බොහොම පින්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොහොම පින් මේ ත්‍රේඩ් එකට.
    මම නම් පුලුවන් හැම වෙලාවකම පුලුවන් හැම සතෙකුගෙම ජීවිත බේරනවා.
    කූඹියගෙ පවා ජීවිතය ඒ සතාට වටිනව.
    කෑම හිර වෙලා මැරෙන්න යන කිකිලියක්ගෙ ජීවිතය බේරන්න මම දවසක් ඌට කෘත්‍රිම ස්වසනය පවා දුන්නා.පන ඇද ඇද වැටිලා හිටිය ඒ සතා ආයෙම හුස්ම ගන්න පටන්ගෙන ජීවත් වෙනවා දැකලා මට දැනුන සැනසීම වචනයෙන කියන්න බෑ.
    හූනෙක් ඇඟට වැටුනම දුවගෙන ගිහින් ලිත බලලා ඒකෙ පලාඵලය බලනවට වඩා ඒ හූනාගේ ජීවිතය බේරුනේ අපෙ ඇඟට වැටුන නිසා කියලා හිතන්න පුලුවන් නම්.....
     
    Sep 12, 2011
    884
    120
    0

    සමහරෙක් නම් කුකුලෙකුට කෑම හිරවෙලා මැරෙන්න යනවා දැක්කම ඉතින් ආයේ ඌට කෘතීම ශ්වසනය දෙයි යෑ?:D:D ඌව මස් කරලා තමයි නවතින්නේ.:(:( ඒ අතරින් ඔයා ශ්‍රේෂ්ඨයි.:cool::cool::cool: ඔය කරගත්ත පින නිර්වාණයටම හේතු වේවා කියල ප්‍රාර්ථනා කරන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අතින් නම් මම හරිම වාසනාවන්තයි.......
    අපේ ගෞරවාර්හ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ස්වාමීන්වහන්සේ ගේ අමාවතුර අසපු වල ඉන්න සියළු ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන බලාපොරොත්තුවෙන් ඉන්න මල්ලිලා සියළු දෙනාම මා ළගටයි වඩින්නේ/එන්නේ දන්ත ප්‍රතිකාර වලට. මම මේ පුටුව උඩ ඉදගෙන ම උන්වහන්සේලාට සහ ඒ මල්ලිලාට ප්‍රතිලාභ රහිතව ම ප්‍රතිකාර කරලා ලොකු කුසලයක් කර ගන්නවා. මම හිතන්නේ මම ලබපු ලොකු ම භාග්‍යයක් ඒක.
    ඒ පින ඔබ සැමටත් අනුමෝදන් වේවා!!!!!!
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,213
    2,551
    113
    London
    Nice thread :)

    1) Mama num hama masekama chartiy - children suffering from various sicknesses salli denwa
    2) Gedara ammata,thatthata and mallita mama thamai mehe indun ona masekata ona Kama Beema order karala yawana (keels online service eka thiyana eka loku deyuk)

    3)Giya avurudde num pansale katina pinkamata sahabagi wuna. - Donate a cheevara to a monk and donate some items for the kapruka even

    4) Puluwun hama welekama andum paladum charity ekata denwa.

    Me siyyala karanne hamathime honda hithakin. ehema karala labena pin mata anumdoun karagena, deviyuntath, miyagiya relatives pin anumodun karanwa
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    හොඳ පෝස්ට් එකක්ග දවස් ගාණක් දැක්කට අද තමයි ටිකක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඇත්තටම අපි කරන පින්කම් නැවත නැවත මතක් කරන එක හිතට ලොකු සතුටක් ගේන බව අමුතුවක් කියන්න ඕනා ‍නෑ. ඒකනේ පින කියන්නේ.

    ඉතින් ඔයාලා තරම් මන් නම් පින් කරලා නෑ කියලා මුලින්ම කියන්න ඕනා. කොහොම වුනත් පොඩි පොඩි පින්කම් මමත් කරලා තියෙනවා මට සතුටු වෙන්න පුළුවන් තරමට.

