බලු ගති

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මිනිසාට බොහෝ හිතවත්කම් දක්වමින් චිරාත් කාලයක් පුරා ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
    puppy-1.jpg

    එම සතුන් තම ස්වාමියාට කොතරම් ආදරය දක්වනවා ද ගරුසරු දක්වනවා ද යන කරුණ සුනඛයන් හදාවඩාගන්නා පිරිසට අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

    චීන‍යේ පන්ජියාතුං පළාතේ විසු ලා‍ඕ පෑන් 68 හැවිරිදි වියේ පසුවූවෙක්.
    ඔහු ජිවත්වූයේ තනිවමයි.

    dogy-1.jpg

    නමුත් තනිනොතනියට ලාඕ සුනඛයෙකු ඇති දැඩිකළා. දැන් ඔහුගේ එකම හිතවතා මෙම සුනඛයා.
    ලාඕ පසුගියදා ජීවිතයෙන් සමුගත්තා.
    ඔහුගේ මෘත දේහය භූමදානය කෙරුණා. කාත් කවුරුත් නැති පාළු සුසාන භූමියක ......
    අවසන් කටයුතු සඳහා සහභාගීවූ සියළු දෙනා පසුව විසිර ගියා.
    ලාඕ ගේ සුනඛයා හැර.
    එම සත්වයා තම ස්වාමියාගේ සොහොන අසළ දිවා රෑ ලැග සිටියා.

    කුසට කිසිදු ආහාරයක් නොමැතිව. කුසගින්නෙම සිටියා.
    කවුරුන් හෝ පැමිණ කතා කළොත් සුනඛයා සිය ස්වාමියාගේ සොහොන අසලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා.
    දැන් සත් දවසක්ම ගෙවී ගොස් අවසන්. බලු සුරතලා තවමත් සුසාන භූමියේ රැඳී ස්වාමියාගේ පාළු මකනවා.

    dogy-6.jpg
    dogy-5.jpg
     
    • Like
    Reactions: AL1717

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    :shocked::(:(
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මීට ස්වල්ප කාලයක‍ට පෙරත් මෙවැනි සිදුවීමක් අසන්නට ලැබුණා.
    බ්‍රසීලයේ ටෙරසෝපෝලිස් ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවුණා.
    මහා වර්ෂාවත් සමග සිදුවූ එම නායයාමත් සමග ගලා ආ මඩට යටවී විශාල පිරිසක් මියගියා.

    ක්‍රිස්ටියානා මරියා සිසාරියෝ සැන්ටානා ඒ අතර සිටි තැනැත්තියක්.
    ක්‍රිස්‍ටිනාගේ දේහය මිහිදන් කෙරුණා. සියල්ලෝ විසිර ගියා.

    puppy-3.jpg
    puppy-2.jpg

    puppy-4.jpg

    නමුත් එම ස්ථානය හැරදමා යාම ප්‍රතික්ෂේප කළ අයෙක් සිටියා. "ලියාඕ". සුනඛයෙක්.ඒ ඈ හදාගත් සුරතල් රැකවලා.

    dogy-3.jpg

    අපි "බල්ලෝ" කියා ඇමතුවත්, මිනිසුන්ට ආදරණීය සුරතලුන්ගේ ස්වභාවය එයයි.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙවැනි සිදුවීම් රාශියක් අතර ලොවම පරසිඳු සිදුවීමක් හා සුනඛයෙක් සිටිනවා.
    ඒ ජපානයේ "හචිකෝ" පිරිමි සතෙක්. ජපානයේ ඔඩාටේවලදී 1923 අවුරුද්දේ උපන්නා.

