DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DreamSriLanka: Music : නව සංගීත තනු නිර්මාණයක්... ~ Comments ~

    ටික දවසකට පස්සේ මම ආයෙමත් මගේ නව නිර්මාණයක් පෙන්වන්නට තීරණය කළා. මගේ අලුත්ම අවධානය යොමු වුණේ සංගීත තනු නිර්මාණය කරන්නට.. නමුත් ඒක ටිකක් දුර ගමනක්. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් නව සංගීත නිර්මාණයට පිවිසිලා ඉන්නව. ඉතින් මම ටිකක් දුරින් ඉන්න කෙනෙක් කියල කියන්න පුළුවන්. මට මගේම කියල සංගීත කණ්ඩායමක් නම් නැහැ. පරිගණකය ආධාරයෙන් තමයි මම මේ සංගීතය නිර්මාණය කරන්නේ..

    හැබැයි.. හැමදෙනාම ගීත රචනය සහ ගායනය පැත්තට අවධානය යොමු කරන නිසා... මගේ අවධානය වැඩිපුර යොමු වෙන්නේ සංගීතයට. උදාහරණයක් විදිහට හැමෝම අහල ඇති Yanni කියන සංගීතඥයා ගැන. ඔහු ජනප්‍රිය වුණේ ඔහු විසින් නිර්මාණය කරපු සංගීත තනු විවිධ දක්ෂතා ඇති සංගීත වාදකයන් විසින් වාදනය කරද්දි ඒ සංගීතය අසන හැමදෙනෙක්ටම ආශ්වාදයක් ලැබුණු නිසා. ඉතින් ඒ ගීත ගායනයෙන් නෙමෙයි... සංගීතයෙන් පමණයි. ඉතින් මම Yanni උදාහරණයක් ලෙස කිව්වා විතරයි.. මට Yanni වගේ වෙන්න නම් බැරි වෙයි. නමුත් මමත් ආසයි සංගීතය නිර්මාණය කරන්න. මගේ මේ උත්සාහය තව ඉස්සරහට ගෙනියන්න මම කල්පනා කරනව.

    (විශේෂයෙන්ම කියන්න ඕනෙ මම ශ්‍රී ලංකාවට ආවේණික සංගීත ක්‍රමයම පාවිච්චි කරන්නෙ නැහැ. ඒකට හේතුව අලුත් පැතිකඩක් ඔස්සේ නිර්මාණය කරන්නට මට අවශ්‍යයි.) මේ සංගීත තනු නිර්මාණය මම තනිවම කළ දෙයක්. වෙන කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නම් නෙමෙයි. කාගෙන්වත් උපුටා ගැනීමක් කරල නැහැ. නමුත් වෙනත් සංගීත තනුවකට ආසන්නව නිර්මාණය වී තියෙන්නට පුළුවන්. නමුත් එය උපුටා ගැනීමක් නොවෙයි කියල මම විශ්වාස කරනව. එහෙම නම් මේ සංගීතය අහල comment එකක් දෙන්නකො කවුරුත්....

    • Like
    Reactions: Supun. and sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කාගෙවත් එකක් කොපි කරන්නේ නැතුව තමන්ගෙම නිර්මාණයක්
    කරන එක බොහොම අමාරු වැඩක්. මොකද අපේ හිතේ තැම්පත් වෙලා තියන නද රටා තමයි ගොඩක් වෙලාවට එලියට එන්නෙ. කොහොම උනත් උබ ඒකෙන් මිදෙන්න මහන්සි වෙලා තියනව කියල පේනව
    ඉදිරියේදි සාර්ථක නිර්මාණ බිහිකරන්න ලැබේවා කියල පතනව
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නියමයි සහෝදරය. rep+
    පොඩි පොඩි අවුල් තියනව. වැරදි හදාගෙන ඉස්සරහට යමු.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කාගෙවත් එකක් කොපි කරන්නේ නැතුව තමන්ගෙම නිර්මාණයක්
    කරන එක බොහොම අමාරු වැඩක්. මොකද අපේ හිතේ තැම්පත් වෙලා තියන නද රටා තමයි ගොඩක් වෙලාවට එලියට එන්නෙ. කොහොම උනත් උබ ඒකෙන් මිදෙන්න මහන්සි වෙලා තියනව කියල පේනව
    ඉදිරියේදි සාර්ථක නිර්මාණ බිහිකරන්න ලැබේවා කියල පතනව

    බොහොම ස්තූතියි comment කලාට.... ඔව්.. ඒ කියපු දේ හරි...:yes: ගොඩක් නාද රටා අපි කළින් අහපු ඒවත් එක්ක සෑහෙන්න පැටලෙනව අලුත් තාලයක් බිහි කරන්න ගියාම. තව මට ගොඩක් මහන්සි වෙන්න තියෙනව ඒ පැත්තෙන්... නවත්තන්නෙ නැහැ. තව හොඳ නිර්මාණ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනව.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    podi podi out than thiye machan... mixing quality eka hari naha... Reason use karanna... chord work eke awlak thiye,,

    Ow.. :yes: mama Reason paawichchi karanna kalin basic theory eke idan yanna hithuwa.. ethakota Reason wage complex mixing ekakata eddi mata hoda experience ekak enawane... thawa aluth notations digatama hadanna mama balaporoththu wenawa... chord works wala getalu then athi... e adupaaduth mama hadagena thawa meta wada hoda ekak karanawa....
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    Ow.. :yes: mama Reason paawichchi karanna kalin basic theory eke idan yanna hithuwa.. ethakota Reason wage complex mixing ekakata eddi mata hoda experience ekak enawane... thawa aluth notations digatama hadanna mama balaporoththu wenawa... chord works wala getalu then athi... e adupaaduth mama hadagena thawa meta wada hoda ekak karanawa....

    eka hodai machan..... best of luck... ;)