    මගේ උපරිමෙන් මගේ යාළුවන්ට නෑදෑයන්ට දන්න නොදන්න හුඟක් අයට නොමිලේ ධර්මය කියලා දීලා මන් සෑහෙන්න සතුටු වෙනවා. ඒ වගේම තමයි සත්තුන්ගේ ජීවිත බේරන්නත් මන් පැකිලෙන්නේ නෑ. පවුලට වෙන්න ඕනා යුතුකම් අද වෙනකම් මගෙන් නියමිත විදියට ඉටු වෙනවා. මගේ කෑම එක අන් අයට දීලා බඩගින්නේ ඉඳපු වාර අනන්තයි. ඒ වගේම ඇඳන් ඉඳපු ඇඳුම්, සපත්තු ‍ඒවා අවශ්‍ය අයට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්පිරිතාලේ ඉද්දි මිනිස්සු අප්පිරියාවෙන් හිරිකිතෙන් බලන ලෙඩ්ඩුන්ට කිසිම අප්පිරියාවක් හිරිකිතක් නැතිව උදව් කරලා තියෙනවා. ඒවා නම් හැම වෙලාවෙම වගේ මට මතක් වෙනවා.

    මාව වදපු දෙමව්පියන්ට, මාව හදපු නෑදෑයින්ට,මගේ ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න හැමදාම අමතක කරන්නේ නෑ මන්. මේ වගේම තමයි හැමදාම ඉඩ ලැබෙන හැම මොහොතකම මුළු ලෝක වාසී සියළුම සත්වයින්ට, දෙවියන්ට සුවපත් වේවා, බිය උවදුරු නැති වේවා, සුවපත් සිත් ඇති වේවා, සුව‍සේ ආත්ම භාවය ඇති වේවා විදියට ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ඒ අයගේ වගේම මගෙත් ස්වභාවය සලකමින් ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. මේ දේවල් හැමදාමත් මාව සතුටින් තියෙනවා.

    මම නම් සතුටින් ඉන්න සංගමයේ සාමාජිකයෙක්. ඔයාලත් එහෙමද ? එහෙම නැත්නම් පින් කරන්න. ඒ පින් අනුමෝදන් කරන්න. ඔයාලටත් ඒ සංගමයට බැ‍ඳෙන්න පුළුවන්....

    තෙරුවන් සරණයි.
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මට නම් ගොඩක් වෙලාවට සල්ලි වලින් පින්කම් කරන්න වෙන්නෙ නෑ..ම්ම ගොඩක් කරනේ සත්තුන්ගේ පන බේරන එකඉ උන්ට කන්න දේන එකයි තමා.. අපේ පූසා අල්ලන් එන කුරුල්ලො එහෙම මම ගොඩක් නිදහස් කරලා තියෙනවා..ඊට අමතරව අසරන අයට මට පුලුවන් හටියට ආදාර කරනවා.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ අතින් නම් මම හරිම වාසනාවන්තයි.......
    අපේ ගෞරවාර්හ කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ස්වාමීන්වහන්සේ ගේ අමාවතුර අසපු වල ඉන්න සියළු ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන බලාපොරොත්තුවෙන් ඉන්න මල්ලිලා සියළු දෙනාම මා ළගටයි වඩින්නේ/එන්නේ දන්ත ප්‍රතිකාර වලට. මම මේ පුටුව උඩ ඉදගෙන ම උන්වහන්සේලාට සහ ඒ මල්ලිලාට ප්‍රතිලාභ රහිතව ම ප්‍රතිකාර කරලා ලොකු කුසලයක් කර ගන්නවා. මම හිතන්නේ මම ලබපු ලොකු ම භාග්‍යයක් ඒක.
    ඒ පින ඔබ සැමටත් අනුමෝදන් වේවා!!!!!!
    :yes:
     
    මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා.
     
    Sep 12, 2011
    884
    120
    0
    Nice thread :)

    1) Mama num hama masekama chartiy - children suffering from various sicknesses salli denwa
    2) Gedara ammata,thatthata and mallita mama thamai mehe indun ona masekata ona Kama Beema order karala yawana (keels online service eka thiyana eka loku deyuk)

    3)Giya avurudde num pansale katina pinkamata sahabagi wuna. - Donate a cheevara to a monk and donate some items for the kapruka even

    4) Puluwun hama welekama andum paladum charity ekata denwa.

    Me siyyala karanne hamathime honda hithakin. ehema karala labena pin mata anumdoun karagena, deviyuntath, miyagiya relatives pin anumodun karanwa

    මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා.
     
