සරත් පොන්සේකා මහත්තයට පක්ෂව නැති හොද කියන ඊයේ පෙරේද ඔහුව හදුනාගත් රැලක් නිසා අපිටත් කට පියාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොහුට එරෙහිව තද බල ලෙස කොමෙන්ට්ස් ලියන්න වෙලා තියෙන්නේ. ජනපතිවරනෙට ඉල්ලනකන්ම මොහු මගේ හදවතේ රැදුණු විශිෂ්ට වීරයෙකි. එහෙත් ඔහු පියවරෙන් පියවර පිළිකුල්සහගත කෙනෙක් බවට පත් වුනේ නැත්නම් මම චන්දෙ දෙන්න හිටියෙත් මොහුටමයි. ඔබතුම ජනපතිවරනෙට නාම යෝජනා බාර දීල ගෙදර ගිහින් නිදා ගත්තනම් අද රටේ ජනාධිපති වෙලා. මට ඔබතුමා එපා වුනේ පලවෙනි කතාවෙදිමයි. මතට තිත ගැන ඔබ දීපු පිළිතුර. ඔබේ අනුවන කතා පහත දැක්වේ. ඔබේ චන්ද කඩා හැලුණු ආකාරය පහත දැක්වේ.
1. “මනස සන්සුන් වීමට මත් පැන් ටිකක් අවශ්‍යයි”. (මම බියර් එකක්වත් / බිඩියක්වත් නොබොන සහ බොන මිනිස්සුන්ට එරෙහිව දැඩිව වාග් ප්‍රහාර දෙන කෙනෙක් විදියට ඔබේ පළමු මාධ්‍ය සාකච්චාවේදී මා දැඩි කම්පනයකට පත් වුනා. මගේ මනෝ ලෝකයේ රජෙක් වූ ඔබතුම මෙවැනි මිත්‍යා කතාවක් කීමෙන් අන්යන් ඉදිරියේ මා ගොළු වුනා. “ඒයි ආන් උබේ වීරය එයාගේ කටින්ම කිව්වා මත් පැන් වල ප්‍රයෝජනේ. දැන් නැට්ට …… ගහගෙන පලයන්” කියල යාලුවෝ කියද්දී මට පොලව පලාගෙන යන්න හිතුන. මොකද සරත් මහත්තයාගේ යුධ බිමේ හපන්කම් ගැන මගේ කටින්ම ගහපු පම්පෝරි ටික හැමෝම දන්නා නිසා). රටේ සැලකිය යුතු අමධ්‍යපයින් පිරිසක් සිටි. සරත් ඔවුන්ගේ චන්ද අහිමි කර ගත්ත.
2. “මගේ ප්‍රියතම ආහාරය වුනේ දඩ මසුයි කුරක්කනුයි” (මේක ඇහුවම ඇති වෙච්ච පිළිකුල කියල නිම කරන්න බෑ. මම උරු, හරක්, එළු මස්වත් කටේ තියල නැති කෙනෙක් වගේම ඔබතුම ගැන පම්පෝරි ගහපු කෙනෙක්. අනිත් උන්ට මස් වැද්දෝ කියල බැනපු කෙනෙක්. ඉතින් කලින් කියපුව දිරවා ගන්නේ කොහොමද දෙය්යනේ). සරත් වෙජිටෙරියන්ලගේ චන්ද අහිමි කර ගත්ත.
