කලින් Thread දෙකකින් මං හොලමන් ගැනයි මෝහිනී ගැනයි කතා කලානේ...
අද මං අවේ කළු කුමාරයා ගැන කතා කරන්න.
තරුණියන් බොහොමයකගේ පැතුම රන් හුයෙන් අතැඟිලි එක්කොට විවාහ දිවියට පිවිසීමටයි.
එහෙත් එයට බාධාකරමින් යෞවනියන් පසු පස ලුහුබඳින හොර පෙම්වතෙක්ද සිටී.
ඔහු යක්ෂ ලොව මනමාලයා හෙවත් "ශ්‍රේෂ්ඨතම පෙම්වතා" වේෂයෙන් තරුණියන්ට බැල්ම හෙලයි.
ගුප්ත විද්‍යාවේ හැඳින්වෙන පරිදි ඔහු තරුණ කාන්තාවන්ට ආලය කරන කළු කුමාරයා, කළු දේවතාවා, කළු යක්ෂයා නමින් හැඳින්වේ.
කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇත.
කළු ගොනකු පිට නැගීයයි.
මොහුගේ උපත ගැන නොයෙකුත් මතයන් ඉන්දියාවේ මෙන්ම අප රටේ ජන කතාවලද සඳහන්ව ඇත.
එයින් කතා කීපයක විස්තරයන් මෙසේ සඳහන් වේ.
මොහු ඉන්දියාවේ එක් ප්‍රදේශයක මහා රාජමාළිගාවක විසූ කුමරියකගේ ප්‍රථම මල්වරයේ කිළිටි රෙද්දක් රජකයෙක් සේදීමේදී එය දැක ඇගේ ආදරය පතා එය ලබා ගැනීමට නොහැකිව සියදිවි නසාගත් පසු කළු කුමාරයා යක්ෂයකු වූ වගයි.
මෙය කළු කුමාරයාට දොළ, පිදේනි, පුද තටු පුදන විට රොඩී බිසවුන් වහන්සේ කෙනෙකු සඳහා පුද තැබීමෙන් අපට එය පිළිගැනීමට හැකිය.
මොහු ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක රජ කළ "නාගමාල" නම් රජෙකුටා දාව උපන් බවත්.
අග බිසවගේ පුතු සුදු බැවින් සළු කුමාරයා වූ බවත් දෙවන් බිසවට උපන් මොහු කලුවන් බැවින් කළු කුමාරයා වූ බවත් කියවේ.
දෙදෙනා අතර තිබූ දැඩි සෙනෙහස නිසා සළු කුමාරයට පමණක් තම පියා රජකම දීමට යාමට අකමැතිවූ මොවුන් ඔහු මරන්ට තම පියා නාන පොකුණේ උල් හිටවූ බවත් එය නිශ්ඵල වී පියා මරණයෙන් බේරුණ නිසා කන්දකින් පැන මියගිය පසු කළු කුමාරයාවී ඉපදුන බවත් සඳහන් වේ.
එය යාග හෝම කරන විට ගයන කාව්‍යයෙන් ගෙන් මෙසේ පැහැදිලිවේ.
පසන් නාග මාලය පිය නර නින්දා
දෙදෙනාටම නොදී රජ කරනා සින්දා
මරන්නට නාන පොකුණේ උල් ඉන්දා
සිටින්නට නූනි මෙනුවර මේ සන්දා
මහා වංශයේ සඳහන් පරිදිත්, මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක් අනුව මොහු වැලිගම්පුර "රාජකුලවඩන" විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි බුවනෙකබාහු චක්‍රවර්ති මහෝත්තමයන් VIවන වර්ෂයේදී රජවූ බවත් ඒ අනුව ඔහු ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් පැමිණි බවත් බිසව දෙමළ මාලාවූ බවද රජු තද කළු පාට නිසා කළු කුමාර නම්වූ බවද කියවේ.
