දන්නෙ_නැත්තං_දැනගන්නවල

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    දන්නෙ_නැත්තං_දැනගන්නවල

    Google Doodles

    christie10-hp.jpg


    flintstones10-hp.jpg


    දැන් ගොඩක් කට්ටිය යූස් කරන්නෙ ගූගල් ක්‍රෝම් නෙ. ඉතිං ඒ ඈයො www.google.com සයිට් එකට යනව අඩුයි නෙ (මේ මම වගේ අය). එහෙම නැති අය නම් දන්නවත් ඇති. ඒ උනාට දන්නෙ නැති අය වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දැම්ම. මටත් මේක අහු උනේ අහම්බෙන්. කට්ටිය සයිට් එකට වැඩිය යන්නෙ නැති උනාට ගූගල් හෝම්පේජ් එකේ සමහර දවස්වලට තියන පින්තූර නම් එක සැරයක් හරි දැකල ඇති නෙ. (අර ගූගල් ලෝගෝ එකම වෙනස් කරල හදන එව්ව?)

    මම කතාවෙන් පිට පනිනව නෙ. අද අහම්බෙන් මම ගූගල් සයිට් එකට ගියා. ගිහිල්ල search box එකේ මොනවත් නොගහ, අර I'm Feeling Lucky කියල බොත්තමක් තියෙන්නෙ.

    Huh-whut.png
    අන්න ඒක එබුව. එබුව විතරයි මෙන්න මොකද්ද වෙන පේජ් එකකට යනව...

    මෙන්න අප්පච්චියේ මම අර කිව්ව පින්තූර ටික පෝලිමට තියනව. වැඩක් නැති එකේ ගනන් කරල බැලුව. 300කට වැඩියි. 1998 ඉඳල ගහපු හැම පින්තූරයක්ම තියනව. විස්තර ගොඩාරියකුත් එක්ක.
    තියන ඉන්ගිරීසි දැනුමෙන් කියවල තේරුම් ගන්න බැලුව. පස්සෙ බලනකොට මේ පින්තූර වලට කියන්නෙ Doodles කියල. තේරෙන හැටියට මේව අඳින්න හදන්න වෙනමම කට්ටියක් ඉන්නවලු Google කොම්පැනියෙ.


    googleburn.jpg
    මේ තියෙන්නෙ පළවෙනි Google Doodle එක. 1998 අගෝස්තු 30 වෙනිද.

    අපිටත් ඕනෙ නම් මොනව හරි ඇඳල යවන්න පුළුවන් වගේ. එච්චර තේරෙන්නෙ නම් නෑ. ඒත් ඉන්ටර්නෙට් එකෙන් බඩු බාහිර ආදිය ගන්න ඈයොන්ට නම් එතන T-shirt, bags, mugs, prints... තව හෙන ගොඩක් දේවල් ගන්නත් පුළුවන්.

    noonuccal11-hp.jpg


    andre_malraux-2011-hp.jpg


    halloween-2011-hp.jpg


    croatian_independence_day-2011-hp.jpg


    komensky10_hp.gif


    piday10-hp.gif


    olympics10-closing-hp.png

    කට්ටියත් ගිහිල්ල බලන්න. මට වඩා ඉන්ගිරිසි තේරෙන ඈයො ගොඩක් ඇතිනෙ එළකිරියෙ. ඒ කට්ටියට පුළුවන් නෙ අනික් හරිය තේරුං කරල දෙන්න.

    හරි අමාරුවෙන් මේ වචන ටික කොටාගත්තෙ. සෑහෙන වෙලාවක් ගියා. මේ අහිංසකයගෙ මහන්සිය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි rep එකක් හරි දීල යන්න.



    වෙලාව තියනව නම් මගේ අනික් ත්‍රෙඩ්ස් වලටත් ඔලුව දාල යන්න.

    සිංහල උපසිරසි හදන්නේ කොහොමද?
    පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි
    Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්
     
    Last edited:
    • Like
    Reactions: gudaya