කටු ඔටුන්නෙන් බැටකන ඩිල්ශාන් සහ අපේ ක්රි
පකිස්‌ථානයට එරෙහිව අසාර්ථක වුණු ක්‍රීඩකයන් යන අවමානයෙන් මහේලට සහ ඩිල්ෂාන්ට ගැලවීමක් ලැබෙන්නෙ නැහැ. මොවුන් දෙදෙනා පකිස්‌ථානයට එරෙහිව පමණක් නොව ඊට පෙර ඔස්‌ටේ්‍රලියාවට එරෙහිවත් ටෙස්‌ට් තරගාවලියේදී අසාර්ථක වුණා. එංගලන්තයට එරෙහිවත් ඩිල්ෂාන්ගේ ලෝඩ්ස් ඉනිම හැරෙන්න ඔවුන් දෙදෙනා අසාර්ථ වුණා. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අසාර්ථකත්වය ශ්‍රී ලංකා ටෙස්‌ට් ක්‍රිකට් කණ්‌ඩායමේ අසාර්ථකත්වයටද දැඩිව බලපා තිබෙනවා. විශේෂයෙන් ඩිල්ෂාන් නායකත්වයට පත් වීමෙන් පසුව ඔහු දැඩි ලකුණු අහේනියකින් පෙළෙමින් සිටිනවා. තම පිතිකරු ස්‌ථානය පවා එහා මෙහා කරමින් ඩිල්ෂාන් තමාගේ රිද්මය සොයමින් සිටිනවා. ඒත් මේ විදිහට එහා මෙහා ගිහින් ඩිල්ෂාන්ට උන්හිටි තැන් අහිමි වෙයිද යන ප්‍රශ්නයද පැන නගිනවා. වෙනදා අසාර්ථක වුහොත් කණ්‌ඩායමේ තම ස්‌ථානය ගැන බියක් පමණක් ඩිල්ෂාන්ට දැනුනත් දැන් ඔහුට තවත් දෙයක් පිළිබඳ බියක් දැනෙමින් තිබෙනවා. ඒ නායකත්වය පිළිsබඳ බිය. තමාගේ නායකත්වයේ කිරුළත් වෙනත් අයෙකුට හිමි වෙයිද යන බිය ඩිල්ෂාන් තුළ හොල්මන් කර සිටිනවා. ශ්‍රී ලංකාව ටෙස්‌ට් තරග වලදී පෙන්නුම් කරන දුර්වලතාව ඒ බිය ඇතිවීමට හේතුවක්. ඒත් ඩිල්ෂාන් නායකත්වය දෙන්නේ මුරලිදරන් නොමැති ශ්‍රී ලංකා කණ්‌ඩායමකට බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ. වගේම මහේල ජයවර්ධන නම් ශ්‍රී ලංකා ටෙස්‌ට් ක්‍රිකට් කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨතමයාගේත් දුර්වලම පිතිහරඹය දක්‌නට ලැබෙන කාලයකදීයි ඩිල්ෂාන් කණ්‌ඩායමේ නායකත්වය දරන්නේ. ඒ වගේම ඩිල්ෂාන් නම් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවාත් දිගින් දිගටම අසාර්ථක මට්‌ටමේ සිටින කාලයකදීයි ඩිල්ෂාන් නම් නායකයා ශ්‍රී ලංකා කණ්‌ඩායමට නායකත්වය දෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ටෙස්‌ට් කණ්‌ඩායමේ "ඇණය" ලෙස සැලකෙන ටෙස්‌ට් ක්‍රිකට් පිළිබඳ විශේෂිකරණයට පත් තිලාන් සමරවීර නම් ටෙස්‌ට් ක්‍රීඩකයාගේ දුර්වලම පිතිහරඹය පවතින කාලයේත් ඒ නිසාම ඔහුව කණ්‌ඩායමෙන් නෙරපා ඇති කාලයකදීත් තමයි ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට නායකත්වය දෙන්නේ.
Read more: http://www.cricturf.com/sinhala/53-snews/3127-2011-11-12-15-46-33.html#ixzz1dVh8sAEK