විද්‍යාවට ලියලා-කලාවට ප්‍රතිඵල ලැබිලා

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    විද්‍යාවට ලියලා-කලාවට ප්‍රතිඵල ලැබිලා

    දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්තප‍්‍රතිඵල වහා අත්හිටුවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

    උසස්පෙළ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ (2011-12-25) අන්තර්ජාලයට ව්භාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. මේ වන විට එම ප‍්‍රතිඵල වල දෝෂ සහිත භාවය නිසා දිස්ති‍්‍රක් මට්ටම් සහ සමස්ත ලංකා මටිටම් අද පෙරවරුවේ අත් හිටුවා ඇත.

    මේ ආකාරයට දෝෂ සහිතව වගකීම් විරහිතව ප‍්‍රතිඵල නිකුත් කිරීම තුළ විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට ලක් වීම නොවැළැක්විය හැක. නිකුත් වී ඇති ප‍්‍රතිඵල තුළ විද්‍යා විෂය ධාරාවේ සමහරුන්ට කලා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද කලා විෂය ධාරාවේ සමහරුන්ට විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද ලැබී ඇත. මේ ත්ත්වය තුළ සමස්ත ප‍්‍රතිඵලම අත්හිටුවන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ට දන්වා සිටියි.

    මෙවැනි පිළිගැනීම් රහිත ප‍්‍රතිඵල නිකුත්කිරීම තුළ ජාතික විභාග පිළිබඳව රටේ සහ ලෝකයේ පවතින පිළිගැනීම හෑල්ලූවට ලක්වන අතර විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින්ට ඉදිරියේ නිකුත් කරන ප‍්‍රතිඵල පිළිබඳව ද සැකයක් ඇතිවීම නොවැළක්විය හැකි ය.

    අධ්‍යාපන ඇමතිවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විභාග දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පරස්පර ප‍්‍රකාශ නිකුත් කිරීම හරහා පැවති ව්‍යාකූලත්වය මේ තත්ත්වට වගකිව යුතු වන්නේ මොවුන් නිවැරදිව වගකීම බාරනොගෙන මෙවැනි ප‍්‍රකාශ කිරීම තුළය.

    වහාම කළ යුත්තේ සමස්ත ප‍්‍රතිඵල අත්හිටුවා ඇගයීම් ක‍්‍රමවේදය පැහැදිලි කොට කඩිනමින් විධිමත්ව ප‍්‍රතිඵල නිකුත් කිරීමයි. එසේම මෙම ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදය පිළිබඳ වගකිව යුතු ප‍්‍රකාශයක් සිදුකොට සමස්ත වගකීම අධ්‍යාපන බලධාරීන් බාරගත යුතුය.

    http://sinhala.adaderana.lk/news.php?nid=20955
     
    Last edited:
    • Like
    Reactions: gcj

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඔව් බං. මුං ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. මේ බලපං මේ රිසාල්ට් එක.
    Art කරපු එකෙක්ද Maths කරපු එකෙක්ද කියලා කොහොමද හොයාගන්නෙ.

    ALResult.png


    Fail Result එකක් තිබ්බත් Z Score එකකුත් තියෙනවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බං. මුං ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. මේ බලපං මේ රිසාල්ට් එක.
    Art කරපු එකෙක්ද Maths කරපු එකෙක්ද කියලා කොහොමද හොයාගන්නෙ.

    ALResult.png


    Fail Result එකක් තිබ්බත් Z Score එකකුත් තියෙනවා.

    :shocked: :lol: :rofl: :rofl: මේක කාගෙද බං? :lol: දැක්ක ගමන් full හොල්මං.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔව් බං. මුං ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. මේ බලපං මේ රිසාල්ට් එක.
    Art කරපු එකෙක්ද Maths කරපු එකෙක්ද කියලා කොහොමද හොයාගන්නෙ.

    ALResult.png


    Fail Result එකක් තිබ්බත් Z Score එකකුත් තියෙනවා.

    ekak Fail nam Z score enawa neda ? :confused:
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,507
    388
    83
    43
    Wattala, Sri Lanka
    දෙයියන්ගේ හාල් කැවිලා කියලා කතාවක් තියෙනවා අහලා තියෙනවද කට්ටිය...
     

    Similar threads