Java කඩේ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    First Example

    අපි එහෙනම් අද බලමු කොහොමද Java වලින් simple program එකක් ලියාගන්නේ කොහොමද කියලා.

    අපි simple Java program එකකින් අපේ නම print කරගන්න පුළුවන් විදිහට coding ලියමු.

    Note Pad එක open කරගෙන මේ විදිහට ලියාගන්න. මේකේ තියෙන දේවල් පස්සේ කියලා දෙන්නම්.


    class MyName
    {
    public static void main(String args[])
    {
    System.out.println("My Name is KPZ");​
    }​
    }


    Java කියන්නේ case sensitive Language එකක්. ඒ නිසා මේ code එකේ තියෙන දේවල් ඒ විදිහටම ලියාගන්න.
    මේකෙ class MyName කියන කොටසේ MyName කියන එක තමයි අපේ program එකේ නම. නැත්නම් class name එක. අපි සාමාන්‍යයෙන් class name එකක් ලියන්න පටන් ගන්නේ capital letter වලින්. class name එක අපිට කැමති නමක් දාගන්න පුළුවන්. ඒ වගේම My Name is KPZ කියන කොටසටත් අපිට උවමනා දේ ලියාගන්න පුළුවන්. ඒ ටික තමයි program එකෙන් print වෙන්නේ. මෙතන KPZ වෙනුවට ඔයාලගේ නම දාගන්න ;) ;)



    දැන් note pad එකේ code ලියද්දී මම ලියල තියෙන විදිහටම space තියාගෙන ලියාගන්න. එතකොට වැරැද්දක් උනත් හොයාගන්න ලේසියි.

    ex1.jpg


    දැන් ලියාගත්ත code එක .java විදිහට save කරන්න. මෙතනදී අපි File name එකට දෙන්නෙ අපේ class name එකට අපි දාගත්ත නමයි. මේකෙ හැටියටනම් MyName කියන නමයි. අපි හදන java file ඔක්කොම desktop එකේ java කියලා folder එකක් හදලා එතන save කරගන්න


    ex1_2.jpg
     
    Last edited:
    • Like
    Reactions: rclakmal

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    දැන් command prompt එක open කරගෙන එකෙන් අපේ java file save කරපු තැනට යන්න.
    දැන් javac MyName.java කියලා type කරගන්න. මෙතනදී කරන්නේ අපේ java file එකට අදාල class file එක හදාගන්න එකයි.
    අපේ java file එකේ errors තිබුනොත් මේ විදිහට error message එකක් පෙන්නයි.

    ex1_4.jpg


    එහෙම errors පෙන්නුවේ නැත්තම් java MyName කියලා type කරල enter කලාම අපිට print කරගන්න ඕන ටික මෙහෙම print වෙලා පෙන්නයි.

    මේ තියෙන්නේ මම කියපු ටික පිළිවෙලට කරන විදිහ.

    1. go to command prompt.
    2. go to destination folder from cmd(by typing cd).
    3. type javac MyName.java
    4. type java MyName


    ex1_3.jpg



    ඔයාලා දැන් අපි java file save කරගත්ත folder එකට ගියොත් බලාගන්න පුළුවන් file ජාති 2ක්.
    ඒ..
    1. අපේ .java file එක.
    2. අනික අපේ .java file එකෙන් අපි හදාගත්ත CLASS file එක

    ex1_5.jpg



    ඔයාලට පේනවා ඇති file 2 size එක. දෙකම 1 KB.

    ඔන්න බලන්න අපේ code එක ටිකක් දික් කලොත් මොකද වෙන්නෙ කියලා.

    ex1_6.jpg


    ex1_7.jpg


    ex1_8.jpg


    එතකොට .java file එකේ size එක 2 KB වලට වැඩි උනා දැක්කද?. ඒත් CLASS file එකේ size එක තාමත් 1 KB.

    java වල තියෙන වාසිය ඕක තමයි. ඔය 1 KB class file එක අපිට pen driver එකෙන් java තියෙන වෙන machine එකකට (වෙන OS එකක් තියෙන machine එකකට උනත් පුළුවන්) ගෙනිහින් ඒ machine එකේ run කරගන්න පුළුවන්. ඒත් .java file එක වෙන OS එකක run කරන්න බැහැ.

    එකට හේතුව ඊළඟට කියලා දෙන්නම්.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Yeah I did my Industry Placement in Java...

    This is gonna be a patta thread for new comers to programming in java... :) :) :)

    Keep up the good work... :) :) :)