයිනම් ඒ රටේ මිනිස්සු පාරට බැහැල සතුට පල කරයිද
    තව දෙයක් ඇමෙරිකාව ලිබියාවට පහර දුන්නේ එකේ තෙල් තියන නිසා.
    මෙහෙ මොන මගුලක්වත් නැතුව අපේ කට්ටිය දැන් යුද්ධෙටත් ලැස්ති වෙනවා .
    අවුලක් නැහැ උඹල ඔඅවට ලැස්ති වෙයල්ලා අන්තිමට උඹලව රක ගන්න කවුරුවත් නැහැ.
    එකත් මතක තියාගනිල්ලා.
    මොකද තමුන්ගේ උපදේශකයා මරපු මිනිහව බේරගන්න දඟලන කෙනෙක් ඉන්නකොට මේ අහිංසක අපි ගැන කවර කතාද.
    ඔයාලට කියන්නේ මෙච්චරයි ලෝකයට මේ රට නීතිය වල් වැදුන අවනීතිය රජ කරන රටක් කියල පෙනුනොත්
    උන් එක පිටින් දාල මෙහෙටත් එයි එක නවත්තගන්න වැඩ කරමු.
    නැතුව එයාව එපා අපිව විදුලි පුටුවේ ඉඳන්න කියල කෑ ගැහුවට වැඩක් නැහැ

     
    • Like
    Reactions: dath kimbula

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඒක ගඩාෆිගෙ වැරැද්ධ ගඩාෆි රට පාලනය කරේ තනියෙන්, කිසිම රටක් එක්ක විදේශ සමිබන්ධකමි තියා ගත්තෙ නැ
    අන්තිම කාලේ ඒක හදාගන්ඩ බැලුව ඒත් එතකොට පරක්කුයි :)

    සදාම් ලොක්කටත් වුනේ ඕක නේද?
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    මම මට ඔන විදියට කමෙන්ට් දාන්නම්.තෝ කව්ද බුරුවා මට බලපැම් කරන්න.මට ආණ්ඩුවට බැන්නා කියලා සතපහක් ලැබෙන්නෙ නැහැ.එත් උබ වගෙ අන්ධයෝ ගොලුවො වගෙ ඇස් කන් වහෙගෙන ඉන්නෙ නැහැ.ගඩාෆි මරපු එක හොදයී.ඉතා හොදයි.ඕකාව ගල් ගහලා මරන්න තිබුනෙ.

    කට තිබ්බ පලියට නිකන් පොල් බූරුවෙක් වගේ සද්ද දාන්නේ නෑතිව ටිකක් රටේ ලෝකේ සිද්ද වෙන දේවල් හොයලා බලපන්. දේශපාලනය සහ ලෝක ඉතිහාසය දන්නේ නෑත්තන් කියවපන්.. අද ඊයේ ඉපදිච්ච මිනිස්සු වගේ නෑතිව මේ ලොකේ දෑන් තියේන තත්වයට ආවේ කොහොමද කියලා හොයලා බලපන් එතකොට තොට තෙරෙයි තෝ මොන තරම් මෝඩ මූසලයෙක්ද කියලා මේ වගේ කිසිම සාධනීය පදනමක් නෑති කතා කියන්න. පුලුවන්නම් Google කරන්නේ නෑතිව කියපන් බලන්න ලන්කාවේ පලවෙනි අගමෑති කවුද කියල.. උබම හිතාගනින් උබේ තත්වය

    හෑබෑයි පුතේ ඔය පඩ ටෝක්ස් online විතරක් තියාගනින් හොදේ.. උබල වගේ කාඩ්බෝඩ් වීරයො සමාජේට බෑහලා එහෙම ඔය සද්ද දෑම්මොත් ඉතින් මූන කුඩුකරන්නේ ඈස් ගෙඩ් එලියට පනින්න අන්න ඒක මතක තියාගනින් පරයා.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම හුඟ දවසකින් එලකිරිය පැත්තේ ආවේ.

    මෙහෙ කට්ටියක් පාටි දානවා:shocked::shocked::shocked:

    මුලින්ම එයාලට කියන්න ඕන ටික කියල ඉන්නම්
    විප්ලව කරන්න කලින් හරි හමන් නායකයෙක් හොයාගෙන හිටියොත් හොඳයි.
    එහෙම නැතුව නිකන් තුවක්කු අරන් පාරට බැස්ස කියල විප්ලව කරන්න බහ.
    අනෙක තමයි ලිබියාවේ උන ඒවා මෙහෙ වෙනකල් කට අරගෙන බලන් හිටියොත් අපට හැමදාමත් මෙහෙම ඉන්න වෙයි.
    අනෙක් කාරණේ මේ පවතින රජය පෙරලන්න කලින් බලයට ගෙන්න නායකයෙක් ඉන්නවද කියල බලන්න
    මොකද ප්‍රධාන විපක්ෂය (UNP ) එකේ රනිල් ලොක්කට හරි සජිත් ලොක්කට හරි ඕව කරන්න බැහැ.
    ජෙප්පොනට යන එන මන් නැහැ .
    මුලින්ම හරි හමන් නායකයෙක් හොයාගන්න ඕන.