    Sep 12, 2011
    884
    120
    0

    මගේ උපරිමෙන් මගේ යාළුවන්ට නෑදෑයන්ට දන්න නොදන්න හුඟක් අයට නොමිලේ ධර්මය කියලා දීලා මන් සෑහෙන්න සතුටු වෙනවා. ඒ වගේම තමයි සත්තුන්ගේ ජීවිත බේරන්නත් මන් පැකිලෙන්නේ නෑ. පවුලට වෙන්න ඕනා යුතුකම් අද වෙනකම් මගෙන් නියමිත විදියට ඉටු වෙනවා. මගේ කෑම එක අන් අයට දීලා බඩගින්නේ ඉඳපු වාර අනන්තයි. ඒ වගේම ඇඳන් ඉඳපු ඇඳුම්, සපත්තු ‍ඒවා අවශ්‍ය අයට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්පිරිතාලේ ඉද්දි මිනිස්සු අප්පිරියාවෙන් හිරිකිතෙන් බලන ලෙඩ්ඩුන්ට කිසිම අප්පිරියාවක් හිරිකිතක් නැතිව උදව් කරලා තියෙනවා. ඒවා නම් හැම වෙලාවෙම වගේ මට මතක් වෙනවා.

    මාව වදපු දෙමව්පියන්ට, මාව හදපු නෑදෑයින්ට,මගේ ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්න හැමදාම අමතක කරන්නේ නෑ මන්. මේ වගේම තමයි හැමදාම ඉඩ ලැබෙන හැම මොහොතකම මුළු ලෝක වාසී සියළුම සත්වයින්ට, දෙවියන්ට සුවපත් වේවා, බිය උවදුරු නැති වේවා, සුවපත් සිත් ඇති වේවා, සුව‍සේ ආත්ම භාවය ඇති වේවා විදියට ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ඒ අයගේ වගේම මගෙත් ස්වභාවය සලකමින් ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. මේ දේවල් හැමදාමත් මාව සතුටින් තියෙනවා.

    මම නම් සතුටින් ඉන්න සංගමයේ සාමාජිකයෙක්. ඔයාලත් එහෙමද ? එහෙම නැත්නම් පින් කරන්න. ඒ පින් අනුමෝදන් කරන්න. ඔයාලටත් ඒ සංගමයට බැ‍ඳෙන්න පුළුවන්....

    තෙරුවන් සරණයි.

    මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා.
     
    Sep 12, 2011
    884
    120
    0
    මට නම් ගොඩක් වෙලාවට සල්ලි වලින් පින්කම් කරන්න වෙන්නෙ නෑ..ම්ම ගොඩක් කරනේ සත්තුන්ගේ පන බේරන එකඉ උන්ට කන්න දේන එකයි තමා.. අපේ පූසා අල්ලන් එන කුරුල්ලො එහෙම මම ගොඩක් නිදහස් කරලා තියෙනවා..ඊට අමතරව අසරන අයට මට පුලුවන් හටියට ආදාර කරනවා.....

    මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් .. ඉතාම ස්තුතියි මේ කතිකාවත පටන් ගත්තාට.

    පින් කරන්න සල්ලි ගොඩාක් ඕනි නෑ මචන් ලා..
    බත් කාල කෑම පිඟානෙ ඉඳුල් ටික "මෙය සතුන්ට ආහාර පිණිස වේවා, උන්ගේ කුසගිනි නිවේවා" කියල තැනක දැම්ම නම් ඒකත් පිනක්.

    මෑතකදි මම කරපු පින් ස්වල්පයක් මේ ඔබේ පහන් සංවේගය සඳහා..

    • කාලයක් එකතු කරපු සල්ලි වලින් රත්මලාන ශ්‍රව්‍යාබාධිත විද්‍යාලයෙ දුප්පත් පොඩි දරුවෙකුට මම hearing aid එකක් අරගෙන දුන්නා (14000/=). පොළොන්නරුවෙ කුලී වැඩ කරන දෙමාපියන්ගෙ දෙවෙනි දරුවා.

      [*]මම දවසක් මොරටුවෙ KZONE එකෙන් ලොකු pop corn පැකට් දෙකක් (200/=) අරන් බිහිරි පාසලට ගියා. එතන ඉන්න පුංචි දරුවො pop corn කාල ඇත්තෙ කලාතුරකින් කියල හිතුවා. පුන්චි උන් දුවගෙන ඇවිත් දෝතින් pop corn අරගෙන කෑවා. සතුටුයි මට.. පුන්චි හිත් වලට සතුට අරන් එන්න පුළුවන් උන එක ගැන. පින් කියල හිතෙනව.. මගේ ඥාති නොවන අයට, ඔවුන්ගෙන් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, ඔවුන්ගෙ සතුට වෙනුවෙන් කල පොඩි දානයක් කියල හිතෙනව.

      [*]හැකි හැම වෙලාවෙම මොරටුව, බොරුපන, මල්ලිකා වැඩිහිටි කාන්තා නිවාසයට මම බුදුසරණ පත්තරේ මිලට අරන් දෙනවා.