    මහාචාර්යය අයිසාබුරෝ උඑනෝ ගේ නිවසට එනවිට එයාගේ වයස මාස දෙකයි.
    මේ දෙදෙනා අතර පැවතුණේ අති සමීප සබඳතාවක්. මහාචාර්යවරයා රජකාරිය සඳහා ගමන් කළේ දුම්රියෙන්.
    හචිකෝ තමන්ගේ ස්වාමියා සමග හැමදාමත් නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියා.
    හචිකෝ ට වයස මාස 18 දී මහාචාර්යවරයා හදිසි හෘදයාබාධයකින් මියගියා.

    hachiko-stuffed.jpg
    hachiko.jpg

    එදායින් පසුව හචිකෝට තමන්ගේ ස්වාමියාගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ.
    නමුත් එයා පුරුද්දකට වගේ හැමදාමත් දුම්රියපළට උදෑසන ආවා.හවසට ගෙදර ගියා.
    වසර 10 ක්ම එකම විදිහට.හදිසියේවත් ගෙදර අය හචිකෝව දම්වැලකින් බැඳ තිබුණොත් නියම වෙලාවට
    එයා රැහැන්වලින් මිදිලා දුමිරියපොළට ආවා.
    මේ හිතවත්කම ආදරය 1935 වසර වෙනතුරුම පැවතුණා.
    එය නැවතුනේ හචිකෝ ස්වාමියා ගිය මග ගිය විටදීයි.
    දැන් එම දුම්රිය ස්ථානය අසළ හචිකෝ ගේ රුවක් ඉදිවෙලා.

    dogy7.jpg

    ටෝකියෝවේ එය සුප්‍රසිද්ධ ස්ථානයක්. සෑම වසරකම අප්‍රේල් මාසයේදී එම ස්ථානයේ සමරු උත්සවයක් පැවැත්වෙනවා.

    බලුගති නැති සුනඛයන්ගේත් මිනිසුන්ගේත් ආදරණීය බැඳීම,ගුණයහපත්කම එයාකාරයි.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    doggg.jpg

    නමුත් මගතොටේ ගමන් කරන අපි කොතරම් නම් සුනඛයන්වත් බලු ගති ඇති මිනිසුන්වත් දකිනව ද....?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මෙවැනි සිදුවීම් රාශියක් අතර ලොවම පරසිඳු සිදුවීමක් හා සුනඛයෙක් සිටිනවා.
    ඒ ජපානයේ "හචිකෝ" පිරිමි සතෙක්. ජපානයේ ඔඩාටේවලදී 1923 අවුරුද්දේ උපන්නා.

    මහාචාර්යය අයිසාබුරෝ උඑනෝ ගේ නිවසට එනවිට එයාගේ වයස මාස දෙකයි.
    මේ දෙදෙනා අතර පැවතුණේ අති සමීප සබඳතාවක්. මහාචාර්යවරයා රජකාරිය සඳහා ගමන් කළේ දුම්රියෙන්.
    හචිකෝ තමන්ගේ ස්වාමියා සමග හැමදාමත් නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියා.
    හචිකෝ ට වයස මාස 18 දී මහාචාර්යවරයා හදිසි හෘදයාබාධයකින් මියගියා.

    hachiko-stuffed.jpg
    hachiko.jpg

    එදායින් පසුව හචිකෝට තමන්ගේ ස්වාමියාගේ ආදරය කරුණාව ලැබුණේ නැහැ.
    නමුත් එයා පුරුද්දකට වගේ හැමදාමත් දුම්රියපළට උදෑසන ආවා.හවසට ගෙදර ගියා.
    වසර 10 ක්ම එකම විදිහට.හදිසියේවත් ගෙදර අය හචිකෝව දම්වැලකින් බැඳ තිබුණොත් නියම වෙලාවට
    එයා රැහැන්වලින් මිදිලා දුමිරියපොළට ආවා.
    මේ හිතවත්කම ආදරය 1935 වසර වෙනතුරුම පැවතුණා.
    එය නැවතුනේ හචිකෝ ස්වාමියා ගිය මග ගිය විටදීයි.
    දැන් එම දුම්රිය ස්ථානය අසළ හචිකෝ ගේ රුවක් ඉදිවෙලා.

    dogy7.jpg

    ටෝකියෝවේ එය සුප්‍රසිද්ධ ස්ථානයක්. සෑම වසරකම අප්‍රේල් මාසයේදී එම ස්ථානයේ සමරු උත්සවයක් පැවැත්වෙනවා.

    බලුගති නැති සුනඛයන්ගේත් මිනිසුන්ගේත් ආදරණීය බැඳීම,ගුණයහපත්කම එයාකාරයි.

    MEKE FILM EKE BALAPALLA
    MARA LAXANAI