මීමුරේ යන්ට දෙනවද උපදෙස්

gepa

Well-known member
  • මීමුරේ යන්ට දෙනවද උපදෙස්

    මචංල අපිට මීමුරේ යන්ඩ අදහසක් තියනවා...මෙහේගිය එවුන් ඉන්නවනම් මචංලා ගමනට පෙර සූදානම් වෙන්න දෙනවද උපදෙස් ටිකක්...පාරේ බස් එකේ තමයි යන්ට ඉන්නේ....
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සුදානම් වෙන්න කිව්වෙ? මොන වගේ එවාද?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නවාතැන් ගන්න විදියක්..ගෙනියන්ට ඕනි ඒවා....ප්‍රවාහන පහසුකම් ගැන එහෙම විස්තරයක්
    PM 1ක් එව්වා ස්පැම් වෙන නිසා.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අපි මීමුරේ ගියා බස් එකේ. අවුරුදු එක හමාරකට විතර කලින්. උදේ පාන්දර නුවරින් මහියන්ගන බස් එකට නැගලා හුන්නස්ගිරියට ගියා. උදේ 9.15ට විතර හුන්නස්ගිරියෙන් බස් එකක් තියෙනවා ලූල්වත්තට. ඒ බස් එක මිස් උනොත් වෙන බස් නෑ.

    ලූල්වත්තෙ ඉදලා මීමුරේට යනකල් අපි පයින් ගියේ. හැබැයි ලේසි නෑ. අපි උදේ 10.30 ට විතර ලූල්වත්තෙන් බැහැලා හවස 4.30 විතර වෙනකල්ම එක දිගට පයින් ගියා. කොල්ලො හතර දෙනෙක් විතරයි ගියේ. අපි යන්න කලින් මීමුරේ ගෙදරකට කියලා තිබුනේ නවතින්න තැනක් ඕනෙ කියලා. අදින ඇදුම් ඇර වෙන කිසිම දෙයක් අරන් ගියේ නෑ. මීමුරේ එක කඩයක් තියෙනවා. අපි ඒකෙන් උයන්න ඕනෙ දේවල් ඒ ගෙදර හිටිය ආච්චිට ගෙනිහින් දුන්නා. කෑම ටිකනම් අති විශිෂ්ඨයි.

    එදා හවස ගගෙන් නාලා ගමේ ටිකක් ඇවිදලා ආපහු ඇවිත් නිදා ගත්තා ඇගේ අමාරුව යන්නත් එක්ක. පහුවදා උදේ පාන්දරම ගග දිගේ පහලට ඇවිදින්න ගියා. අර සූරිය අරණ චිත්‍රපටිය එහෙම වීඩියෝ කලේ, අන්න ඒ පැත්තට. මාර ලස්සනයි. දිය ඇලි තියෙනවා බර ගානක්. සතියක් උනත් ඇවිදින්න පුලුවන්. අපි එදා හවස ආපහු කොලඹ එන්න තමා කලින් හිතාගෙන හිටියේ. ඒත් කලින් දන්නවනම් තව දවසක් කොහොමහරි ඉන්න ලෑස්ති වෙනවා.

    අපි එනකොටත් පයින් ආවේ. හවස දෙක තුන විතර වෙනකොට ලූල්වත්තෙන් බස් එක තියෙනවා හුන්නස්ගිරියට. ඒ බස් එක මිස් උනොත් ආයෙ එදා ගිහින් ඉවරයි. සමහර වෙලාවට ඒ පත්තට යන ලොරි වගේ වාහන සෙට් වෙනවා. එහෙම එකක් හම්බුනොත් ගොඩ. ඉතින් අපි කොහොමහරි ප්ලෑන් කරපු විදිහටම වෙලාවට බස් එක තියෙන තැනට ආවා. එදා බස් එක තිබුනේ නෑ. හොද වෙලාවට ඒ පැත්තට යන ලොරියක් සෙට් උනා. ඒකෙ නැගලා ආවා.

    හුන්නස්ගිරියේ ඉදලා ප්‍රශ්නයක් නෑ. ඕනෙ තරම් බස් තියෙනවා. අපි නුවරට ඇවිත් හවස 6 විතර වෙනකොට කොලඹටත් ආවා.

    හැබැයි මම මේ කිව්ව විදිහට ගමන ලේසි කියලා හිතන්න එපා. ගිහින් ඇවිත් සති දෙකක් විතර යනකල් කකුල් වල තෙල් ගගා තමයි හිටියේ. සමහරු කිව්වේ අපේ මොලේ හොද නෑ කියලා, මෙච්චර දුර පයින් යන්න. මොනා උනත් ගමන අති සාර්ථකයි. අපි කලින් ප්ලෑන් කරපු විදිහටම හැම දෙයක්ම බලලා කරදරයක් නැතුව ආපහු ආවා.

    මෙන්න මගේ බ්ලොග් එකේ දාලා තියෙනවා පින්තූර ටිකක්.
    Meemure

    මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ තව ෆොටෝ ටිකක් තියෙනවා. Lasantha Wickramasinghe

    තව මොනාහරි විස්තරයක් දැනගන්න ඕනෙ නම් අහන්න. දන්න දෙයක් නම් කියන්න පුලුවන්.