කලින් English fonts වලින් දාල තිබුන ඒවට පැහැදිලි උත්තරයක් දාල තිබුනෙ නැති නිසා සිංහලෙන්ම දාන්න හිතුනා…
කිසිම ප්‍රශ්නයක් යුද්ධයකින් "සාදාරණව" විසඳන්න බැහැයි කියලා හිතන කෙනෙක් මම... ඒක නිසා යුද්ධ කිරීම තමන්ගෙ එකම සහ හොඳම සුදුසු කම කියල ඡන්ද ඉල්ලන සහ ඉල්ලපු කිසිම නායකයෙක් රටක නායකත්වයට සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ... ලෝකෙ හිටපු කිසිම නායකයෙක් 100% සම්පූර්ණ නැහැ.. නමුත් මෙතන දරුණු ලෙස මිනිස්සුන්ව රැවටීමක් සිද්ධ වෙනවා.. ඒක පෙන්නල දෙන්නයි මේ reply එක දාන්නෙ...
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි 60% කට වඩා ඡන්ද අරගත්තට හිතන්න එපා ඒක කල් පවතින බහුතර මතයක් කියල..ඒක එහෙම උනා නම් සියළුම ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන UNP එකට මේ රටේ විශාල කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ... ප්‍රභාකරන් මැරුවම මිනිහ කරපු වැරදි වලට දඬුවම් ලැබුන නේද කියල අපි හැමෝම සතුටු උනා.. ඒ පිබිදීමත් එක්කම ඡන්දෙ තිබුන නිසා තමයි ඔය වගේ ප්‍රථිපලයක් ලැබුනෙ...හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සුන්ව රවටන එක අනුමත කරන්න බැහැ...
ඔයාගෙ සමහර තර්ක මෝඩ බොලඳ විදිහට පෙනුනත් ඒවට හරි උත්තරයක් නොදුන්නොත් ඒවා පිලිගත්ත වෙන නිසා ඒවාට උත්තර අංක පිළිවෙලට දාන්න හිතුව...
1 , 2, 9 වලට කියන්න තියෙන්නෙ මෙච්චරයි...."කෙලින් ඇත්ත කතා කිරීම සහ මිනිසුන් නොරැවටීම"...ජීවිතේටම alcohol , සිගරට් බීල නැති කෙනෙක් හැටියට මමත් කියන දෙයක් තමයි සියළුම මත්පැන් සිගරට් නීතියෙන් තහනම් කරන්න ඕන.. නමුත් ඒක එහෙම වෙන්නෙ නැහැ.. ඔය කියන නායකයො මත්පැන් බොන්නෙ නැහැ කියලද ඔයා හිතාගෙන ඉන්නෙ..(එහෙනම් ඒකත් අර ඔය ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව කියල හිතාගෙන ඉන්නව වගෙ තමා)..බොරුවට මැතිවරණ ප්‍රකාශන වල මතට තිත කියල තිබුනට වැඩක් නැහැ. දේශපාලන වේදිකාවල කෑ ගහල කිවුවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්... පහුගිය අවුරුදු කීපයේ bar වල අඩු වැඩි වීමේ සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් ඒක පෙනේවි...(තමන්ගෙ හතුරන්ගෙ liqure licence කැන්සල් කිරීම් වගේම තමන්ගෙ හිතවතුන්ට අළුත් licene දීම්නුත් සලකා බලන්න)... ඡන්දෙ දවස් වල ජනාධිපති මන්දිරේ දුන්නු දන්සැල් වල කන්න දුන්නෙ කිරිබත් සහ බොන්න දුන්නෙ තැඹිළි වතුරද කියල ඒවට ගිය lawyers ල ගෙන් ආණ්ඩුවෙ සේවකයන්ගෙන් කොටින්ම threewheel drivers ල ගෙන් අහුවොත් කියයි.. ඒවයෙදි තරාතිරම අනුව විවිද මස් වර්ග විවිද මත්පැන් දුන්නෙම නැද්ද කියල හොයල බලන්න එතකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර රැවටිලාද කියල.... TV camera ඉස්සරහා විනීතව කතා කරල තමන් වෙනුවෙන් මිනිස්සුන්ට ආයතනවලට එළිපිටම තර්ජනය කරන මන්ත්‍රීල ඇමතිල නිදොස් කරල රැක ගැනීමට වඩා, තරහ හිතේ තියගෙන කුමන්ත්‍රණ කරල පලි ගන්නවට වඩා එලිපිටම තමන්ගෙ විරෝධය අප්‍රසාදය ප්‍රකාශ කරන එක ඔයට නොතේරුනාට හොඳ මානසික වද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඔයට පැහැදිලි කරල දෙයි...