ඉතිහාසඥයෙක් වන "කොඩ්රින්ටන්" මහතාගේ මතය අනුව ඔහු විසූ මානවලු පුරය උඩරොටේ, පල්ල රොටේ යන පරිවාරයෙන් යුතු ගම්දනව් ඇතුළුවූ බව කියවේ.
ඔහු ජීවත්ව විසූ උස් ගොඩනැඟිල්ල උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්ටුය.
ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක් මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක් එනවිට ඔසවන බව කියා පිටව ගොස් කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක් කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේය.
මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ.
තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය "ආභරණ ඇල්ල" නමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්ෂණියන් වූ බවද ජන කතාවලින් කියවේ.
මේ කුමරියන් සත් දෙනා කොණ්ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල නමින් හැඳින්වේ.
මේ හැර කළු කුමාරයාට බිසෝවරු 32 ක් සිටි බවටද සඳහන් වේ. මෙවන් බිසෝවරුන් ගණනාවක් සිටියද මොහු යෞවනියන්, කාන්තාවන් පසුපස මෙලොවදීත් හඹා යන්නේ අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ යක්ෂයෙක් නිසාය.
මොහු ආත්මයෙන් ආත්මයට මේ පුරුද්ද ඇතිකරගෙන ඇත.
මොහු වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස්යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදිය වේ.
කළුකුමාරයා කළුවන් ස්ත්රීන්ට දැඩි ආශාවක් දක්වයි.
අවිවාහක කාන්තාවන්ගේ විවාහයට බාධා ඇතිකර ප්‍රමාද කරයි.
සමහරවිට මුළු ජීවිත කාලයටම විවාහ වීමට ඉඩ නොදේ.
විවාහක ස්ත්‍රියකගේ නම් දරු ගැබ විනාශ කරයි.වඳ ස්ත්‍රියක් කරයි.
දිනෙන් දිනම ශරීරය කෘෂ කර නොයෙක් රෝග ඇති කරයි.
විවාහක ස්ත්‍රිය ළඟට පැමිණෙන්නේ තම සැමියාගේ වේශයෙන්ය.
එය භූතවිද්‍යා කාව්‍ය ග්‍රන්ථවල මෙසේ සඳහන් වේ...
රෑ හීනෙන් ඇවිත් - තම හිමියන් විලසේ
යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා
කාමයෙන් උමතුවී - ඇඟ මතා දිගා වෙමින්
කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්
ගුප්ත විද්‍යාව අනුව කළුකුමාරයා භූත කොටසට අයත් යක්ෂයෙකි.
මෙම යක්ෂයා කාන්තාවන්ට නොයෙකුත් ලෙඩ රෝගයන් කරන අතර ඔවුන්ගේ දරු ගැබ විනාශ කිරීමේ බලයක්ද ඇත.
මොහුගේ බැල්ම දිෂ්ඨිය ඇති කාන්තාවක් ඔල්මාදයෙන් විකාරයෙන් දොඩවයි.
මෙය හොර රහසේම තරුණියන්ට වැළඳෙන යක්ෂ දිෂ්ඨියකි.
බැල්මකි. දෘෂඨියකි. මෙය උච්චවූ විට රෝගය භයානක වේ.එය කිසිවකු නොදනී.
එමෙන්ම විවාහක වයසේ පසුවන ස්ත්‍රීන් තමන්ගේ විවාහ ප්‍රමාදය ගැන හිතමින් තම රාගික අදහස් සමාජ සදාචාරය හිතතුළ සිරකරගෙන සිටින විටද මේ දෝෂය ඇතිවේ.
කළු කුමාර දිෂ්ඨිය ක්‍රම දෙකක් අනුව සිදුවේ.
පළමු ක්‍රමය ලිංගික සිහින නිතර පෙනීම, ඒ සිහින දැකීමෙන් ඇය නින්දේදී ලිංගිකව හැසිරී කායික හා මානසික තෘප්තිය ලබයි.
