යෝධයා නැඟිටියි,රුසියානු යුධ නැවු සිරියාන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යෝධයා නැඟිටියි,රුසියානු යුධ නැවු සිරියාන

    rus-Nav1.jpg
    මානව හිමිකම් සුරැුකීමේ මුවාවෙන් සිරියාවට පහරදීමට සැරසෙන නේටෝ සංවිධානයේ යුධ පිළිවෙත පරාජය කිරීමට අති ප‍්‍රබල එස්. 400 ගුවන් ආරක්‍ෂණ මිසයිල සහ අන්තර් මහද්වීපික මිසයිල වලින් සන්නද්ධ රුසියානු දැවැන්ත යුධ නැව් සමුහයක් සිරියානු මුහුදු තීරයේ රැුකවල් ලෑමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සියළු යුධ නෞකා රුසියානු අග‍්‍රාමාත්‍ය ව්ලැද්මීර් පුටීන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වීමට නියමිත බවද පැවසේ. මීට අමතරව රුසියාව විසින් සිය බලසම්පන්න මිසයිල පද්ධති උපාය මාර්ගිකව ස්ථාන ගත කරමින් සිටින බවද එම වාර්තා කියා සිටී.

    මෙම ප‍්‍රවණතාවය බටහිර ආක‍්‍රමණ ක‍්‍රියා පිළිවෙත මොස්කවු පාලනය තවදුරටත් නොඉවසන බවට කෙරෙන හොඳම ඉඟියක් බව එම මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

    මෙම තත්වය සම්බන්ධව අදහස් දක්වන රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ‘අපි දුටුවා නේටෝව ලිබියාවට පහරදීමට පෙර ‘මානව හිමිකම් මෙහෙයුම’ යන වැකිය ඉදිරියට දමනවා. ඒ ආකාරයට සිරියාවටත් බටහිර රටවල් මානව හිමිකම් කඩනවා යයි විවේචන ගෙන එනවා. නමුත් විරුද්ධ පාර්ශ්වය විසින් එල්ල කරන කෲර ප‍්‍රහාරවලින් සිරියානු හමුදාවේ පිරිස් මිය යන බව ඔවුන් දකින්නේ නැහැ. පසුගියදා සිරියානු ගුවන් හමුදා බුද්ධි තොරතුරු එක්රැුස්කිරීමේ සංකීර්ණයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුනා. එහිදී ගුවන් හමුදා සාමාජිකයන් 20ක් පමණ මිය ගියා. නමුත් බටහිර රටවල් මේවා දකින්නේ නෑ. සිරියාවේ පවතින්නේ සිවිල් ගැටුමක්. එය වැළැක්වීම සිරියානු රජයේ වගකීමක්’ යනුවෙන් පවසා තිබේ.

    ‘ලිබියාවේ අහිංසක සිවිල් වැසියන් ප‍්‍රහාරක ගුවන් යානා තිබුණා. ආර්.පී.ජී. තිබුණා. අන්තිමේදී සිවිල් වැසියන් අල්කයිඩා සාමාජිකයන් බව පැහැදිලි වුනා. අහිංසක විරෝධතාකරුවන් ඉදිරිපෙල ආරක්‍ෂා කරද්දී පහර දුන්නේ අල්කයිඩාවයි’ යනුවෙන්ද ඔහු පවසා ඇත.

    මේ අලූත්ම තත්වය සම්බන්ධව අදහස් දක්වන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක මාරක් ටෝනර් ‘අපි රුසියාවේ නිගමනය වන සිරියාවේ පවතින්නේ සිවිල් යුද්ධයක් යන්න තරයේ ප‍්‍රතික්‍ෂේප කරනවා. අල් අසාද්ගේ පාලනය අහිංසක විරෝධතාකරුවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිනවා’ යයි පවසා තිබේ.

    මේ අතර රුසියානු විදේශ ඇමැතිවරයා ‘අපට මුලින් වාර්තා වූයේ බටහිර රටවල ඊළඟ ඉලක්කය ඉරානය කියලයි. නමුත් දැන් තත්වය මෝරන්නේ සිරියාව ඉලක්ක කරගැනීමට අවශ්‍ය පරිදියි’ යයි ද පවසා ඇත.

    පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පැවසුවේ අසාද් පාලනය ඉක්මනින් අවසන් කල යුතු බවයි. මේ වන විට එක්සත් ජාතීන්ගේ සියළුම කාර්යයාල සිරියාවෙන් ඉවත් කරලෙන ඇත. කෙසේ වෙතත් රුසියාවේ සහයෝගය නොමැතිව සිරියාවට නේටෝ ප‍්‍රහාරයකට මුහුණ දීමට පහසු නැත.

