'මම' ඉන්නේ කොහෙද? Part-2

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    උබ රහත් වෙලා නෑ කියල මම ඔප්පු කර පෙන්වමි.

    පුලුවන් නම් මගේ අභියෝගය බාර ගනින්

    උබ එකෙන් පැනල යනව කියන්නෙ උබ රහත් වෙලා නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    xmpv1j.jpg
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    pavithra_uk මුත් සැහෙන්න පරක්කුයි නේද බං? :oo:

    මෙච්චර කියාගනිද්දීත් දමිත් රහත් වෙලා කියලා විස්වාස නොකරන්නේ ඇයි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වඩාත්ම වැදගත් ඉගෙන ගැනීම !

    ඉගෙන ගන්නා දේ අතුරින් වඩාත්ම වැදගත් තමා ගැන ඉගෙන ගැනීමයි!!! කියල බොහොම වැදගත් කියමනක් තියනවා. හැබැයි ඒක කිව්ව කෙනයි, එහෙම තමන් ගැන ඉගෙනගෙන සම්පූර්ණ කලොත් ලැබෙන ප්‍රතිඵලයි, ගැන ගැන කියපු ගමන් හුඟ දෙනෙක් මේ වැඩේ එහෙම්පිටින්ම මහා අවුල් ජාලාවක් කරගන්නවා!!! ඒ මේ ලෝකය හැදිලා තියන රටාවයි, ඇත්ත දැනගන්න කම් කිසිම කෙනෙකුට නොතේරෙණ මේ විශ්වයේ ක්‍රියාත්මක වන බලවේගයන් හන්දයි, සිද්ධවෙන දෙයක්!!!

    අද ඔබ ලෝකප්‍රසිද්ධ විද්‍යඥයෙක්, විද්‍යඥවරියක්, වයිද්‍යවරයෙක්, වයිද්‍යවරියක්, ආචාර්ය/මහාචාර්ය වරයෙක්/වරියක්, ඉංජිනේරුවෙක්, දේශපාලඥයෙක් හෝ වෙන ඕනෙම 'මහා බලසම්පන්න' වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්... ඒත් මේ මාතෘකාව ඉගෙන නොගත්තොත් තව අවුරුදු 50-60ක් යනකොට, අපි නිතර දකින බල්ලෝ/පූසෝ/හුනෝ/කැරපොත්තෝ වගේ සතුනුයි ඔබෙයි අතරේ කිසිම වෙනසක් නැතිවෙන්න පුළුවන්!!! අපි මේ ඇහැට දකින ලෝකය අපි හිතනවට වඩා හාත්පසින්ම වෙනස්, අපිට හිතනවට වඩා ගොඩාක් දුක්ඛ දායක එකක්!!! මේ දේවල් ඉගෙන නොගත්තොත් ඔබ දැන් කොච්චර උසස්, සමාජ සම්මත වැදගත් කෙනෙක් උනත්, ඔබ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක්... මේ මනුස්ස ජීවිතයෙන් නියම ප්‍රයෝජනය නොගත්ත කෙනෙක්... වෙනවා!!! ඒ නිසා, අද ඉඳලම මේ මාතෘකාව නිවැරදිව, හරි ආකාරව, ඉගෙන ගන්න ඔබේ වටිනා කාලයෙන් පුළුවන් උපරිම ප්‍රමාණය යොදවන්න!!!

    මේ මාතෘකාව ලෝකයාට හෙළිදරව් කරලා දෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! ඉතින්, දැන් ඔබ 'බුදුරජාණන්...' කියන කොටම, 'ආ... මේ අර අහවල් ආගම ප්‍රචාරය කරන්න කරන කෙහෙල්මලක් වෙන්න ඇති!' කියල හිතන්න තරම් 'උගත් මෝඩයෙක්' වෙන්න එපා!!! බුදුරජාණන්වහන්සේ කියල දීල තියෙන්නේ මේ 20 සියවසේ කතාවෙන දේවල් වලටත් වඩා, මහා සංකීර්ණ / සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක කතන්දරයක්!!! මේක බුද්ධිමත්, ප්‍රඥාවන්ත මනුස්සයින්ට තියන මාතෘකාවක් මිසක්, මේ මාතෘකාවට ආගම් / ජාති / භාෂාව කියන කිසිම එකක් අදාළ නෑ!!! මේ ඇත්තම ඇත්ත කතාව ගැන හුඟ දෙනෙක් හරියට දන්නේ නෑ!!! අහල / කියවල දැනගන තියෙන්නේ, සමාජයේ පැතිරිලා තියන පදනම් විරහිත බොරු කතන්දර ගොඩක් විතරයි!!!

    කල්‍යාණ මිත්‍රයින්ගේ උපකාරයෙන්, අපේ පිණට පහලවෙච්ච අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ලොකු ස්වාමින්වහන්සේ, 'අපේ හාමුදුරුවෝ!' පරම පිවිතුරු බුද්ධ දේශනා සරල සිංහලෙන් තෝරලා දීදී, ලෝකයාට ධර්මය අවබෝධ කරවන්න, අවංක/අව්‍යාජ චේතනාවෙන් දරපු මහා උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, ගෞතම බුදුරජානන්වහන්සේම වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න මටත් වාසනාව ලැබුණා!!! දැන් ඉතින් වෙන්න ඕනේ දේවල් සේරම වෙලා ඉවරයි.

