දුමින්ද_ මුමුණනවා
දැන් වචන මුමුණනවා
දුමින්දගෙන් ළඟදීම කට උත්තර ගන්නවා
පොලිසිය කියයි
(නෝමන් පලිහවඩන)
පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් "දිවයින" ට ඊයේ පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.
තවදුරටත් මේ පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට සහ රෝහල් වාට්ටුවට දැඩි පොලිස් රැකවරණ යොදා ඇත.
දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද පොලිසිය කියයි.
(2011/10/25 දිවයින )

Code:
http://www.divaina.com/2011/10/25/news02.html
Last edited: