ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු&

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු&

    ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........

    skmbtc25211102708000.jpg


    දිනය 2011.11.13
    අද රෑ 8 ත් වෙලා වෙනදා 7.50ට මාතර නැවතුමට(නැවතුම ලඟ පාරට ) එන අම්බලන්ගොඩ-අම්පාර සී.ටී.බී. බස් එක තාම ආවෙ නැහැනෙ..
    සමහර විට අද කට කපලා සෙනඟ ඇති මොකද ගිය සතියෙත් නිවාඩු 2ක් තිබුනනෙ...
    මම වගේ නැතෑ...අනිත් රාජ්‍ය සේවකයොත්...
    මම හිතින් මටම කියාගත්තා.....
    ඒ මදිවට හීන් පොද වැස්සකුත් ....කුඩයක් පාවිච්චි නොකරන එකට මට දඩුවම් ලැබුනා ස්වභාව දහමින්ම.....
    ඇඟටත් එච්චර සනීප මදි.අනේ මන්දා යන්න තියන දුර මතක්වෙලාද...
    නැත්නම් මෙච්චර දවස් පෙම්බරී එක්ක ඉඳලා වෙන්වුන නිසාද,අම්මව,අක්කව සිත්මිදුවවයි,පමිතු පුතාවයි අතහැරලා එන්න වුනු නිසාද මේ තරම් ඇඟට අපහසුවක් දැනෙන්නේ...
    දුවවයි පුතාවයි අක්කගෙ හොඳද.....
    අම්මා..ඇතියන්තං ආවෙ අම්පාර කියලා ධර්ම චක්‍රයකුත් ගහගත්ත බස් එකක්..
    අම්මේ කිලෝමීටර 250ක් මාතර ඉඳන් අම්පාරට හිටගෙන යන්න වුනොත් කොහොමද ආතල් එක මට නිකමට හිතුනා...
    ආ...මම දැන් බස් එකේ...වාඩිවෙන්න ඉඩ නැහැ...මම පැය 24ම අප්ඩේට්ව තියා ගන්න ඕන ජී.පී.එස්. එක අප්ඩේට් කලා..හච් මාසේටම 200ට පින් සිද්දවෙන්න....;)
    යකෝ..මේකෙ වාඩිවෙන්න ති‍යා බෑග් එක තියාගන්න වත් ඉඩ නැහැ...
    බෑග් එකක් පොඩ්ඩක් එහෙමෙහෙ කරලා එක බෑග් එකක් ඔබා ගත්තා..
    ටොප් ලැට් එක බෙල්ලේ එල්ල ගන්න ගමන්...
    හෙට උදෙන්ම ඇය කොළඹ යාවි...
    කවුරු ලඟින් බස් එකේ වාඩි වෙයිද...
    කවුරු ඇගේ දිහා බලයිද...සැකයක් නැති උනත් ඒවා හිතේ වදදෙන ප්‍රශ්න......
    ටිකෙන් ටික ඇයත් මමත් අතර දුර වැඩිවෙනවා..හෙට උදේ වෙද්දී ඇය ලංකාවෙ එකකෙලවරක මම අනෙක් කෙලවරේ මේවත් ඇඟේ අමාරුවත් එක්ක දැනෙනවා......
    මම මටම කියාගත්තා...:love:
    කොන්දොස්තර මහත්තය කෑ ගහනවා..."ඉස්සරහ ඉස්කෝඩ් එක ඉන්නවා ටිකට් නැතිකරගන්න එපා..."
    එහෙම කියන්නෙ ටිකට් නොගෙන යනවුන් බය කරන්න බව හොඳටම දන්නවා....
    ම්හ්...අපි අහුවෙයි ඔව්වට.....:rofl::rofl:
    පසුගිය පෝයට සිල් ගත්ත නිසාත් හිතට පොඩ්ඩක් විතර අවුල් වගේ ඉබ්බ ගහන එක...ඒත්..250දැන් 270ක් වක් වෙලාඇති.......
    ගොඩක් දවස්වල පෙම්බරිය බලන්න කොළඹ යන නිසා මේ බස් එකේ ගානවත් දන්නේ නැහැ......
    සල්ලි කියලා බලන්නෙ නැතුව ඇද්දා රුපියල් 300ක්ම.....
    අප්පා 273යි හරි හිතුවට වඩා 3ක් වැඩි..මල්ලි මාරු 5ක් තියද?....දුන්නා...ඉතිරි 30යි..රුපියල් 2කොන්දගෙ ගෑනිට.....:P
    පකිස් පෙට්ටි කෑලි වල ලියපු"23,24 වෙන්කර ඇත.." ඔය වගේ වදන් උඩ රඳවලා තිබුනා වීදුරුවයි අර කට්ටිය කුඩ එහෙම ගහන යකඩ බාර් එකයි අතරෙ...
    ටිකක් දුර යද්දී බස් එකේ ඉස්සරහ පොඩිකාලගෝට්ටියක්..මම පස්සෙ කෙලවරට වෙන්න හිටිය නිසා මට එච්චර පැහැදිලිව ඇහුනෙ නැහැ...
    "අඩෝ අපි තංගල්ලෙ,අම්බලන්තොට"මට ඇහුනේ එච්චරයි..කාවහරි ගමෙන් පොර වෙන්න දඟලන පයියාගල බල්ලෙක් වෙන්න ඇති..මට නිකමට හිතුනා..
    ඒ අතරෙ තව මගියෙක්"ආ තංගල්ලෙ ගුවන් පාලමක් වත් හදනවද ඔච්චර සද්දෙ දාන්නෙ අම්මට හු***න..අපිට මේ ගමන යන්න ඕන ඇදලා දාන්න දෙකක් දීලා එලියට..."
    වැඩේ මෙහෙමයි තංගල්ලට එහා බහින පවුලක් තංගල්ලට ට්කට් අරගෙන කොන්දොස්තරට මේක මීටර් වෙලා ආයෙත් ටිකට්ස් කඩලා..
    විලි ලැජ්ජාවෙ සන්තෝෂෙ බෑ....මේකගෙ පවුලයි පොඩි බබාලා දෙන්නයි....පොඩ්ඩක් ශේප් වෙන්න තිබ්බනෙ..හොඳින් කියලා..
    එක අතකට පව් කියලත් හිතුනා ඒ මනුස්සයා.......