3. “විමල් වීරවංශට සුනකයා කියමින් නින්දා කිරීම” (ඔහු නැත්නම් අද ලංකාවක් නැත. 1999 දී රනිල්ට එලව එලව ගැහුවා “ජනප්‍රිය බෙස්ලට් කතාව විමල්ගේ ජනප්රියතාවේ ඇරබුම හා රනිල්ගේ පිරිහීම සනිටුහන් කළා. 2004 දී කොටින්ගේ ආණ්ඩුව එලවල සන්ධානේ හදන්න වැඩියෙන්ම දර දිය ඇද්දේ ඔහු. 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රබලයෝ පවා පිටු පාද්දී හෙළ උරුමය සමග එක්ව මහින්දට ඔටුන්න දාන්න විමල් ප්‍රමුක ජවිපෙ දරදිය ඇද්ද. එදා මහින්ද නූලෙන් වගේ දිනුවේ විමල්ගේ සීනු හඩ නිසා බව මහින්ද මහත්තය පවා නොයෙක් වර කිව්වා. යුද්ධෙට මහින්දව පොලබවල කුලප්පු කරලා ගත්තේ විමල්, ජවිපෙ හා හෙළ උරුමයයි. විමල්ට සුනකයයයි කීමෙන් සරත් දේශ ප්‍රේමීන්ගේ හදවතට පහර දුන්නා). මෙසේ ඔහු දේශප්‍රේමීන්ගේ පාවෙන චන්ද අහිමි කර ගත්තා.
4. “අම්බලන්ගොඩ ගිහිල්ල පොර වෙන්න කියල ඔරු පද්ද” (එදා රනිල් මහත්තය සරත්ට දොස් කිව්වා. රනිල් ගොනා වගේ හිටියට මොලේ තියෙන මිනිහෙක්. මේ සිද්දියෙන් සරත්ගේ කුලේ හෙළි වුනා. කරා කෙනෙක්ට ජනපති වෙන්න දෙන්න බෑ කියල මහන්තත්ත කුල කාරයෝ කිව්වා. රනිල් පවා දන්නවා පිටින් නොපෙනුනාට යටින් කුලවදේ තියෙන බව. එදා පර සුද්දට එරෙහිව යුධ වැදුණු පුරන් අප්පුට මරණය උරුම වුනේ සුද්දගේ හපන් කමට නෙමෙයි. කුලේ හෙළි වීමත් සමග ඔහු වට සිටි මෝඩ සිංහල හැතිකරේ ඔහු හැර දා ගියා. පුරන් අප්පුට බැරි වෙච්ච දේ සරත් කොහේ කරන්නද). ඔහුට කුලය හංග ගන්න තිබ්බ. කුලය ගැන කටකතා ගියත් මිනිස්සු ඒවා ගණන් ගත්තේ නෑ. මෙයා රෙද්ද උස්සල පෙන්නුවා ඔරු පදින්න ගිහින්. මෙතැනදී හැමෝටම කිව්වා උපන් ගමේ ඔරු පැදපු අතීතය. මම කුලවාදය දැඩිව පිළිකුල් කරන කෙනෙක් වුනත් රටේ කුල මානයෙන් පෙලෙන ගොබ්බයින්ගේ චන්ද සරත් මහතා මෝඩ කම නිසා අහිමි කර ගත්ත.
5. “දිනුව ගමන් එයාර් පෝට් එක වහනවා. රට පනින්න දෙන්නේ නෑ. මහින්දව, ගෝටව 2′ 4 ‘කුඩු වලට දානවා.” (රටේ විශාල පිරිසක් සරත්ට චන්දෙ දෙන්න හිටියේ මහින්ද ගැන වෛරයකින් නෙමෙයි. මහින්දට වඩා හොදට දුෂණයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව මොහු කටයුතු කරයි කියල හිතපු නිසා. රටේ එවකට වැඩිම ජනාදරයක් හිමි චාරිත තුන වුනේ මහින්ද, ගොටාභය සහ සරත්. සරත්ගේ මෙම 2′ 4′ කතාව මිනිස්සුන්ගේ සිත් තුල මර බියක් ඇති කළා. ගෙදර ඇති කරන සතෙක්වත් චුටි කුඩු වල දාන්න කැමති නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. මට පවා ලොකු බයක් දැනුන මේ යකා මේ වැඩේ ඇත්තටම කරයි කියල. හිර කාරයෙක්වත් මෙච්චර පොඩි කුඩු වලට දන්නා හොදද?). මේ තුලින් සරත් මානව හිතවාදීන්ගේ චන්ද අහිමි කර ගත්තා.
