ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්රධාන පෙලේ ජාලයක්නෙ! එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්රය ආශ්රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ ටිකක් ගැනයි.
1. ගූගල් ගුරුත්වය Google Search Engine අතුරුමුහුණත බිමට කඩාගෙන වැටුණොත් කොහොමද? හිතාගන්නවත් බෑ නෙ!? ඔන්න බලන්නකො ගිහිල්ලා ම.
2. ගූගල් මහෝදර
Google සෙවුම විශාල වෙන්න පටන් ගත්තොත්? (බ්රවුසරය ම වැහිලා යාවි! සර්ච් කරගන්න බැරිව යාවි!
)3. ගූගල් චූලෝදර
Google සෙවුම කුඩා වෙන්න පටන් ගත්තොත්? (කණ්ණාඩි දාන්න වේවි!
)4. ටපිනක ල්ගගූ
elgooG තල දර්පණයකට තියාලා බලන්න!
5. ගූගල් හැක්කරලා!
අකුරු ඔක්කොම වෙනස්කරලා; බලාගන්න බෑ! ජීමේල්නුත් ඉවරද දන්නෑ
(බයවෙන්න එපා. ඕච්චර දෙයක් කොරන්න ඇහැක්නං බැරිය!)
6. ගූගල් සෙල්ලං (පෙන්නනවා) -පැක්මෑන්
මතකද පැක්මෑන්? අර සෙගා සමාගම Win98වලට හදපු ගේම් එක? TV Gameනුත් තිබ්බා. ආයිත් play කරමු සර්ච්පාරක් දාන ගමන්.
7. ගූගල් බැරල් රෝලිං
ඕං රීං කස්ටු කස්ටු... ගූගල් රවුමට කැරකේවා!
8. ඇලවෙන ගූගල්
අර පීසා කාපු කුළුණ වගේ මෙයාටත් ඒ ලෙඩේ ම හැදිලා!