      [*] ධර්ම දානයක් වශයෙන් මගේ website එකක් පටන් ගත්තා (http://mahamevuna.wordpress.com/)

    • මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා.. එයාල ගෙ තාත්ත නැතිවෙලා, අම්මත් සනීප නෑ.. ඒ අක්ක දිස්පැන්සරියක වැඩ කරන්නෙ. එයා කඩදාසි බෑග් හදල කඩවලටත්, දිස්පැන්සරියටත් දානවා සල්ලි ටිකක් හොයාගන්න. මම office එකේ printers වලින් ඉවත දමන කඩදාසි අරන් ඇවිත් ඒවායින් බෑග් හදන්න කියල එයාට දුන්නා.. එක A4 කොලේකින් රුපියල් 3 බෑග් 3ක් හදන්න පුළුවන් ලු. දැනට කඩදාසි 2000 ක් විතර මම ගෙනැත් දීල ඇති

    තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: MSaman

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    වාහන තියෙන, වාහන drive කරන සහෝදරවරුන්ට පොඩි දෙයක් කියන්නද ?

    ඔයාල වාහනේ drive කරන් යනකොට අනන්තවත් දැකල ඇති නේද අපේ ස්වාමීන්වහන්සේලා බස් නැවතුම් පල වල අව්වෙ, වැස්සෙ, බස් රථයක් එනකල් ඉන්න හැටි ? .. කොළඹ ගැන කෙසේ වෙතත් ගම් වල , කොළඹින් පිටත බස් ගමනාගමනය ගැන කට්ටිය දන්නව නෙ..
    ඉතින් ඔයාලට පුළුවන් නම්, උන්වහන්සේලාට උපස්ථානයක් හැටියට, ඔයාලගෙ වාහනෙන් මඟක් දුරට හරි ඒ ස්වාමීන් වහන්සේලා එක්කන් යන්න, ඒක ලොකු පිනක්.

    කරුණාකරල හිතල බලන්න මගේ යාළුවනේ.. නියම ලෙසින් ධර්ම ගවේශී වූ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි සසරින් එතෙර වන්නට අපිට මඟ කියල දෙන්නෙ..
    උන්වහන්සේලාට කරන උපස්ථානය මහා පිනක්..

    හිතල බලන්න.. ඔබට තෙරුවන් සරණයි.
     
    kasunw89

    Member
    Feb 12, 2009
    7
    0
    0
    KASUN

    මහ නිළමේ;11758765 said:
    බොහොම සතුටුයි. එත් අපට කොයින්ද ඕව කරන්න වෙලාවක්?:(:(
    පින් කරන්න වෙලාවක් ඕන නෑ. නිකම් ඉන්න ගමන්,පාරෙ යන ගමන්, රෑට නින්ද යනකල් ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට පුලු පුලුවන් විදියට මෙත් සිත වඩන්න. ඒකම අප්‍රමාණ කුසලයක්. පන්සිල් ආරක්ෂා කර ගැනීමත් කුසලයක්. නිකම් ඉන්න හැම වෙලාවකම එහෙම දෙයක් කරන්න. නොමිලේම කරගන්න පුලුවන් පින් තමා ඒවා. :D
     
    kasunw89

    Member
    Feb 12, 2009
    7
    0
    0
    KASUN

    බොහොම පින් මේ ත්‍රේඩ් එකට.
    මම නම් පුලුවන් හැම වෙලාවකම පුලුවන් හැම සතෙකුගෙම ජීවිත බේරනවා.
    කූඹියගෙ පවා ජීවිතය ඒ සතාට වටිනව.
    කෑම හිර වෙලා මැරෙන්න යන කිකිලියක්ගෙ ජීවිතය බේරන්න මම දවසක් ඌට කෘත්‍රිම ස්වසනය පවා දුන්නා.පන ඇද ඇද වැටිලා හිටිය ඒ සතා ආයෙම හුස්ම ගන්න පටන්ගෙන ජීවත් වෙනවා දැකලා මට දැනුන සැනසීම වචනයෙන කියන්න බෑ.
    හූනෙක් ඇඟට වැටුනම දුවගෙන ගිහින් ලිත බලලා ඒකෙ පලාඵලය බලනවට වඩා ඒ හූනාගේ ජීවිතය බේරුනේ අපෙ ඇඟට වැටුන නිසා කියලා හිතන්න පුලුවන් නම්.....
    නියමයි මචං. මෙහෙම දෙයක් ජීවිතේට අහපු පලවෙනි වතාව. සාදු! සාදු!! සාදු!!! මේ පින්කමින් ඔබට චතුරාර්්‍ය සත්්‍යය වහ වහා පහසුවෙන් අවබෝධ වේවා!:D