3. විමල් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැහැ... මම ඇත්තටම කණගාටු වෙනව SF සුනඛයා කියන්න හරි (එහෙම කිව්ව නම්) වචන නාස්ති කරපු එක ගැන.. මොකද වි.වී තරම් මේ රටේ මිනිස්සුන්ගෙ බුද්ධියට අපහාස කරපු කෙනෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ හිටියෙ නැතුව ඇති...හැබැයි ඔයා නම් එයාව defend කරන එක සාදාරණයි මොකද ආණ්ඩුවෙ ඕනෑම ප්‍රශ්නයක්, වැරැද්දක් කොටින්ගෙ හරි විජාතික බලවේගවල හරි කුමන්ත්‍රණයක් කියල වහගන්න, රටේ මාධ්‍ය හා ජනතාව නොමග යවන්න එයාගෙන් වෙන සේවය කියල නිම කරන්න බැහැ...
4. කුලවාදය ගැන කියනවනම් 2005 චන්දෙට කලින් MR නියරක ඇවිදගෙන එන ad එකක් හැදුව, ඒකෙදි "මමත් ගොවියෙක්" වගේ කතාවක් කියනව.. තමන් වෘත්තීය ගොවියෙක් නොවන නිසා මෙතනදි අදහස් කරේ කුලවාදය අවුස්සල ඡන්ද ගැනීම... ඔයාම කියනව කුලමානයෙන් පෙලෙන අය ගොබ්බයො කියල.. ඉතින් එහෙම ගොබ්බයොන්ගෙ ඡන්ද අරන් හරි බලයට එන්න ඳඟලන කෙනෙක්ද වැඩිය හොඳ කුලවාදය වගේ සමාජයේ පිළිකුල් කළයුතු දේවල් පිටුදකින කෙනෙක්ද කියල ඔයාගෙ 1 වසර ගුරුතුමීගෙන් අහුවොත් කියල දෙයි...
5. ඔයාට හරි දුකයි නේද SF වැරදි දේවල් කියල පැරදුන එක ගැන? ඔයා කියන විදිහට SF කරන්න හිටපු දේම නේද ආණ්ඩුවෙනුත් කරේ? දැන් SF ඉන්නෙ හිරේ නෙමෙයිද? මම දන්න හැටියට නම් මරණ තර්ජනය කරන්වට වඩා වැරැද්දක් තමා කාවහරි මරණ එක...ඔයා කියන විදිහට ඔයාම පිළිගන්නව SF කියන දේ කරන මිනිහෙක් කියල...
6. මේ අවුරුද්දෙ අයවැය ඉදිරිපත් කරද්දි කිව්වෙ ආණ්ඩුවෙ සේවකයන්ට ලොකු පඩි වඩි කිරීමක් කරන්න බැහැ සල්ලි නැහැ කියල.. දැන් විදුලි, ජල සේවකයන් strike කරන්න පටන් ගත්ත විතරයි පඩි වැඩි කරා.. දැන් ඒවා ගෙවන්න සල්ලි කොහෙන්ද? ඔය විදිහට අධ්‍යාපන ක්ශේත්‍රයේ අය strike කරොත් පඩි වැඩි කරනවද?.. තමන්ගෙ බලය රැක ගන්න නැති සල්ලිත් එන හැටි පේනව නේද? ආණ්ඩුවෙ දූශණය නාස්තිය අවම කරානම් ඕන හැටියෙ පඩි වැඩි කරන්න තිබුන.. ඇමති, මන්ත්‍රීන්ගෙ පඩි දීමනා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න පුළුවන් නම් අනිත් රාජ්‍ය සේවකයන්ගෙත් පඩි වැඩි කරන්න පුළුවන්...මේව කියන තරම් ලේසි නොවෙන්න පුළුවන් නමුත් දැන් ආණ්ඩුව දීපු පොරොන්දු කඩ කරන හැටියට, SF 10000 දෙනව කියල 5000 ක් දුන්නත් ඒක අගය කරන්න ඕන..
7. ඔයා මෙහෙම කියල තියනව "මෙය සත්‍ය සිදුවීමක් බවට අදටත් මිනිස්සු විස්වාස කරනවා. ඒ සිද්දිය එළිපිට කීමෙන් මොහු පවා දීමක් කළා කියන හැගිඉම ඇති වුනා" ... ඔය කියන විදිහට ඕක සත්‍ය සිද්ධියක් නම් ඒ කියන්නෙ දරුණු යුධ අපරාදයක් සිද්ද වෙලා තියනව.. ඇයි එහෙනම් ඒක ගැන දිගටම පරීක්ශණ කරන්නෙ නැත්තෙ.. චෝදනාව තියෙන්නෙ SF කිවුවා කියල තමන්ට ඉහළින් නියෝග කලා කියලනෙ.. තමන්ගෙ ඉහළ නිළධාරියෙක් වැරැද්දක් කරාම ඒක හෙළි කරන එක පාවාදීමක් කියල ඒකෙන් ගැලවෙන එකද හරි? එතකොට SF ට විරුද්දව ආරක්ශක අංශවල කී දෙනෙක් උසාවි වල සාක්ශි දුන්නද? එතකොට ඒවා පාවාදීම් නෙවෙයිද? තමන්ගෙ වාසියට නේද ඔය වචන... පොඩ්ඩක් හිතල බලන්න...