    දැන් ඊලඟට හොටු හූර හූර අඬන කට්ටියට:sorry::sorry:


    ගඩාපිගේ සමුහ මිනීවළවල් මතුවෙනකොට ඔයාල කොහෙද දන්නේ නැහැ නේද හිටියේ.
    ඔය මිනිහ ඔච්චර හොඳ කරයිනම් ඒ රටේ මිනිස්සු පාරට බැහැල සතුට පල කරයිද
    තව දෙයක් ඇමෙරිකාව ලිබියාවට පහර දුන්නේ එකේ තෙල් තියන නිසා.
    මෙහෙ මොන මගුලක්වත් නැතුව අපේ කට්ටිය දැන් යුද්ධෙටත් ලැස්ති වෙනවා .
    අවුලක් නැහැ උඹල ඔඅවට ලැස්ති වෙයල්ලා අන්තිමට උඹලව රක ගන්න කවුරුවත් නැහැ.
    එකත් මතක තියාගනිල්ලා.
    මොකද තමුන්ගේ උපදේශකයා මරපු මිනිහව බේරගන්න දඟලන කෙනෙක් ඉන්නකොට මේ අහිංසක අපි ගැන කවර කතාද.
    ඔයාලට කියන්නේ මෙච්චරයි ලෝකයට මේ රට නීතිය වල් වැදුන අවනීතිය රජ කරන රටක් කියල පෙනුනොත්
    උන් එක පිටින් දාල මෙහෙටත් එයි එක නවත්තගන්න වැඩ කරමු.
    නැතුව එයාව එපා අපිව විදුලි පුටුවේ ඉඳන්න කියල කෑ ගැහුවට වැඩක් නැහැ

    bayawenna epa yaluwa apita support ekata china and russia innawa..natnam rajathuma melahatath iwarai yuda aparada kala kiyala :dull:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    bayawenna epa yaluwa apita support ekata china and russia innawa..natnam rajathuma melahatath iwarai yuda aparada kala kiyala :dull:

    මොනවා උනත් මම සිංහල මිනිහෙක් හැටියට මේක තවත් ලිබියාවක් වෙනවට කැමති නැහැ.
    මොකද අපේ ජීවිතේ හොඳම කලේ සතුටින් ජීවත් වෙන්න ඕන.
    නැතුව අරාජික රටක දුක් විඳින්න කැමති නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සදාම් ලොක්කටත් වුනේ ඕක නේද?

    :yes::yes::yes: ඇමරිකාවෙ ලණු කාල සදාමි හුසේන් ගල්ෆ් යුද්ධෙ පටන් ගත්ත. ඇමරිකාව තමයි ඒක පටන් ගන්ඩ කියුවෙ. අන්තිමට ඉරාකෙ හමුදාව ආපහු රටට එද්දි උඩින් ඇවිත් ඉරාකෙ හමුදාවටම බෝමිබ දැමිම.සදාමි හුසේනට අරාබි රටවල් කවුරැවත් හිටයෙ නැ. අඩුම ගානේ පැනල එන්ඩ ඉරානෙවත් දොර ඇරියෙ නැ.
    මොකද කරගත්ත වැරැද්ධ හින්ද. ඒක සුද්ද ප'යෝජනයට ගත්ත ඉරානෙ තෙල් ටිකට කෙලින්ඩයි, මුලු අරාබියම තමන්ට ඔනේ විදිහට නටවන්ඩයි.දැන් අරාබියෙ කෙලින් හිටගෙන ඉන්නෙ අහමඩිනජාඩි විතරයි. අපිට තියෙන්නෙ බලාගෙන ඉන්ඩ :confused:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මම
    මුලින්ම එයාලට කියන්න ඕන ටික කියල ඉන්නම්
    විප්ලව කරන්න කලින් හරි හමන් නායකයෙක් හොයාගෙන හිටියොත් හොඳයි.
    එහෙම නැතුව නිකන් තුවක්කු අරන් පාරට බැස්ස කියල විප්ලව කරන්න බහ.
    අනෙක තමයි ලිබියාවේ උන ඒවා මෙහෙ වෙනකල් කට අරගෙන බලන් හිටියොත් අපට හැමදාමත් මෙහෙම ඉන්න වෙයි.
    අනෙක් කාරණේ මේ පවතින රජය පෙරලන්න කලින් බලයට ගෙන්න නායකයෙක් ඉන්නවද කියල බලන්න
    මොකද ප්‍රධාන විපක්ෂය (UNP ) එකේ රනිල් ලොක්කට හරි සජිත් ලොක්කට හරි ඕව කරන්න බැහැ.
    ජෙප්පොනට යන එන මන් නැහැ .
    මුලින්ම හරි හමන් නායකයෙක් හොයාගන්න ඕන.

    1917 ට කලිනුත් රුසියන් විප්ලවීය සටන තිබ්බා.. නමුත් නියම විප්ලවය පටන් ගන්නේ 1917 ජුනි ලෙනින් ජර්මනියේ ඉදලා ආවට පස්සෙයි. බොල්ශවික් පාක්ශිකයෝ සහ රුස්යන් හමුදාව හරිහමන් නායකත්වයක් නෑතිව පාලු ගෙයි වලන් බිදිනව වගේ තමයි යුද්ද කරේ.. ලෙනින්ගේ ආගමනයෙන් පසු ඔවුන මාස 4ක් සටන් කර කෙසේ හෝ සටන දින්නා.. එදා ඔක්තෝබරයේ ලොව විප්ලවයක් උනා.

