ඩීසල් ලීටරයක් විකිණීමේ දී තෙල් සංස්ථාවට ර
ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබාන විට මිල රු.112 ක් වුවද ඩීසල් ලීටරයක් රුපියල් 84 කට වැනි මිලකට විකිණීම නිසා ඩීසල් ලීටරයකින් රුපියල් 28ක අලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දරා ගැනීමට සිදු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එමෙන්ම ඩීසල් පරිභෝජනය පෙට්‍රල් මෙන් දෙගුණයක් වන අතර විදුලි නිෂ්පාදනය සදහා ඩීසල් ලබා දුන් විට ඩීසල් පරිභෝජනය තුන්ගුණයක් වේ.උදාහරණයක් ලෙස දිනකට පෙට්‍රල් ටොන් 2000ක් පරිභෝජනය කරන විට විදුලිබල ක්ෂේත්‍රය ද ඇතුලුව ඩීසල් පරිභෝජනය දිනකට ටොන් 6000ක් පමණ වේ. මේ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 28ක් බැගින් වන පාඩුව අති විශාල බව එම සංස්ථාව පවසයි.
පෙට්‍රල් සදහා අයකරන බදු පිළිබදව පමණක් අදහස් දක්වන එක්සත් ජාතික පක‍්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඩීසල් ගැන අදහස් නොදක්වන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසයි.
ඩීසල් මිල මීට වඩා වැඩි කළහොත් බොහෝ භාණ්ඩ වල මිළ ඉහළ යනු ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හා ආහාර ඇතුලු භාණ්ඩ මිල ඉහළ යාම වළක්වා ගැනීම සදහා ඩීසල් සහනදායී මිලකට රජය ලබා දෙයි. පෙට්‍රල් වලින් ලැඛෙන බදු මුදලින් ඩීසල් අලෙවියෙන් වන පාඩුව යම් පමණකින් හෝ මේ නිසා තුලනය වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තවද පසුගිය මාස 6 තුළම විදුලි නිෂ්පාදනයට ඩීසල් භාවිතය වැඩි වූ නිසා සහන මිලට විදුලිබල මණ්ඩලයට ඩීසල් ලබා දීමට සිදු විය. මෙසේ වන පාඩුව අවම කර ගැනීම සදහා ඉන්ධන මිල අවම වැඩි කිරීමක් කළේය. ඉන්ධන මිළ ඉහළ දැමීමෙන් පසුව පවත්නා මිළ ඉන්දියාව ඇතුලූ රටවල් සමග සංසන්දනය කළවිට මෙරට ඉන්ධන මිළට වඩා එම රටවල ඉන්ධන මිළ ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වන බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පවසයි.