6. “ඔය ආර්ථික විද්‍යාකාරයෝ, ඉගෙන ගෙන මොලේ වැඩි වෙච්ච මිනිස්සු කියන දේවල් අහන්න ගියොත් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ” (මොහුගේ රු.10,000 පඩි වැඩි වීම කල නොහැකි දෙයක් ලෙස කියපු රටේ උගතුන්ට මෙහෙම ගොන් කතාවක් කියල මොහු කරපු මෝඩ වැඩේ). මේ තුලින් ආර්ථික විද්යාකරයින්ට සහ උගත්කම ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන හිටපු අයට දැඩි ලජ්ජබක් ඇති වුනා. සරත් එම චන්ද අහිමි කර ගත්ත.
7. “කුප්‍රකට සුදු කොඩි කතාව” (මෙය ඉතිරි වෙලා තිබ්බ අමුඩ ලේන්සුව ගලවපු මොහොතයි. සරත්ට ඉතුරු වෙලා තිබුන එකම දේ යුධ ජය විතරයි. මේ කතාව සන්දේ ලීඩර් හරහා යද්දී මොහු එක ඉල්ලා අස්කර ගත්තේ නෑ. රැලි දෙකකදී අපහු කිව්වා. ඒවා රට පූරා මිනිස්සු දැක්ක. රටේම මිනිස්සු කැමතියි සුදු කොඩි නෙමෙයි සුදු රෙදි ඇදන් ආවත් කොටි හැතිකරේ මරපු එකට. ඒ වැඩේ වැරදියි කියල කීමෙන්, එවැනි වැරදි තීන්දු දීමෙන් වැනි වචන කීමෙන් මොහුට කොටි භාර වුනානම් මොහු උන්ව මරන්නේ නෑ වගේ අර්ථයක් දිස් වුනා). එතුලින් දෙයාකාරයකට මොහුට චන්ද අහිමි වුනා. පළමුව කොටි ගැන දැඩි වෛරයෙන් සිටි ජනතාවගේ චන්ද (මොකද එයාල හිතන් හිටියේ කොටි නායකයන්ව මැරුවේ සරත් කියල. ඒ ගරු නාමය මොහු ගොටබයට සහ ශවේන්ද්‍රට පාස් කළා). දෙවනුව රටට ආදරේ කරන බුද්ධිමත් ජනතාවගේ චන්ද (මොකද මේක බරපතල පාවා දීමක්. මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා).
8. “යුද්ධේ ඉවර වෙනකන් අපිත් එක්ක සිටි හමුදාව ගුවන් හමුදාවයි, මට බය තිබ්බේ ප්රභාකරන් මුදෙන් පනියි කියන බය විතරයි. එකයි මුලින් වෙරළ ඇල්ලුවේ. හරි හමන් නාවික සහයක් තිබ්බනම් යුද්ධේ මිට කලින් ඉවර වෙනවා” (මොහු මේ කතාව කිව්වේ යුද්ධේ ඉවර කරපු දවස් වලයි. මෙතුලින් නාවික හමුදාවේ, ඔවුන්ගේ පවුල් වල චන්ද මොහු නැති කර ගත්ත). මම දන්නා නෙවි අක්ක කෙනෙක් ඇඩුවා. නාවික හමුදාව කොච්චර මහන්සියක් වුනාද කියල රටම දන්නවා. කොටි නැව් 10 කට වඩා ගිල්ලුව. යුධ ජයේ පිටම තිබ්බ චන්දෙ වෙද්දීත් මේ කතාව මිනිස්සුන්ට අමතක වෙලා තිබුනේ නෑ.
