මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව ව
මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව වීථි බසිති
සුදු කොඩි කතාවක් පතුරුවමින් මවුබිම පාවාදී රණවිරුවන් දංගෙඩියට යැවීමට වෙර දැරූ ෆොන්සේකා මහතාට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දෙදහසකට අධික පිරිසක් ඊයේ (16) උද්ඝෝෂණයේ නිරත වූහ. ෆොන්සේකා මහතාට යුද අධිකරණය නියම කළ මාස තිහක සිර දඬුවමට විරුද්ධව පැවරූ නඩුවේ තීන්දුව ලබාදීමට පැය කීපයකට පෙර මේ උද්ඝෝෂණය පැවැත්විනි. වෘත්තීය සංගම් ප්‍රජා සමිති හා විවිධ ආයතන නියෝජනය කරමින් උද්ඝෝෂණයේ නියැලි පිරිස “රට පාවාදුන් ෆොන්සේකා” “රණවිරුවන් දංගෙඩියට යැවූ ෆොන්සේකා” අයුරින් විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ නියැලිනි.
රණවිරුවන් පාවාදුන් ෆොන්සේකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු. හයිකොප් ගණදෙනුව වංචාවක්, අධිරාජ්‍යවාදී ෆොන්සේකාට නීතිය ක්‍රියාත්මක කරනු යනුවෙන් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවේ නියැලිනි. අධිකරණයේ ගෞරවයට හා ස්වාධීනත්වයට හානිවන පරිදි කටයුතු කිරීමට නොහැකි වන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය හා හමුදාව දැඩි රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණු අතර එම ක්‍රියාව කෙරෙහි ජනතා ප්‍රසාදය ද පළවිය. මේ අතර අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් පසුව අධිකරණය ඉදිරිපිටට රැස්වූ ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ ගේට්ටුව අසල නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කෑ කෝ ගසන්නට වූහ.
මේ විරෝධතාව සඳහා ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පනහකට අධික පිරිසක් සහභාගි වූහ. නඩු තීන්දුව අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහත්වරු හා අනෝමා ෆොන්සේකා මහත්මිය හා දියණිය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළහ. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන, පාලිත ;තවරප්පෙරුම මහත්වරු අධිකරණ භූමියට පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දක්නට නොලැබිණි.