    අද අපේ රටෙ විප්ලවය කියලා කෑ ගහන පොරවල් (සමහර උන් ජීවිතේට ලෙනින් කවුද කියාවත් දන්නේ නෑත ) කරන්නේත් ඔය ටිකමය. ප්‍රශ්නයට විසදුම මහින්ද ගෙදර යෑවීම නොව, මහින්දට වඩා හොද, වෑඩක් කල හෑකි නායකයෙක් ඉදිරියට ගෙන ඒමය.. මම දන්නා තරමින් එහෙම එකෙක් ලන්කාවේ නෑත! එසේ වු දාට රුසියන් හමුදාව රතු හමුදාව වුවා සේ, සියලුම නිශේදනීය බලවේග දුරුවී රට නිසි තෑනට විත් විප්ලවය ජය ගනු ඈත.

    තත්වය ඒසේ වේවායි අප සියල්ලෝම ප්‍රාර්ථනා කරමු.
     
    • Like
    Reactions: dath kimbula

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳ විග්‍රහයක්.
    අපේ රට මේ ප්‍රශ්නෙත් එක්ක පටලවා ගන්න එක සුදුසු නැහැ කියලයි මට හිතෙන්නෙ. මොකෝ මෙහෙ ඉන්නේ අමුතුම ඩයල් ටිකක්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    dull8ay.gif
     

    massina

    Active member
  • ගඩාෆි ඝාතනය-රැල්ල ගලන්නේ කොහොමද?කොහේටද? මොකටද?

    වසර 42ක මුවම්මර් අල් ගඩාෆි ගේ ලිබියානු පාලනය නොබෝදා ඇද වැටිණි. එපමණක් නොව පෙරේදා දින දී ඔහු ව ඝාතනය කෙරිණි. මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගඩාෆි ගේ පාලන තන්ත්‍රය පිළිබද විවේචනය කිරීම නොවේ. ඔහු බලයෙන් පහකිරිමේ සිද්ධිය සම්බන්ධ සමාජ, භූ දේශපාලනික සහ ආර්ථික කරුණු පිළිබද ව යම් විවේචනාත්මක විග්‍රහයක යෙදීමය.

    ගඩාෆි ගේ පාලන තන්ත්‍රය බිදවැට්ටවීම.

    මෙහි දී නේටෝව ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකල අතර , එය සාධාරණීකරණය සදහා ඉදිරිපත් කළ කරුණු වන්නේ ගඩාෆි අත්නෝමතික, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් ලිබියාව තුල ගෙන ගිය බව සහ මහජන මර්ධනයක් ගෙන ගිය බවය. මෙම කාරණා සත්‍ය නම් නැගෙන පළමු පැනය වන්නේ ඔහු වසර 42ක් රට පාලනය කරන තෙක් මේ දේශප්‍රේමීන් නිදි වැද සිටියේ කොහිද යන්නය. සත්‍ය ලෙසට ම සිදුවූයේ කුමක්ද? එය වටහා ගැනීමට නම් ‍අමෙරිකා, යුරෝපය ප්‍රමුඛ නේටෝව පසුගිය වසර 10ක් තිස්සේ ගෙන ගිය ක්‍රියාවලිය පිළිබද ව මුලින් ම විග්‍රහ කල යුතුය.

    නේටෝවේ පැටිකිරිය.

    සමාජවාදී රුසියාව පැවති සමයේ “සමාජවාදයේ තර්ජනය” මැඩ පැවැත්වීම සදහා ඇතිකල යුධ යාන්ත්‍රණය නේටෝවයි. එය, රුසියාව ප්‍රමුඛ වර්සෝ සංවිධානය වෙත මුහුණ දීම සදහා නිර්මාණය කළ එකකි. සමාජවාදී රුසියාව පෞර රාජ්‍යවල නැගීම රුකුලක් කර ගනිමින් බිද වැට්ටවීමෙන් පසුව නේටෝවේ ප්‍රමුඛතම කාර්ය භාරය පීළි පැන්න බව ප්‍රසිද්ධ රහසකි.
    පසුගිය දසවසර පුරා නේටෝවේ සාමාජික රටවල් සිය ආර්ථික බලය රදා පවත්වා ගැනීම සදහා නේටෝව යොදාගත් බව ඉතා පැහැදිළිය. මෙම ආර්ථික බලය හැසිරවීම සදහා මූලික කරුණු 3ක් වෙත අවධානය යොමු කොට ඇති බව පෙනේ.

    1. පෞර රාජ්‍යයන් (එනම් ස්වදේශික න්‍යායන් මත, සංවෘත හෝ අර්ධ සංවෘත ආර්ථික රීති පිළිපදින, දේශ මාමකත්වය ගාමක බලවේගය ලෙස භාවිතා කරනා රාජ්‍යයන්) මතුවීම වැළැක්වීම.
    2. ලොව ප්‍රධාන බල ශක්ති ප්‍රභවය වන ඛනිජ තෙල් සම්පතෙහි සහ අත්‍යාවශ්‍යක භු ඛනිජ සම්පත් වන යපස්, ටයිටේනියම්, රන්, ප්ලැටිනම්,තඹ, ටින් වැනි සම්පත් වල පරිපාලනය නතුකර ගැනීම.
    3. සිය න්‍යාය පත්‍රයට වෙනස් වන න්‍යාය පත්‍ර සහිත, සිය ආර්ථික සහ යුධමය අණසකට අභියෝග කරන නැගී එන නායකයන් ඉවත් කිරීම.


