නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට
හිතවතුන්ට හා විරුද්ධ මතධාරීන්ට
නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට
- මල්වතු මහ නාහිමි
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්රමුඛ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (16 වැනිදා) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් හමුවී සාකච්ඡා කළ අයුරු. ඡායාරූප - තිවංක අභයරත්න - මහනුවර
අද අපේ රටේ නීතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. හිතවතුන්ට එක විදිහක්. විරුද්ධ මතවාදීන්ට තවත් විදිහක්. අපි කරන ඉල්ලීමක්වත් අද අහන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ යෑයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඊයේ (16 දා) පෙරවරුවේ පැවැසූහ.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති අත්සන් දසලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහන පිළිබඳව මහානායක ස්වාමීන්වහන්සේලා දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්රමුඛ මහජන නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරය වෙත ගිය අවස්ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
එම අවස්ථාවේදී තවදුරටත් සිය අදහස් දැක්වූ මහානායක ස්වාමීන් වහන්සේ අපිත් මහා සංඝරත්නය හැටියට කිහිප වතාවකදීම ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියන ඉල්ලීම ලිපි මගින් ඉල්ලා සිටියා. නමුත් ඒ කිසිම ඉල්ලීමකට කිසි කෙනෙක් ඇහුම්කන් දෙන්නේ නෑ. ඔබතුමන්ලාත් මේ ආරම්භ කරල තියෙන වැඩපිළිවෙළ හොඳයි. අත්සන් දස ලක්ෂයකින් යම්කිසි බලපෑමක් සිදුකරන්න හැකියාවක් ලැබෙයි කියල මා විශ්වාස කරනවා යෑයි ද පැවසූහ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අත්සන් දසලක්ෂයකින් යුතුව යවන පෙත්සමේ පිටපතක් ද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
ඉන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයෝ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා - සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියල විවිධ ආකාරයෙන් ඉල්ලීම් කරලත් කිසිදු ආකාරයක සහනයක් ලැබිලා නෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්වලට අත්සන් කරපු රටක් හැටියට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් හැටියට සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබීම සලකා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හරහා එතුමා නිදහස් කරන්න කියන බලපෑමක් සිදුකරන්න අත්සන් එකතු කිරීම ආරම්භ කර තිබෙනවා. මේ බලපෑමත් රජය පිළිගන්නේ නැත්නම් අපට හිතන්න වෙන්නේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න රජය ක්‍රියා කරන්නේ නැහැ කියන එකයි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන රැසක් ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාව මේ පෙත්සම අත්සන් කරන්න දැඩි සහයෝගයක් ලබාදෙනවා.
සරත් ෆොන්සේකා මහතාට එක විදිහකටත් කේ. පද්මනාදන්ට තවත් විදිහකටත් සලකන්න නීතියේ කිසිදු ප්රතිපාදනයක් නොමැති බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ද කතා කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.