    මල්ලිකෙනෙක් තඩි මොනිටර් එකක් උකුලේ තියාගෙන අමාරුවෙන්...
    "මල්ලි කොහෙන්ද බහින්නෙ"
    "මිරිජ්ජවිල"
    අම්මා..දැන්තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ...:):)අනේ මල්ලි බහිනකොට මට සීට් එක දෙන්න.මම බැගෑපත්වුනා...
    තව ටිකක් ෆිට් වෙන්න ඕනෑකියලා හිතලා ...ආ මල්ලි බර වැඩි නේ..එල්.සී.ඩී. එකක් ගත්තානම් ලේසිනෙ...මමත් ඔය කට්ට කෑවා...
    වැල බලන්න කොල්ලො විඳිනා දුක.......;)
    බ්‍රැන්ඩික්ස් එකේ යට ඇඳුම් මහන කොල්ලො දෙන්නෙක්.....උන් දෙන්නා..අහින්සක කොල්ලෝ පව්....


    අම්මටසිරි තවටිකක් දුර ගියාම කෑ ගහනවා.දන්සැලක් වගේ..ඒත් මේ පෝයවත් නෙවෙයිනෙ....
    "ආ කට්ටිය තේ බොන්න බහින්න...බත් කන්න බහින්න.."
    හරියට නිකන් දෙන්න වගේ කථාව බස් එකට තඩි බානවා...කාලකන්නි...
    බිත්තර රොටිය-50යි.
    ප්ලේන්ටි එක-12යි.
    ඔක්කොම 70යි..
    ඉතිරි 8ට ටොෆි3යි........
    ලාභයි...:angry::angry:
    අහ්...කමක් නැහැ ඒ සල්ලි වලින් අපේ දෙන්නෙක් ඇතුලෙ සප්පායම් වෙනවනෙ..මදුවිතත් එක්කම...සතුටුයි.....
    පෝප්.......අම්පාර බස් ඒකේ අය නගින්න....

