මම මේ ත්‍රෙඩ් එක නම් දාන්න හිතුවේ හිතේ දුකට....
මම මීට කලින් අපේ රටේ නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් (ගාමණී)ගැන අගය කරලා ත්‍රෙඩ් එකක් දැම්මා ඔයාලට මතක ඇති...ඒත් මේ ත්‍රෙඩ් එක දාන්න යන්නේ එකේ අනික් පැත්ත ගැන කියන්න....මේ චිත්‍රපටියට දාලා තියෙන නම නම් හොඳටම ගැලපෙනවා...මොකද මේක නම් මගොඩියක්ම තමයි....
ඔයාලට මතක ඇති අපේ රටේ හාස්‍ය චිත්‍රපට වලින් තාමත් අපේ මතකයේ තියෙන ඉතාම විශිෂ්ට ගනයේ නිර්මාණයක් වූ "සිකුරු හතේ" චිත්‍රපටය ගැන...
අපි ඔය හැම වෙලේම කියන "මගුලක් කතා කරනවා" කියන වචනය අපිට හුරු උනෙත් ඔය ෆිල්ම් එකෙන් කිව්වොත් එකේ වැරද්දක් නෑ..
ඒ චිත්‍රපටයේ අපේ විජය නන්දසිරි කලාකරුවාගේ රංගනය ගැන කතා කරන්න දෙයක් නෑනේ ඉතින්...අති විශිෂ්ටයි....ඒත් ඒ ෆිල්ම් එකෙන් පස්සේ අපිට දැකගන්න ලැබුණු ෆිල්ම් වල මේ කලාකරුවාව යොදාගෙන තිබුනත් "සිකුරු හතේ" වගේ විශිෂ්ට රංගනයක් ඔහුගේ චරිත තුල දකින්න ලැබුනේ නෑ...
ඊට හේතුව ඒ ෆිල්ම් හදපු මිනිස්සු මේ පුද්ගලයාවත් අර සුපුරුදු මෝඩ ජෝක්ස් රැල්ලට යට කිරීම කියලයි මම නම් හිතන්නේ..
මේ කේදවාචකය ආරම්බ උනේ මට මතක විදියට "සර් ලාස්ට් චාන්ස්" කියන ෆිල්ම් එකෙන්...ඊට පස්සේ ආපු ෆිල්ම් එක තමයි මේ "මගෝ ඩිගෝ ඩයි"....මේක නම් මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්...මේක නිර්මාණය කරපු පුද්ගලයා හාස්‍ය නිර්මාණ ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ...මම මේ ෆිල්ම් එකේ මුල් කොටස බාගත්තේ අද උදේ අපේ එළකිරි සහෝ කෙනෙක් (SLBlackKnight) ගේ ත්‍රෙඩ් එකක දැකල...මුල් කොටස බලන් හිටිය පුදුම කම්මැලි කමකින් දැන් හිනාවක් යයි කියල...ඒත් මට නම් හිනා යනවා වෙනුවට හිතට දැනුනේ ලොකු දුකක්...
මොකද විජය නන්දසිරි වගේ අති දක්ෂ රංගන ශිල්පීන් මේ වගේ මෝඩ ජෝක්ස් වලට යොදාගන්න එකෙන් වෙන්නේ හිනා යන ෆිල්ම් බලන්න එන මිනිසුන්ට ඇඩේන එක...
එක නිසා මේ නළු නිළියොත් දැනගන්න ඕනි තමන්ගේ තත්වෙට ගැලපෙන ෆිල්ම්ස් විතරක් තෝරාගන්න...හොඳ උදාහරණ ගන්න පුළුවන් බොලිවුඩ් නළුවන්ගෙන්(අමීර් කාන්,රිතික්)....
මට මේ විදියට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තටම හිතේ ඇති වෙච්ච දුක නිසා අපේ මේ හාස්‍ය රංගන කලාවට වෙන්න යන ඇබැද්දිය පෙනුන නිසා....මම මේ කියල තියෙන දේ හරිද කියල ඔයාලටත් බලාගන්න පුළුවන් අපේ SLBlackKnight සහෝ දාල තියෙන මේ Youtube link එකෙන් චිත්‍රපටිය නැරබුවට පස්සේ(මුල් කොටස බැලුවත් ඇති
)
මේ ගැන ඔයාලගේ අදහසත් කියල යන්න අමතක කරන්න එපා.....

)මේ ගැන ඔයාලගේ අදහසත් කියල යන්න අමතක කරන්න එපා.....

aniwa...

ඒකනේ කියන්නේ...