නිදි යහනේදී ඇය හැඩි දැඩි තරුණයකුගේ ග්‍රහණයට අසුවුණු විවාහක තරුණියක් ලබන වින්දනයක් සතුටක් ලැබ පූර්ණ ආශ්වාදයක් ලබයි.
සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට උපරිම තෘප්තිය පවා ලැබේ.
එවන් අවස්ථාවලදී සමහර තරුණියන් තම කන්‍යාභාවය සිඳී ඇත්දැයි යන බියක් පවා දක්වයි.
දෙවැනි අවස්ථාව බියජනකයි.
යම් තරුණියක් නින්දේදී හීනෙන් බියට පත්ව නැගිට දොරගුළු ඇරගෙන සිහිය නැතිව නිවසෙන් පිටව යාමයි.
එසේ යනවිට යම් දෙයක හැපී හෝ වතුර, තෙත පෑගුණ හොත් ඇය අවදිවන නමුත් එසේ නොවුන හොත් අනතුරකට පත්වී මියයැමට ද පුළුවන.
මෙවැනි දෝෂයක් ඇතිවිටක එය වැඩිහිටියන්ට පවා කීමට ලැඡ්ජාවෙන් සිත තුළ සඟවාගෙන වධ විඳී.
එසේ නොව එවැනි දෝෂයක් ඇත්නම් එය වැඩිහිටියනට පවසා එයට අදාළ ශාන්ති කර්ම, යන්ත්‍ර, පුද පූජා පවත්වා ඉන් මිදීමට මාර්ගයක් සලසා ගතයුතුයයි.
කළුයක්ෂයාගේ දිෂ්ඨිය ඇතිනම් ගුප්ත විද්‍යාත්මක වශයෙන් එය සදහටම නැති කිරීමට ප්‍රබල යන්ත්‍ර, හා පුද පූජා ආදියෙන් කළහැක.
ඒවා විවිධාකාරව ඇත. ඒවායින් තම ශරීරයට මෙම දිෂ්ඨිය බන්ධන වීමට පෙර ඉවත්කර ගැනීම හිතකරයි.
මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇතිවේ.
ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයි.
ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටය.
මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි.
එමෙන්ම කළු කුමාරයා ස්ත්රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැත.
ඒ නිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය.
එබැවින් ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අපේ යෞවනියන්, තරුණියන් කළු කුමාර යක්ෂයාගෙන් බේරීමට සදාචාර විය යුතුයි.
අශෝභන හැසිරීම් වලින් වැළකීම, තනිමග යැම කෑකෝ ගැසීම, දුටු තැන වස්ත්‍ර ගැලවීම ඇඳීම, තොටුපල ළිඳ ළඟ නෑම අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි.
සමහර විටෙක කළු කුමාරයාගේ බැල්ම දිෂ්ටිය තදින් ඇතිවූ විට තමා අඳින ඇඳිවත පවා ගලවා ඉවතට විසිකර පිරිමින් වැළඳ ගන්නා තත්ත්වයට ඔල්මාදය ඇතිවේ.
එවැනි රෝගියකුගේ කළු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට කළු කිකිළි බිත්තරයක් රැගෙන ලෙඩාගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් ගෙන කළු කුකුළකුගේ පිහාටු පුළුස්සා එයින් අනා බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන බිත්තරය සොහොනක් උඩ බිඳීමෙන් කළු කුමාර දිෂ්ටිය පහවී ගොස් යන්ත්‍ර මන්ත්‍ර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහවී යන බව කියා ඇත.
මෙය කියවා ලබාගත් දැනුමෙන් කල ස්වනිර්මාණයකි.
අඩු පාඩු ඇත්නම් නිවරදි කරන්න.
බලපු නැති අය වෙනුවෙන් BUMP එකක්වත් දෙන්න කාරුණිකවන්න...
Last edited:





kalu kumaaraya maara dial ekak ne ban 