    මෙම කාරණා ත්‍රිත්වය ම එකිනෙක ඉතා ලං ව ගැට ගැසී ඇති බැවින් පැහැදිලි කර ගැනීම තරමක් සංකීර්ණය. නමුත් යම් යම් සංසිද්ධින් වෙන් වෙන් ව විග්‍රහ කර ගැනීමේ දී මෙම කරුණු 3 අවබෝධ කොට ගැනීම අපහසු නොවේ. අප අතීතයේ සිට යම් යම් සංසිද්ධින් ආශ්‍රයෙන් මෙය විග්‍රහ කර ගැනීමට උත්සාහ කරමු.

    චෙකොස්ලෝවෙකියාව බිදවැට්ටවීම.

    මාෂර්ල් ටිටෝ විසින් සර්බියාව, බොස්නියාව, චෙක් ජනරජය සහ ක්‍රොයේෂියාව යන රාජ්‍යයන් 4 එක්කොට නිර්මාණය කරන ලද චෙකොස්ලෝවෙකියාව කිසිදු රාජ්‍ය පරිපාලන හැකියාවක් නොමැති වූ ලෙක් වැවෙන්සා නමැති විදුලි කාර්මිකයෙකු ගේ (ලයිට් බාස්) නායකත්වයෙන් බිද වට්ටවන ලදී. මෙම බිද වැටිමෙන් පසුව ඇතිවූ රාජ්‍යයන් 4 එකිනෙකා ඇණ කොටා ගන්න සදාකාලික ඇණයක් බවට පත් වූ අතර, මෙම අර්බුද හමුවේ ඇති වූ කිසිදු රජයක් සාර්ථක නොවිනි. වසර 4කට පෙර මෙම පැවති රාජ්‍යයේ ඛනිජ සම්පත් බහුල ම කොටස හර්ෂගොවීනාව ලෙස නේටෝවේ සහ එක්සත් ජාතීන් ගේ මැදහත් වීමෙන් ස්වාධින රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර, දැන් එහි තඹ සහ යපස් ආකර මෙහෙයවනු ලබන්නේ අමෙරිකානු සහ ඉතාලි සමාගම් විසිනි. තවමත් මෙම ප්‍රදේශය වාර්ගික ගැටුම් පවතින ප්‍රදේශයකි. වසර කීපයකට පෙර බොස්නියානු නායක ස්ලොකාර් දුදායෙෆ් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කළ ද ප්‍රශ්නය තවමත් ඔඩු දුවමින් පවතී.

    ඉරාකය සහ සදාම් හුසේන්

    ඉරාකය ඛනිජ තෙල් සම්පත් අති බහුල රටකි. නමුත් එවායේ පාලනය බටහිරට අවශ්‍ය ආකාරයට සිදුකළ නොහැකි වූයේ එහි පාලකයා නිසාය. වෙනම රාජ්‍යයක් සදහා ත්‍රස්ත අරගලයක යෙදුණු කුර්දි කැරළි කරුවන් මර්දනය කිරීම සහ සමූල ඝාතක අවි ඇතිය යන “ටොං පචය” ලෝකයා හමුවේ තබමින් අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරන ලද අතර, නිල සංඛ්‍යා ලේඛන පෙන්වන ආකාරයට 60000ක ජනයා ඝාතනය කරමින් (නිල ‍නොවන සංඛ්‍යාලේඛන අනුව එය මිලියන1-1.6ත් අතර ගනනකි!) සදාම් හුසේන් ගේ රජය පෙරලා දමන ලදී. පසුව අල්ලා ගන්නා ලද සදාම් හුසේන් යුක්ති ‍යුක්ත නොවන ආකාරයේ නඩු විභාගයකින් පසුව එල්ලා මරා දමන ලදී. මුලින් කිවු සමූල ජනඝාතක අවි කිසිවක් ඉරාකයෙන් හමු නොවිණි. සාමකාමී ඉරාකයක් සහ ලෝකයට තර්ජනයක් නොවන ඉරාකයක් පතා සදාම් හුසේන් රජය පෙරලා දැමුවද ඉරාකයට බලාපොරොත්තු වූ සාමය නොලැබුණි. ලැබුනේ සදා පවතින නොනවතින අරගලයක් පමණි. මේ අරගලය හමුවේ ඉරාකයේ ස්ථාවර රජයක් ඇති නොවුණි. අස්ථාවර රජයකට ආර්ථික කටයුතු පවත්වා ගත නොහැකි වන නිසා, දැන් එහි තෙල් බිම් මෙහෙයවන්නේ chevaron Texaco, bp, shell වැනි යුරෝ-අමෙරිකානු සමාගම් විසිනි.