    අයියා වාඩි වෙන්න.මේ මොනිට' එකත් තියාගෙනම..මේ අනිත් පැත්තෙ ඉන්න මිනිහත් එක්ක වාඩිවෙලා යන්න බැහැ....
    ඌ බූරුවෙක්..බූරු ඇඳ දිග ඇරගෙනමයි බස් එකේ යන්නෙ..ඒ කියන්නෙ කකු දෙක පළල්කරගෙන....
    ඒ මදිවට ඒකා චයිනිස් ෆෝන් එකක් තියාගෙන මහ හයීන් සින්දු දාගෙන..මූනම් මී හරකෙක්ම තමයි.......
    ටිකක්..දුර යද්දී තමා මටත් වැඩේ මීටර් වුනේ...ඌට බස් එකක යන විදිය කියලා දීලා නැහැ උගේ ගුරුවරු..
    ඕක කියලා දෙන්නත් දෙයක්ද අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න....ඔය ගොල්ලො පොඩ්ඩක් හිතන්න අනුන්ට කරදරක්නොවී ජීවත් වෙන්න...
    ඒමදිවට උගේ ප්‍රොෆෙශනල් ලුක් එක..තඩි අංක කරකවන පෙට්ටියක්...අම්මගෙ රෙද්දෙ ප්‍රොෆෙශනල්..මීහරකෙක්....:dull::dull:
    .................
    යාන්තම් ඩ්‍රැයිවර් මහත්තයට පින් සිද්ද වෙන්න 2.30 වෙද්දී අම්පාරට සේන්දු වුනා..
    ම්...දැන් ඉතින්..කාපන්කො කට්ට කල්මුණෙ බස් එකක් එනකන්....
    ඒසී වල යන උන් නම් දාගෙන යනවා බොරු....
    හවස 6ට කොළඹින් එන බස් එක4ට එනවා..ඒකත් මේ දවස් වල නැහැ.......
    අඳුර අතරින් යාන්තමින් පෙණුන...අම්පාරෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියන ගස්වල සුදු මල් මට හොඳට පුරුදුයි...
    තේ බොන්න කඩයක්වත් නැති..
    අඩියෙන් අඩිය තැබෑරුම් තියන පව්කාරයින්ගේ නගරයක් අම්පාර කියන්නේ...
    ආ කියන්න බැරි වුනානෙ ඒ සුදුමල් ගැන..ඒවා....ගස් උඩ නිදියන කොක්කු පරවියො වගේ කුරුල්ලෝ..අම්පාරෙ ගියපු වෙලාවක බලන්න......රෑක:yes:
    .......
    ටිකක් අරෙහෙට මෙහෙට ඇඹරෙද්දී .."අයියා කොහෙද යන්නෙ"
    මම ඇසුවෙමි..
    මල්ලි මම මඩකලපු යනවා රත්නපුරෙන් ආවෙ වෙලාව වැඩි තව ටිකක් පරක්කු වෙලා බස් එකට නැඟානම් හරි...
    තමන් මුලින් විශේෂ කාර්ය බලකායේ බවත් වසර දහයක් සේවයෙන් දැන් රත්නපුර පොළිසියේ බවත්, මුලින් කලවාන්චිකුඩි සේවයකරන විට සිදු වූ
    මිනීමැරීමක් සම්බන්දව නඩුවකට මඩකළපු යන බවත් පැවසුවා....අයියා ගාමනී බැලුවද ?....
    මට අහන්න දෙයක් නැති නිසා ඇහුවා....