    මේ අතර ප‍්‍රංශ ගුවන් හමුදාවේ හිටපු ප‍්‍රධානියා වන ජීන් රානෝවූ පවසන්නේ ‘මම කිසිදු හමුදාමය ගැටළුවක් නොදකිමි. සිරියාව බටහිර යුධ බලයට එරෙහිව කිසිදු තර්ජනයක් ඉදිරිපත් කර නැත. එහෙත් සිරියාවට එරෙහිව යුධ මෙහෙයුමක් කිරීම ලිබියාවේ තරම් පහසු නොවනු ඇත.’ යනුවෙනි.
     
    • Like
    Reactions: GAC
    Sep 12, 2011
    884
    120
    0
    දැක්ක නේද ඇයි මේ ගොල්ලෝ ලිබියාවට ඔය වගේ සප් එකක් දුන්නේ නැත්තේ. ඇයි ඉතින් ගඩාෆි රුසියාවත් එක්ක එච්චර සම්බන්ද කම් තිබුනේ නෑ නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ නිළමේ;11422681 said:
    දැක්ක නේද ඇයි මේ ගොල්ලෝ ලිබියාවට ඔය වගේ සප් එකක් දුන්නේ නැත්තේ. ඇයි ඉතින් ගඩාෆි රුසියාවත් එක්ක එච්චර සම්බන්ද කම් තිබුනේ නෑ නේ.

    :yes::yes::yes: ඔවි ගඩා‍ෆි කරගත්ත ලොකුම වැරැද්ධ තමයි තමන් තනියමයි රටපාලනය කරපු එක, කිසිම විදේශ සබධතාවයක් තියාගත්තෙ නැ,අන්තිම කාලේ හදාගන්ඩ හැදුව එතකොට පරක්කු වැඩි.:(
     
    Sep 12, 2011
    884
    120
    0
    rusiyawe naw repair wada kara gan na awil la thiyen ne

    cnews (wimal's web site) :lol:

    එහෙනම් මොකටද අර ටෝපිඩෝ එහෙම ලෝඩ් කරගෙන ඇවිල්ල තියෙන්නේ. රෙපෙයාර් කරන්න විතරක් නම් ඒවා ඇයි. හරි රෙපෙයාර් කරන්න වෙන්න ඇති,, එත් එක්කම ආරක්ෂාවත් දෙයි. රුසියාවේ ආරක්ෂාව සිරියාවට තියෙනවා.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මහ නිළමේ;11422887 said:
    එහෙනම් මොකටද අර ටෝපිඩෝ එහෙම ලෝඩ් කරගෙන ඇවිල්ල තියෙන්නේ. රෙපෙයාර් කරන්න විතරක් නම් ඒවා ඇයි. හරි රෙපෙයාර් කරන්න වෙන්න ඇති,, එත් එක්කම ආරක්ෂාවත් දෙයි. රුසියාවේ ආරක්ෂාව සිරියාවට තියෙනවා.
    the picture is a stock photo not the actual photo of the 2 ships
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rusiyawe naw repair wada kara gan na awil la thiyen ne

    :lol:

    හරි කමක් නැ ඔයා කියන විදිහට රෙපයාර් කරගන්න හරි ඇවිත් තියෙනවනේ ඒ ඇති :yes::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙන යුද්ධයක් යන්න වගේ නේද මචන්.....අපොයි

    :yes::yes: එත් ඒක නතර උනොත් හොදයි,මෙකද තෝර,මොරැ පයිටි කරද්දි අපි තැලෙනව :(
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :yes::yes: එත් ඒක නතර උනොත් හොදයි,මෙකද තෝර,මොරැ පයිටි කරද්දි අපි තැලෙනව :(

    ඔව් බං අපි අහක ඉඳං පෝරියල් කනව.... :angry::angry::angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මේවත් විමල්ගෙද කොටිඩූඩ්

    Code:
    http://www.nowtheendbegins.com/blog/?p=7206
    http://www.infolive.tv/en/infolive.tv-15118-israelnews-russian-warships-dock-syria
    http://nation.com.pk/pakistan-news-newspaper-daily-english-online/International/19-Nov-2011/Russian-warships-enter-Syrian-waters-to-prevent-NATO-attack-report
    http://www.thehindu.com/news/international/article2650542.ece
    http://news.antiwar.com/2011/11/18/russia-sends-warships-to-syrian-waters-to-stem-intervention/
    http://articles.businessinsider.com/2011-11-18/europe/30414010_1_western-intervention-russian-official-border-disputes
    http://www.haaretz.com/news/middle-east/report-russia-warships-to-enter-syria-waters-in-bid-to-stem-foreign-intervention-1.396359

    :P:P:P
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Russia and China should raise...
    Other wise US will invade all countries!

    Sahathika aththa....American kaarayo eka eka chodhanaa ella karala unta tharjanayak ella karanna puluwan ratawal tika allaganna hadanne....Russia,China,India,Japan wage balawathun ekathu wela Asian region eke arakshawa thahawaru karagaththe nathnum asian ratawal anathure....