    ඇප්ඝනිස්ථානය සහ තලෙයිබාන් පාලනය

    අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට පහරදීම හේතුව කොට ගනිමින් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව “ත්‍රස්තවාදය වදන” මුල්ලා මොහොමඩ් ඕමාර් පුමුඛ ඇප්ඝන් තලෙයිබාන් පාලනය සහ එහි ආශිර්වාදය ලද අල් ඛයිඩා ත්‍රස්ත සංවිධානය බිද දමනු සදහා මෙහෙයුම් ඇරඹීය. නමුත් වසර ගණනක විඩා බරිත යුද්ධයකින් පසුව අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් මාස කීපයකට පෙර ඝාතනය කරනු ලැබුවද තලෙයිබාන් නායක මුල්ලා මොහොමඩ් ඕමාර් හෝ තලෙයිබාන් සංවිධානය විනාශ කිරීමට අමෙරිකාව හෝ නේටෝ හමුදා මේ දක්වා සමත් වී ඇති බවක් වාර්තා වී නොමැත. ඇප්ඝනිස්ථානය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කලද එහි බලය ලබාදෙන ලද්දේ අමෙරිකානු හිතවාදියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන හමීඩ් කර්සායි වෙතය. සියළු දේ සිදු කලද ජනඝාතක යුද්ධය තවම කෙළවරක් දැක නොමැත. ඇප්ඝන් රජය ස්ථාවර රජයක් නොවන අතර දැන් එහි යටි තල පහසුකම් සහ ඛනිජ සම්පත් වල මෙහෙයවීම් සිදු කරන්නේ යුරෝ - අමෙරිකානු සමාගම් විසිනි. ඇප්ඝනිස්ථානය ඛනිජ ලෝහ සම්පත් බහුල රටකි. එහි ඇති යපස්, තඹ සහ රන් නිධි වල දළ වටිනාකම ඇ.ඩො. බිලියන 40ක් බව කියැවේ.
    යුරෝපයට ලාභදායක ඛනිජ තෙල් මූලයක් වී ඇත්තේ පැරණි සෝවියට් දේශයෙන් වෙන්ව ගිය අසර්බයිජානය, කිර්ගීස්ථානය වැනි මුස්ලිම් රටවල්ය. මෙම රටවල සිට නල මගින් තෙල් යුරෝපයට ගෙනයාම විශාල පිරිවැයක් දැරීමට සිදුවන කාර්යක් වන අතර අඩු පිරිවැයකින් මෙම ක්‍රියාව සිදු කර ගැනීමට නම් එය මුහුදු මගින් ප්‍රවාහනය කලයුතු වේ. නමුත් මෙම රටවල් බිම් මායිම් රටවල් වන අතර මුහුද වෙත ගෙන ඒම සදහා වන කෙටිම නල මාර්ගය වැටෙන්නේ ඇප්ඝනිස්ථානය සහ පකිස්ථානය හරහා ඉන්දියානු සාගරය වෙතය. ‍‌ඇප්ඝනිස්ථානය දඩි බිඩියේ ආක්‍රමණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් රූකඩ පාලකයෙකු බලයට ‍ගෙන ඒම සහ දිගු කාලයක් තිස්සේ හමුදා ස්ථාපනය කර තිබීම පිළිබද යථාර්තය එයයි.

    සූඩානය-ඩාෆූර්

    දිළිදු අප්‍රිකානු රටවල් අතරින් තෙවන ස්ථානයට ඛනිජ තෙල් සම්පත් බහුල රට වන්නේ සූඩානයයි. සුළුතරය වූ කිතුණුවන් ගම් පිටින් ඝාතනය කරන ආකාරයේ වාර්ගික ගැටුමක් කෘතිමව නිර්මාණය කරන ලද අතර, මුදලට මිළ දී ගත් සූඩාන සන්නද්ධ මුස්ලිම් අන්තවාදීන් ගේ සහය මෙයට ලබා ගැනිණි. ප්‍රතිඵලය වූයේ ලොවම හෙල්ලුම් කවන ආකාරයේ මනුෂ්‍ය ඝාතනයන් සහ මානුෂ වර්ගයාට විරුද්ධ අපරාධ දකුණු සූඩානයේ ඩාෆූර් හි ඇති වීමය. මෙයට විසදුම ලෙස එක්සත් ජාතීන් හරහා ආගමික සුළුතරය වූ කිතුණුවන් වෙත වෙනම රාජ්‍යයක් නිර්මාණය වූ අතර, ඛනිජ තෙල් බහුල ම කලාපය එම නව රජය වෙත උරුම වන ලෙස නව සීමා මායිම් නිර්ණය කිරීම කෙසේ හෝ සිදු වී තිබේ. නව රජයේ මැතිවරණ පැවැත්වීම සදහා දැන් පිඹුරුපත් සකස්වෙමින් පවතින අතර, සන්නද්ධ මුස්ලිම් අන්තවාදීන් හට විරුද්ධව “අමෙරිකානු ආශිර්වාදය” සහිතව සටන් කළ ක්‍රිස්තියානු සටන්කාමීන් “පෝලිමේ උඩම” සිටින බව වාර්තාවෙයි.

    ඉහත දැක් වූ හමුදා ක්‍රියාන්විතයන් සදහා අමෙරිකාව පමණත් කළ වියදම අ.ඩො. ට්‍රිලියන එකකි.(මුළු ලොවෙහි ම වත්කම ලෙස ගැනෙන්නේ අ.ඩො. ට්‍රිලියන 58කි!) මේ වන විට අමෙරිකාව අ.ඩො. ට්‍රිලියන13ක් ලොවට ණය වී සිටී. කටයුතු මේ ලෙස යෙදී ඇති බැවින් අමෙරිකාව පුමුඛ නඩයට “අඩු පිරිවැයක් යටතේ ආණ්ඩු පෙරලීමේ ක්‍රමවේදයක්” අවශ්‍ය වී තිබේ. පහතින් දැක්වෙන්නේ එම “අඩු වියදම් ක්‍රමවේදය” දැනට ක්‍රියාත්මකවන ආකාරය සහ එයට යටින් දිවෙන යුරෝ-අමෙරිකානු උවමනාවන්ය.