    ශ්‍රී සද්ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ වන තෙක්, ඔබ සියලු දෙනාම සිටින්නේ හිතාගන්නවත් බැරි තරම් ලොකු අනතුරක!!! ඒත්, ධර්මාවබෝධය කරා යන්න අත්‍යවශ්‍ය වෙන ශ්‍රද්ධාව හා යෝනිසෝමනසිකාරය කියන ගුණාංග නැති උදවියට ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති, ආර්ය සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන/දැඩි/ස්ථිර විශ්වාසය/පැහැදීම නැති උදවියට වත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පනාකිරීමේ හැකියාවක් නැති උදවියට වත්, සමාජ සම්මත විදියට, ධර්මයේ පිළිසරණ ලබන්න වෙන්නේ නෑ!!! අනික, සම්ප්‍රදායික ක්‍රමයට ධර්මයට යොමුවෙන්න තියෙන්නේ, සියලු බැඳීම් වලින් නිදහස් වෙලා, සියලු සැප සම්පත් අතහැරලා, සීලයෙන් සංවර වෙලා, භාවනානුයෝගී වෙලාම විතරයි කියන නොදැනුවත් කමේ ප්‍රතිඵල හැටියට ශ්‍රද්ධාව / යෝනිසෝමනසිකාරය පිළිගතහැකි අවම මට්ටමින් තියෙන කෙනෙක් උනත් ධර්මයට යොමුවෙන්නේ නෑ!!!

    මේ තත්වය දිගින් දිගට පවතින්න හැරලා බෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනාවුනේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගැනීමට නොහැකිව, කෙළවරක් නැති සසර ගමනකට වැටිලා, අනන්ත අප්‍රමාණ දුකකට පත්වෙලා සිටිනා සත්වයින්ව සසර දුකින් නිදහස් කරවීම පමණයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දැන් ජීවමානව වැඩසිටියා නම්, උන්වහන්සේ වර්තමානයේ දෙවි මිනිසුන් අතර උපත ලබල ඉන්න හෑම සියලු දෙනාම සසර දුකින් සදහටම එතෙර කරාවි!!! මං හොඳටම දන්නවා, මට එච්චර දෙයක් කරන්න බෑ!!! ඒත්, සත්වයා කියන කෙනාගේ සංසාර ගමනට නම්, 'තිත' / 'Full Stop' එක වැඩි ඈතක නෑ!!!

    මම හාමුදුරු කෙනෙක් නෙවෙයි... ඒ වගේම මම 'රූකඩයකුත්' නෙවෙයි!!! කාටවත්, සිත සැනසෙන/නැළවෙන වචන වලින් කිසි ප්‍රයෝජනයක් නැති තාවකාලික සැනසිල්ලක් ලබාදෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! ඒ වගේමයි, කාටවත්ම, බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු සංසාර ගමනේ තවදුරටත් 'යන්න' ඉඩදෙන්නත්, මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ!!! මේක හරිම අමාරු වැඩක්!! හැබැයි අමාරු ඉගෙනගන්න නෙවෙයි... උගන්නන්නයි අමාරු!! අපේ හාමුදුරුවෝ කියන්නෙම, 'අවබෝධ කරන්න පුළුවන් ගොඩ දෙනෙක් ඉන්නවා! කියල දෙන්න කෙනෙකුයි නැත්තේ!!' කියලයි. ඉතින්, නෑ... බෑ... කතා එපා!!! අපි අවශ්‍ය දේ කරමු!!!

    ඔය උදවිය හැමෝම, මේ පහත දැක්වෙන links වලින් තියන posts හොඳට, උවමනාවෙන් බලන්න!! මේක පොදු ස්ථානයක්... වසලයො ගොඩක් ගැවසෙන තැනක්... ඒ අයට උපරිමයෙන්ම සලකන්න වෙච්ච තැන් ගොඩක් තියනවා... ඒ බාධා කිරීම් නොසලකා හැරලා, ඔබට අදාළ නැති කරුණු බැහැර කරමින්, අදාළ කරුණු හොඳින් ධාරණය කරගනිමින් (කෙටි සටහන් හදාගන්නවා නම් වඩාත් හොඳයි) දිගටම කියවාගෙන එන්න!!!

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!

    Thread:- 'මම' ඉන්නේ කොහෙද?


    list of posts up to 12/10/2011

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)

    Post-049 (12-09-2011)
    සංසාරේ ඉවර කරපු / කරන post එක!! සංසාරේ වගේම දිගයි... spanned / multi part එකක්. එහෙම්පිටින් load වෙනකම් ඉන්න.

    අලුතෙන් එකතුවන posts දැනගැනීම සඳහා, මේ thread එකේ අවසානයටම තියන, up-to-date list එක බලන්න...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් ඔයාලගේ නෑදෑයෝ, යාලුවෝ, ගුරුවරු, අසල් වැසියෝ, පන්සලේ හාමුදුරුවරු සේරටම මේ ගැන කියල, මේක බලන්න යොමුකරන්න!!!
    නොකලොත් ඒක ඇත්තටම තමන් කරන ලොකු වැරද්දක්!!! :yes::yes:
    මේ සංසාර කතාවෙන් ගැලවිච්ච එක්කෙනෙක් වත් නෑ!!! මම පෙන්නන්නම් ඒ සේරම...
    හුඟ දෙනෙක් ජීවිතේ ගැන අහල / දැනගෙන / හිතාගෙන ඉන්න සේරම වැරදියි!!! :(:(:(
    තමුන් උපරිම උත්සාහය දරල මේ ජීවිතයෙන්ම සේරම සම්පූර්ණ කරගන්නම ඕනේ!!!
    ඒ වගේම, තමුන්ට වචනයකින් හරි උපකාරයක් වෙච්ච හැමෝම මේ අනතුරින් ගලවගන්න ලොකු යුතුකමක් / වගකීමක් ඔයාල හැමෝටම තියනවා!!!
    ඒක පැහැර හරින්නත් එපා!!! :no::no: