අමරකීර්ති අතුකෝරල ඝාතකයින් 12 කට මරණ දඬුවම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    athukorala.png


    පසුගිය 2022 වසරේ මැයි මස 09 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විත්තිකරුවන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

    සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රශාන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ දීර්ඝ කාලයක් මෙම නඩුව විභාග වූ අතර අද දින ප්‍රකාශයට පත් කෙරුණේ විනිසුරුවරුන් අතර ඇතිවූ බෙදුණු තීන්දුවකි.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විත්තිකරුවන් තිස් හත් දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළ ද, රශ්මි සිංගප්පුලි සහ රශාන්ත ගොඩවෙල යන විනිසුරුවරුන්ගේ බහුතර එකඟතාව මත විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සිදුවිය.

    ඒ අනුව බහුතර විනිසුරු තීරණයට යටත්ව නඩුවේ විත්තිකරුවන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණු අතර, තවත් විත්තිකරුවන් විසි තුන් දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය පියවර ගත්තේය.

    මීට අමතරව නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනා වෙත මාස හයක සිර දඬුවමක් නියම කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කරන ලදී.


    පසුගිය අරගල සමයේ නිට්ටඹුව නගරයේදී කලහකාරී පිරිසක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන මහතා ජීවිතක්ෂයට පත් වූහ.

    මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබූ අතර, පසුගිය ජනවාරි මස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ මෙම තීන්දුව අද දින දක්වා කල් තබා තිබිණි.

    2022 මැයි 9 දින අරගලයට එරෙහිව රජය දියත් කළ මර්දනයට කුපිතව සිටි තරුණ පිරිස් අමරකීර්ති අතුකෝරල හා ආරක්ෂකයා ගමන් කරමින් සිටි වාහනය නවතාගෙන එය වටකර විරෝධය දක්වද්දී පිරිස බය කිරීමට රිය ඇතුලේ සිට ආරක්ෂක නිලධාරියා තරුණයින්ට වෙඩි පහර එල්ල කළ අතර එම අවස්ථාවේ එක් තරුණයෙකුද පසුව රෝහලේදී තවත් තරුණයෙකුද ජීවිතක්ෂයට පත්විය.

    එම මරණ වලට වගකිව යුතුවූයේ ඇමති ආරක්ෂක නිලධාරියාය. මෙම ප්‍රහාරයෙන් පසු තරුණයින් ඔවුන් පසුපස හඹා එන අවස්ථාවේ වාහනයෙන් බැස්ස දෙන්නා ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් ආයතන ගොඩනැගිල්ලකට රිංගූ අතර ඒ වෙත ලුහුබැඳගිය තරුණයින් ඔවුන්ව ඔවුන්ගේ ගිනි අවි වලින්ම මරා දමා තිබුණි. කෙසේ වෙතත් තරුණයින් මුලින් සාක්ෂි දුන්නේ ඔවුන් සියදිවි නසාගත් බවටය.

    නිරායුධ අරගල භූමියේ අට්ටාල විනාශ කර පිරිස පන්නා දැමීමෙන් පසු රටම අවුල් ජාලයක් බවට පත්ව තිබූ එදින අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම මෙන්ම ඇමති නිවාස ගිනිබත්වීමත් සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගහණ දිනයක් බවට ද පත්ව තිබුණි.

     
    • Like
    Reactions: Inigo Montoya

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිස් ජීවිත හිතුමතේ අලෙවි කරපු ක්‍රෑර හිවලුන්ට තොරං ගහන්ඩ එපා.
    මොකද මුංගෙන් වින්දිතයන් වන මිනිස්සු තවමත් අඬනවා...මුන් 88,89 මිනිමරපු කාලකන්නි ත්‍රස්තවාදී කල්ලියක්,,,,ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලලනය වගෙ තමයි....
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    අපරාදෙ කෙහෙලිය, ජොන්ස්ටන් වගේ කාලකන්නියෙක්ව මුන්ට අහුවෙන්න තිබ්බෙ.
     
    • Like
    Reactions: Winter Soldier

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපරාදෙ කෙහෙලිය, ජොන්ස්ටන් වගේ කාලකන්නියෙක්ව මුන්ට අහුවෙන්න තිබ්බෙ.
    උන් වැරදි ඇති ,එත් නීතියෙන් වැරදිකරු වෙන්න ඉඩදෙන්න ඔනි මචන් , අනික එහෙම පාරෙ නඩු අහන්න වනචර ජෙවිපෙ නිතියක් ලංකාවෙ නැනෙ..උන්ට එක 88/89 තිබ්බා,කාලකන්නි ,,රටෙ නීතීට ගරු කරන්න ඔනි,ශිශ්ටසම්පන්න ජාතිකයන් විදිහටම