    ඇල්ජීරියාව,ටියුනීසියාව,ඊජිප්තුව, සිරියාව, ඉරානය සහ ලිබියාව

    මුල් යුගයේ සිටි අරාබි-අප්‍රිකා නායකයන් අතරින් අමෙරිකාවට සහ විශේෂයෙන්ම ඊශ්‍රා‍යලයට තර්ජනයක් වූයේ ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර් ජනපතිවරයාය. අරාබි ලීගය නම් ඉස්ලාමීය සහයොගීතා හවුල නිර්මාණය කිරීම පිටුපස සිටි මහා පෞරුෂය වූයේ නසාර්ය. නසාර් ගේ ජාතික-ආගමිකත්ව න්‍යාය මත මුස්ලිම් ලෝකය එක්සත් වීමේ දැඩි අනාගත අවදානම දුටු අමෙරිකාව සී.අයි.ඒ. - මොසාඩ් හවුල් කුමන්ත්‍රණයක් මගින් නසාර් ජනපතිවරයා ඝාතනය කරන ලදී. නමුත් සියල්ල කණපිට හරවමින් නසාර්ට පසුව වෙනත් අප්‍රිකානු නායකයන් ද මේ නව ජාතික-ආගමිකත්ව න්‍යාය පිළිපදින්නට වීම අමෙරිකායට හිසරදයක් වූයේ අරාබි - ඉස්ලාම් සතුරන් රැසක් වට කරගත් යුදෙව් - ක්‍රිස්තියානි ඊශ්‍රා‍යලයට ඔවුන් ගේ ඇති හිතෛෂිවන්ත කම බහුතරය ඉස්ලාමීය වූ උතුරු අප්‍රිකානු රටවල් තමාට දක්වන සතුරුකමක් ලෙස වටහා ගැනීම නිසාය. මෙවැනි කැපී පෙනෙන නායකත්වයක් අරාබි-අප්‍රිකානු රටවලින් මතුව ඇත්තේ ඇල්ජීරියාව,ටියුනීසියාව,ඊජිප්තුව, සිරියාව, ඉරානය සහ ලිබියාව යන රටවලය. මේ හැර බහරේනය, යේමනය සහ ජෝර්දානය යන රටවල් ද අමෙරිකානු න්‍යාය පත්‍රයට අනුකූල නොවන ගමනක් යන රටවල්ය. මේ නිසා දැඩි අමෙරිකානු විරෝධයක් මේ රටවල් වල ජනිතවූ අතර, පසුව මතු වූ තෙල් නිධි හරහා මෙම සමහර රටවල් පොහොසත්වීම සහ අමෙරිකානු විරෝධීන්හට සහාය දැක්වීම, ජාතික රාජ්‍යයන් ලෙස මතුවන මෙම රටවල් වල නායකයන් අමෙරිකානු යුධ සහ ආර්ථික ආධිපත්‍ය හෙලා දැකීම සහ වෙනත් ආසියා,අප්‍රිකා, ලතින් අමෙරිකානු රටවලට මෙම තත්ත්වය “නරක පූර්වාදර්ශයක්” සැපයීම යන කරුණු මත මෙම “ඉත්තන්” ලෝක දේශපාලන “චෙස් පුවරුවෙන්” “කපා ඉවත් කිරීමේ” අමෙරිකානු අවශ්‍යතාවය මතුව පවතී.

    මුල් යුගයේ දී මුවම්මර් අල් ගඩාෆි දැඩි අමෙරිකානු විරෝධියෙකු ලෙස ලෝක දේශපාලනය තුල කැපී පෙනිණි. ඔහු ලිබියානු තෙල් මුදල් අමෙරිකානු විරෝධි සංවිධාන,කණ්ඩායම් වලට සහ අමෙරිකානු විරෝධි කදවුරේ රටවල සංවර්ධන අවශ්‍යතා සදහා එළිපිටම පරිත්‍යාග කලේය. ඒකාධිපති පාලකයෙකු සහ එළිපිටම අමෙරිකානු විරෝධියෙකු ලෙස කටයුතු කළ ඔහු ඝාතනය කිරීම සදහා වරක් සී.අයි. ඒ සංවිධානය ඔහු ගේ මන්දිරයකට බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කලේය. එයින් ගඩාෆි නූලෙන් බේරුණ ද ඔහු ගේ දියණියක එයින් මරුමුවට පත්විය. ලිබියානු තෙල් බිම් අමෙරිකාවට අවශ්‍ය පරිදි පාලනය කිරීමේ, අමෙරිකානු විරෝධි කදවුර වෙත ගඩාෆි ගේ අනුග්‍රහය නතර කිරීමේ, ගඩාෆි නිහඩ කොට එමගින් නැගෙන අමෙරිකානු විරෝධි රැල්ල පාලනය කිරීමේ සහ අමෙරිකානු විරෝධින්ට “මෙන්න බලපල්ලා අපට විරුද්ධ වන එවුන්ට වෙන දේ!!” යනුවෙන් පෙන්වීමේ අවශ්‍යතාවය අමෙරිකාවට දැඩිව තිබුණි.

