ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

Apr 24, 2010
351
107
0
Kandy
ඔබ නිසා මම කවියෙකු වූ අරුමය...

w.gif


ආදරය...
තමන් ආදරය කරන්න යන කෙනා
ලුහුඩු දැන්වීමක් කියවලා තෝරාගන්න පුලුවන්ද?
හ්ම්ම්...
එහෙනම් එක ආදරයක් නෙවෙයි..
එකට කියන්නේ වෙන එකක්...
ආදරයක් කවදාවත් "කරවන්න" බෑ....
ඒක ඇති වෙන්න ඕන.....

අපි ආදරය කරන හදවත දවසක අපට හමුවෙනවා...
අපි කවමදාකවත් දැකල නැති, හමුවෙලා නැති, වචනයක් හරි කතා කරලා නැති,
දුප්පත්, පොහොසත්, ආගම, ජාතිය, දන්නේ නැති හදවතක්...
දවසක අපිට හමුවෙනවා.....
අන්න එතකොට අපේ හදවත කියාවි...
"මෙන්න උඹටම ඉපදුනු කෙනා....!"
ආදරය...... කියන දේ ඇතිවෙන්න ඕන..
හදවත පිස්සුවට්ටන්න ඕන.....
අපට අපවම අමතක කරවන්න ඕන....
හරියට මට උනා වගේ.....
ඔයාව දැක්ක මුල් දවසේ මට උනා වගේ...
ආදරේ... ඇතිවෙන්න ඕනේ...

ආදරය...

ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක....
මට අද වගේ මතකයි ඒ බැල්ම..
ඔයාගේ වචන.. කටහඩ.. හැමදේම..
මේ අසරණ වෙච්ච දුප්පත් පපුව ඇතුලේ
දෝංකාර දෙනවා...
මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
අපි දෙන්නා අතර උන හැමදේම....
මගේ ජිවිතේ..
මම ලබපු ලස්සනම දේවල්...

තමන් වෙනුවෙන් නෙවෙයි,
තවත් කෙනෙක් වෙනුවෙන් ජිවත් වෙන එකේ සතුට...
මට කියලදුන්නේ ඔයා.....
ඒවගේම ඒ කෙනා නැති උනාම
ජිවිතේම නැති උනා වගේ දැනෙන වේදනාව.....
ඒක කියල දුන්නෙත් ඔයා....
කවදා හරි ඔයා මට ලැබෙයි කියන ආත්ම විශ්වාසයෙන්
ජීවිතය ජීවත්වෙන විදිහ කියල දුන්නෙත් ඔයා.....
මිනිහෙක්ට දරන්න බැරි තරමේ වේදනාවක් දීලා
ඒ දුකේදී උනත්, දුක දුන්නු කෙනාටම
ආදරය කරන්න ඉගෙන්නුවෙත් ඔයා....
හදවතින් ඉකිබිදගෙන ලෝකෙට හිනාවෙන්න
කියල දුන්නෙත් ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා...
ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ....
මම ඔයා එක්ක තරහ නෑ...
මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි.....
ඒ වේදනාවට මම කැමතියි...
ඒ ඔයා නිසා ...
බලන්න...
ඔයා නිසා මම කවියෙකු වූ අරුමය....


-රස්තියාදුකාරයා-
rasthiya.blogspot.com
 
Last edited:
Apr 24, 2010
351
107
0
Kandy
"හදවතින් ඉකිබිදගෙන ලෝකෙට හිනාවෙන්න
කියල දුන්නෙත් ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා...
ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ....
මම ඔයා එක්ක තරහ නෑ...
මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි.....
ඒ වේදනාවට මම කැමතියි...
ඒ ඔයා නිසා ..."
 
Apr 24, 2010
351
107
0
Kandy
"හදවතින් ඉකිබිදගෙන ලෝකෙට හිනාවෙන්න
කියල දුන්නෙත් ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා...
ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ....
මම ඔයා එක්ක තරහ නෑ...
මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි.....
ඒ වේදනාවට මම කැමතියි...
ඒ ඔයා නිසා ..."
:love:
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113



    මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි.....
    ඒ වේදනාවට මම කැමතියි...
    ඒ ඔයා නිසා ...
    බලන්න...
    ඔයා නිසා මම කවියෙකු වූ අරුමය....

    -රස්තියාදුකාරයා-
    rasthiya.blogspot.com

    අපි හැමෝම කවදාහරි දවසක විදලා තියන අත්දැකීමක් සුන්දර විදිහට එළිදක්වල තියනවා...
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
    ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
    මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
    අපි දෙන්නා අතර උන හැමදේම....
    මගේ ජිවිතේ..
    මම ලබපු ලස්සනම දේවල්...


    DAN API WIDINAWADA WIDAWANAWADA - ADARE...????
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කවදා හරි ඔයා මට ලැබෙයි කියන ආත්ම විශ්වාසයෙන්
    ජීවිතය ජීවත්වෙන විදිහ කියල දුන්නෙත් ඔයා.....:confused:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Everyone says love hurts, but that's not true. Loneliness hurts , rejection hurts, Losing someone hurts... everyone confuses these things with love..but in reality :love: is the only thing in this world that covers up all the pain and makes us feel wonderful again.........
    ;););)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    තේරුම නොදත් එකම දෙයකි ඒ........ආලේ
    කිසිවක් නිසා එය නොමයයි හිත්........පෑලේ
    නව නව අරුත් මෙය හට දෙන මේ.....කාලේ
    මෙවන් පෝස්ට් අගයමි මම දා..........මාලේ
     
    • Like
    Reactions: rasthiyadukaraya
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
    ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
    මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
    අපි දෙන්නා අතර උන හැමදේම....
    මගේ ජිවිතේ..
    මම ලබපු ලස්සනම දේවල්...


    DAN API WIDINAWADA WIDAWANAWADA - ADARE...????

    Adare wenuwen widawanna abennath pin karaa thiyenna one machan..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොළද වැඩියි මචන්
    සමාවෙයන් එහෙම කිව්වට
    ඒත් ඇත්ත ඒක
    මේ වගේ දේවල් හිතට ගත්තම....
    ඇත්ත ආදරේ හොයන්න ගිහින් ජීවිත විනාස වෙනවා රැවටෙනවා විතරයි
    ඇත්ත ආදරේ හොයද්දි මොලෙයි පාවිච්චි කරන්න ඕනි
    හදවත නෙමෙයි
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    mokadda machan bolada? hithata ena de therena widihata liyana ekada? liyanna puluwan hoda barata......... ethakota ewa apabbransa.... prabudda widihata neweine ban api hithanne....