9. “ඔය කලෙහි ගුණ නොදන්නා කලවැද්දා, ඔය පහර මිනිහ” (සරත් තුල ස්වයන් විනයක් තිබේ කියල ගොඩක් අය හිතන් හිටිය. සාමාන්‍යයෙන් කල වැද්ද කියන වචානෙට වඩා දරුණු වචන දේශපාලකයෝ කියන බව ඇත්ත. නමුත් මිනිස්සු සරත්ගෙන් එහෙම වචන බලාපොරොත්තු වුනේ නෑ. මහින්ද කවදාවත් කේන්තියෙන් කා ගසමින් ජනතාව ඇමතුවේ නෑ. සරත්ට මහින්දට තරම්වත් විනයක් නැති බවක් දිස් වුනා). මේ තුලින් විනයගරුක නායකයෙක් යටතේ රටේ හොරු අතුගාල දාන බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ චන්ද නැති කර ගත්ත.
10. “ඔය කලාකාරයෝ සල්ලි වලට රජතුමාට කඩේ යනවා” (මෙම කලාකරුවන් අතර ජනතාව හදවතින්ම ආදරය කරන කලාකරුවොත් විශාල පිරිසක් හිටිය). ඔවුනට එරෙහිව දැඩිව පහර දීම 99%ක් කලාකරුවන්ගේ සහ රසිකයන්ගේ චන්ද සරත්ට අහිමි කෙරුව.
එතකොට මොනවාද ඉතුරු වුනේ :- කැපුවත් කොළ චන්ද. කැපුවත් රතු චන්ද. කැපුවත් කොටියට චන්ද විතරයි. ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිල්ල චන්දෙ ඉල්ලුවත් ඉල්ලන්නේ තම පක්ෂේන්නම් මේ මිනිස්සුන්ගේ චන්ද ඔවුන්ට ලැබෙනවා. එහෙවු අවජාතක චන්ද ටික විතරක් ඉතුරු වුනා. 2005 රනිල් තනි අලියාගෙන් ගත්ත ගානවත් 2010 ජවිපෙ හා කොටි සමග ඉල්ලලා පවා ගන්න බැරි වුනා.
ස.යු. :- ප්‍රතිවාදියාට පහර දෙන විට ඔහු හුදකලා වන පරිදි පහර දිය යුතු බව පරිනත දේශපාලකයා දනී. මහින්ද දිනුවේ ඔහුගේ පරිනතකමට වඩා සරත්ගේ ළදරුකම නිසයි. උද :- කලාකරුවන්ට පහර දෙන විට ඔවුන් රසිකයන්ගෙන් හුදකලා වන පරිදි පහර දිය යුතු බව සරත් දැන සිටියේ නෑ. ඔහු සමස්ත කළා සංහතියම කබල් ගෑව.
එහෙනම් දැන් ලලිත් කුගන් වැනි ද්‍රෝහියන් ගැන කියද්දීත්, රටට වින කටින ජන මරගල කාරයන් ගැන කියද්දීත්, සිරස හරහා දෙන මෝඩ කතා නිසාත් තවත් පිරිස අහිමි කර ගන්න බව පැහැදිලියි. තවමත් සරත් වෙනුවෙන් පෙනී සිටින්නේ කවරහුද?
1. තමාගේ බඩ කට පිරේ නම්,
2. තමාගේ ප්‍රියතම පක්ෂයට වාසියිනම්,
3. තමාගේ පක්ෂයට බලයට ඒමට බාධාවක් වී ඇති තැනැත්තන්ට එරෙහිව සටන් පාටයක් ලැබේ නම්,
තමන්ව වැදූ අම්මව කෙලසපු මිනිහ සමග හෝ සිටගෙන ඔහුට හුරේ දැමීමට සුදානම් අවජාතකයින්ය.
දර්ශන ප්‍රගීත් මනම්පේරි says:
January 26, 2012 at 3:52 am