වසර 7 කට පසුව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය මේ වෙනකොට ක්රීඩා විද්යතනයේදී පැවැත්වෙනවා.
මහා මැතිවරණයකට පමණක් 2 වෙනි වෙන මෙය ඉතාම උණුසුම් මුහුනවරක් ගන්නවා.
අවසන් වරට පැවති නිලවරණය මෙයට හොදම උදාහරණය විදියට ගන්න පුළුවන්.
මේ සදහා චන්ද බලය හිමිවෙන්නේ ක්රිකට් ආයතනයට අනුබද්දිත එහි සාමාජිකත්වය දරන ක්රීඩා සමාජ වලට.
1996 ලෝක කුසලානය දිනුවට පස්සේ මෙයට ඉතා විශාල ධනස්කන්දයක් ගලාගෙන එන්න පටන් ගත්ත වගේම දේශපාලන අත පෙවීම් සිදුවෙන්න පටන් ගත්ත..මහා බාන්ඩගාරයට දෙවෙනි නැති තරමේ මුදල් කන්දරාවක් මෙහි ගැවසුන එක මේකට මුලිකම හේතුව විදියට කියන්න පුළුවන්.
මේ දැන් නිකුත් උන නිල ප්රතිපලයකට අනුව එහි සබපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් තේරී පත්වී තියනවා.
අනෙකුත් මුල් තනතුරු වන ලේකම් සහ බාන්දාගාරික තනතුරු මේ වෙනකොට චන්ද විමසීම පැවැත්වෙනවා..
ලේකම් තනතුර සදහා නිශාන්ත රණතුංග සහ බාන්දාගාරික වශයෙන් නුස්කි මොහොමඩ් යන මහත්වරු නිතරගයෙන් තේරී පත් වන බව නිල නොවන මට්ටමෙන් සහතික කර කියන්න පුළුවන්..කෙසේ වෙතත් මේ සියලු දෙන එක්ව නැවතත් අපේ ක්රිකට් පෙර පරිදි ජයග්රාහි මාවතකට ගෙනෙයි කියල අපි ක්රිකට් පිස්සන් වශයෙන් අහිංසක බලාපොරොත්තුවක් තියාගමු...