    මේ සදහා අවශ්‍ය කරන මහා පරිමාන මූග්ල්‍යමය සහ යුධ සම්පත් යෙදවීම නූතන අධිරාජ්‍යවාදී න්‍යෘය පත්‍රය ක්‍රියායාත්මක කරන මෙම රටවලට දැන් ප්‍රශ්නයක් ව පවතී. අමෙරිකාව ඩොලර ට්‍රිලියන 13ක් වූ ණයකට ලක්ව සිටී. පසුගිය කාලයේ දී සිදු වූ ආර්ථික අවපාත සහ ආසියාව වෙත ආර්ථික බලය විකේන්ද්‍රණය වීමේ අන්තර් වාර අවස්ථාවකට මුහුණ දී සිටින බැවින් යුරෝපයද දැන් සිටින්නේ කරවටක් එරීය. මෙනිසා වඩා අඩු පිරිවැයකින් යුතු ඉරාකය, ඇප්ඝනිස්ථානය වැනි රටවල තමා මුහුණ දී ඇති දීර්ඝ කාළීන, විඩා භරිත යුධ තත්ත්වය මතු නොකරන ක්‍රමවේදයක අවශ්‍යතාවය ඉතා දැඩි ලෙස යුරෝ-අමෙරිකානු හවුලට දැනී ඇත.

    නව ක්‍රමවේදය.

    දැන් කරළියට පැමිණ ඇති නව ක්‍රවේදය ඇත්තෙන් ම අළුත් ම ක්‍රමවේදයක් නොවේ. මෙම ක්‍රමවේදය වරක් චීනය තුළ අත්හදා බලා අමෙරිකාව නා ගත් ආකාරය ඉතිහාසය තුළ පවතී. 1984 දී පෙයිචිං හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ උද්ඝෝෂණය අමෙරිකානු මුදල් මත සංවිධානය කළ එකක් වූ අතර, චීන රජය දැඩි මර්ධනකාරී බලයකින් එය විනාශ කර දැමීය. ටියනාන්-මෙන් චතුරශ්‍රයේ දී පමණක් උද්ඝෝෂක සිසුන් 3000ක් ඝාතනය විය.

    නව ක්‍රමවේදය වන්නේ පවතින රජය ජනතාවට එපා කරවන අන්දමේ තොරතුරු පළමුව ජනතාව වෙත කාන්දු කරවීමය. මේ සදහා බොහෝ විට උපයෝගී කර ගන්නේ මුදලට ගත් දේශීය ජනමාධ්‍යවේදීන්ය. පසුව කුඩා උද්ඝෝෂණ මගින් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කරනු ලබන අතර, ප්‍රචන්ඩ ක්‍රියාවන් තුළින් උද්ඝෝෂකයන් හට පහර දීමට සහ මර්දනයට පවතින පාලනාධිකාරිය පොළඹවනු ලබයි. රට තුළ සිටින රාජ්‍ය විරෝධීන් රහසේ සන්නද්ධ කරවනු ලබයි. දිගින් දිගට ම රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ඇති කරනු අතර රාජ්‍ය බලය උද්ඝෝෂකයන් මත දැඩි ව මුදා හැරීමට පොළඹවනු ලබයි. මෙම ගැටුම් වලින් මිය යන පුද්ගල සංඛ්‍යාව මත ජාත්‍යන්තරයේ (එනම් නේටෝවේ) මැදිහත්වීම තීරනය කරනු ලබන අතර, එම මැදහත්වීම් අවම මට්ටමේ පවතින සහයක් ලෙස ලබා දෙමින් අවි සහ යුධ උපකරණ ලබාදීමෙන් රට තුළ රජයට විරුද්ධ සන්නද්ධ අරගලයක් නිර්මාණය කරනු ලබයි. මෙම අරගල පවතින රජය හෝ පාලකයා විනාශ කරන තුරු උත්සන්න කිරීමට අවැසි සියළු පහසුකම් පසු පස සිට නූල අදින නූල් සූත්තර කරුවන් විසින් සපයනු ලබයි. නව රජයක් පිහිටුවන විට දී රටෙහි යටිතල පහසුකම් උපරිම ව විනාශ වී පවතින අතර, පිහිටුවන නව රජය සමන්විත වන්නේ අමෙරිකානු-යුරෝපීය ගැති රූකඩයන් ගෙනි. ඔවුන් ගේ පළමු ඉල්ලීම වනුයේ තම රට නැවත ගොඩ නැගීම සදහා අමෙරිකාව පුමුඛ රටවල සහායයි. ඉතින් හිතේ කිසිම කහටක් නොමැතිව අපේ මිතුරන් හට අදාළ රටෙහි පැළපදියම් වී එහි සම්පත් රිසි සේ උකහා ගත හැකි වනු ඇත.