    [මම නම් දකින්නෙ...ගාමණී හොඳ ෆිල්ම් එකක්...
    අර ලේ වෙනුවට දම් පාට කුකුල් සායම් ගහන එකයි..අර සෙක්සි කෙල්ලෙක් දාලා අම්පාරත් එක්ක පච නොකරනම්...තවත් හොඳයි...
    අම්පාරෙ කොහෙද එච්චර සෙක්සි කෙල්ලො 1999...දැන් කඩ වල ඉන්න උනුත් කොන්ඩම් එකක් ඉල්ලුවාම ඇඹරෙනවා...
    දෙන්නෙත් නිකන් සුලැඟිලෙන් අල්ලලා යකෝ ...නිකන් මේ කෙල්ලට වැඩේ කොරන්න හදනවා කියලා හිතිලද දන්නේ නැහැ........මේක මට වෙච්ච සිද්දියක්...;);)]

    "ම්....මටනම් කියන්න තියන්නෙ ගාමණී ෆිල්ම් එකෙන් කියපු දේ එක පැත්තක් විතරයි...මම දන්නවා ඔය ප්‍රශ්න පටන් ගත්තු නියම විදිය...
    අපේ සිංහල යැයි කියාගන්නා සුලු පිරිසක් ඔය අසල දෙමළ ගම්මාන වලට ගිහිල්ලා හරක් හොරකම් කරගෙන ආවා........
    තව..මම දන්න සිවිල් ආරක්ශකයෝ පවා(එකෙක් දෙන්නෙක් ඔක්කොම නොවේ)
    ඒ ගම්මාන වල ඉන්න දෙමළ කෙල්ලන දූෂණය කරා.."

    මේ කියපු දේ ඇත්තනම්..මොන තරම් පවක්ද.?....
    එකෙක් දෙන්නෙක් කරපු අමන වැඩ වලට වන්දි ගෙවන්න වුනේ අසරණ මිනිස්සු ටිකකට මම මටම කියා ගත්තා....
    කොහොම වුනත් ත්‍රස්තවාදීන් අපේ සිංහල බෞද්ධයන්ට කරපු විනාසය සාධාරණීකරනය කරන්න බැහැ...
    ලඟදිම මුස්ලිම් වරුන් ....ඒක පටන් ගනීවි දැනටමත්..ඒක පටන් අරගෙන සූක්ශම විදියට...
    කවදාහරි ඒක කේන්ද්‍රස්ථානය නැගෙනහිර පළාත වනබව සක්සුදක් සේ පැහැදිලිය.....
    එදාට නිවට වඳුරො වගේ විලිස්ස විලිස්ස හිටහල්ලා..........
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හරිම රසවත් විදියට අත්දැකීම ලියලා තියෙනවා. විචාරයක් වගේ කියලා හිතෙනවා. කියන්න පුළුවන් එක හුස්මට ! :yes:
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේකෙ ලියවිලා තියෙන ඔබගේ සමහර සිතුම් පැතුම් සිතන ආකාරයන් බොහොමයක් මා පෞද්ගලික සිතුම් පැතුම් හා සමානයි ඇත්තෙන්ම. ඒක නිසා මේක ඇත්තටම මම ආයෙත් පාරක් දැන් කියෙව්වා. :D
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ♦ කවුද BoY ♦;11371932 said:
    good post
    :):)

    මේකෙ ලියවිලා තියෙන ඔබගේ සමහර සිතුම් පැතුම් සිතන ආකාරයන් බොහොමයක් මා පෞද්ගලික සිතුම් පැතුම් හා සමානයි ඇත්තෙන්ම. ඒක නිසා මේක ඇත්තටම මම ආයෙත් පාරක් දැන් කියෙව්වා. :D
    :):):)

    කලු පූසා;11372043 said:
    niyamai bump
    :)
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    nice style machan
    එක දිගටම කියෙව්ව ලස්සනට ලියනවා දිගටම ලියපන් මචන් ආසාවෙන් කියවන්න පුලුවන්
    :yes::yes:
     
    • Like
    Reactions: inranasingha