    මැදපෙරදිග මෙන්ම ලෝකයේ ජිවත්වන අපගේ මුසල්මාන මිතුරන් මෙහිදී වටහා ගත යුතු කරුණු කීපයක් පවතී. මෙවැනි ක්‍රමවේදයන් ඉස්ලාමීය රටවල ඇතිකල හැකිවන්නේ ඉස්ලාමීය මූලධර්මවාදය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය ලොවට පෙන්නා තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම මගිනි. අන්‍යාගම් මත දක්වන පීඩනය වෙනුවට අන්‍යාගම් ඉවසීම සහ සහයෝගීතාවය මගින් මෙම සාධාරණිකරණය වළක්වා ගත හැකිය. එසේ නොවුව වුවහොත් මෙම රල පහර ගලන්නේ තෙල් මගින් සපයාගත් අරාබි-ඉස්ලාමීය සියළු හැකියාවන් සෝදා හරිමිනි. සියළු ඉස්ලාමීය අනන්‍යතාවයන් දියකර හරිමිනි.


    © dath kimbula @ ElaKiRi.com
    All Right reserved.
    තරමක් දිගු බව සත්‍ය වුවත් කියවා බලන්න.ඔබේ අදහස් උදහස් සහ යහපත් වූ සංවාදයක් ඉතාම අගය කොට සළකමි.

    ස්වාධින, ස්වයංලිඛිත විචාරයකි. කිසිදු තැනකින් කිසිදු උපුටා ගැනීමක් සිදුකොට නොමැත.
    කරුණාකර බ්ලොග් අඩවි ආදියෙහි පළ කරනු ලබන්නේ නම් උපුටා ගත් ස්ථානය ලෙස එළකිරි.කොම් සබැදියාව බහාලීමට කාරුණික වන්න.

    A very wise view of the truth machan.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් ඇමරිකාව ඇෆ්ගනිස්ථානය, ඉරාකය , ලිබියාව ආක්‍රමණය කර කියල ඒවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තියෙනවද?
    තාමත් ඇෆ්ගනිස්ථානය, ඉරාකය බෝම්බ පිපිරෙන යුද පිටි
    අපේ සමහරුන්ට ඕක තේරෙන්නේ නැහැ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම මේ අදහස් එක්ක එකඟ වෙන්න පුළුවං............
    මුළු ලෝකෙම දන්නවා ඇමරිකානු දිගුකාලීන යුධ සැලසුම්................
    ඒවට යන උපායමාර්ග...............
    ඒත් ඒවටම අහුවෙනවා..............
    මොනවා වුනත් ගඩාෆිව මැරුව එක අනුමත කරන්න පුළුවංද...............
    ගඩාෆිගෙ වැරදි තියනවා ඒක වෙනම දෙයක්...............
    ඒත් රටම වෙන අතකට හරවපු නායකයෙක්ව බල්ලෙක් වගේ මෙහෙම මහ පාරේ මරලා දැම්මේ කොහෙමද........
    වෙන කවුරුත් නෙමේ ඒ එ‍් රටේම මිනිස්සුයි එහෙම කලේ..............
    ඊටත් වඩා ලොකුම දේ පොඩි දේටත් මේවයේ ත්‍රෙඩ් දාගෙන දඟලන මිනිස්සු.........
    මේවාදැක්කේ නැහැ වගේ ඉන්න එක.................
    ගඩාෆි ගැන ශෝකය පල කරන්නෙත් දැන් අපිමයි..............
    මෙහෙමත් කල ගුණ අමතක කරන මිනිස්සු..........
    මොනවා වුනත් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා හිතාගන්න බැහැ...............
    මොකද ගඩාෆි කියන්නේ හිතුන දේ කරපු ඒකාධිපති පාලකයෙක්..............
    ඒක නිසා එයා අතිනුත් ගොඩක් වැරදි සිද්ධවුනා..............
    ඒත් එහෙම කියලා මේ මනුස්සයම මෙහෙම මරලා දාපු එක හරිද.............
    අපිට අපේ කෙනෙක්ට මෙහෙම වෙනවා බලං ඉන්න පුළුවංද..............
    මටනං ගොඩක් දුක හිතුනා...............
    මොකද රටක් සෞභාග්‍ය කරා ලං කරපු කෙනෙක් මේ................
    මිනිස්සු කොච්චර තිරිසන්නු වෙලාද.................
    කොයි කවුරුත් වපුරන දේ නෙලාගන්න බලාගෙන ඉන්න ඕනේ................
    ගඩාෆිට වුනෙත් ඒකමයි................
    මේ අනික් අයට වෙන්නෙත් ඕකමයි................
    මොනව වුනත් ඒ මනුස්සයගේ ආත්මයට සැනසීමක් ලැබේවා............!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්තුතියි සහෝදරයා දැනුවත් කිරීමට
    හැමදාම අදිරාජ්‍ය වාදීන් සහ බලය ඇත්තෝ කලේ ඕකමය
    එහෙත් ඒ මිම්මෙම් ලංකාවේ අද තත්වය මැනිය නොහැක
    ගඩාෆි අපට වීරයෙක් කියා ඔහුගේ ක්‍රියා කලාපය තුලින් අප නායකයෝ ඔහුට සම කර මෙහි නටන චොකා බයිලා සාධාරණිකරණය කල නොහැක
    හේතුව අපේ අ ය ගධාපි හම පොරවාගෙන ඉන්නේ තමන්ගේ වීරත්වය පෙන්වීමටය
    එහෙත් ඔය කගේ හෝ ඩොලර් මල්ලක් (රුපියල් හෝ කම් නැත )දුටුවිට ගඩාෆි හම විසි කර යැංකි කෙනෙකු වීමට ගත වන්නේ නිමේෂයකි
     

    Similar threads