8. මේක ගැනනම් මම කියන්න දන්නෙ නැහැ.. මොකද මම ඔයාගෙ අක්ක වගෙ navy එකේ වැඩ කරලත් නැහැ, SF ඔහොම කියපු එක මම දැක්කෙත් නැහැ.. හරි තීරණයක් ගන්න මුළු කතාවම අහන්න ඕන.. මොකද එක වාක්‍යයකින් කියවෙන දේට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක් තමයි මුළු කතාවම ඇහුවාම තේරෙන්නෙ...එහෙම කතාවලින් කෑලි කෑලි අරන් ප්‍රචාරය කරන්න රජයේ මාධ්‍ය හරි දක්ශයි කියල පහුගිය ඡන්ද කාලවලදි අපි දැක්ක...
10. කලා කරුවො වාසි බලාගෙනද නැද්ද උදව් කරේ කියන එක තේරුම් ගන්න ඡන්දෙන් පස්සෙ එක එක කලාකරුවො ලබපු තනතුරු, විශේශ වාසි වගේම විරුද්ධව වැඩ කරපු අයට වෙච්ච දේවල් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන්... අපි කලාකරුවන්ගෙ කලාවත් ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා කෞශල්‍යත් අගේ කරාට එයා කියන කෙනාට ඡන්දෙ දෙන්න ඕනම නැහැනෙ එහෙම කෙනෙක් හිතනවනම් ඉතින් ඒකෙන් එයාගෙ දේශපාලන බුද්ධිය ගැන හිතාගන්න පුළුවන්..
1 60% කට වඩා ඡන්ද අරගත්තට හිතන්න එපා ඒක කල් පවතිනව කියල, ඒක ඇත්ත. මොකද 60% චන්ද දිල තියෙන්නෙ අවුරැදු 6කට රට වැඩිය කාලයක් පවතින්ඩ බැ. තමයි ඒක හරි

හැබැයි මිලග ජනාධිපතිවරනයේදි නැවතත් 60% ගත්තාම තවත් අවුරැදු 6ක් ඉන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව,මොකද වෙන කිසිම අභියෝගයක් නැති හින්ද.ඔය 60% චන්ද දුන්න මින්ස්සු තාමත් ඉන්නෙ ජනාධිපතිතුමත් එක්ක, ඔය ෆොන්සේකාට චන්දෙ දිල කුජිත වෙන්ඩ පැරදුන දෙමෙල්ලු කැගැහුවට කවුරැවත් ඒක ගනන් ගන්නෙ නැ 
2 කෙලින් කතා කිරිම
හරිම නියමයි, රටේ ජනාධිපතිවෙන්ඩ ඉන්න මනුස්සය කියනව "මම කුඩු ගහනව ඒකෙන් ලොකු ෆිටි එකක් එනව කියල" හරිම හොදයිනේ බන්,ඔකද රටට දෙන ආදර්ශය- කුඩු කාරයෙක්.
තව රටේ ජානධිපති වෙන්ඩ ඉන්න එකා කියනව මම කැමතිම දඩ මස් වලට කියල මොකක්ද ඒකෙන් පෙන්නෙ- මස් වැද්දෙක් බව.රටේ ජනාධිපති වෙන්ඩ ඉන්න එකා කිසිම හැදියාවක් නැතිව තැන් තැන් වල කුණු හරපෙන් බැන බැන යනව- සක්කිලියෙක්. එතකොට උබලට ඔනේ රටේ ජනාධිපතිකමට කුඩු කාරයෙක්,බේබද්දෙක්,මස් වැද්දෙක්,සක්කිලියෙක් පත් කරගන්ඩද????
අනේ අපිට නමි ඔනෙ නැ
බොරුවට මැතිවරණ ප්‍රකාශන වල මතට තිත හරි තියෙන එක හොදයිනෙ බන්,ෆොන්සේකා කියන්නෙ රටේ හැමෝටම හොදට දෙකක් දාගනින් කියලනේ.මොකක්ද හොද??? ඔන්න ඔයාලගෙයි අපෙයි වෙනස.ෆොන්සේකා රට පාලනය කරන්ඩ කලින් කට පාලනය කරගන්ඩ ඔනේ 

3 විමල් විරවංශ නැත්නමි බන් අද ෆොන්සේකත් නැ

2005 ජනාධිපතිවරනයේදි , රනිල්ගෙ අතේ දිලිසි දිලිසි තබිබ ජනාධිපති කිරැල,රනිල්‍ට කුක්කගෙ ඉදන් මැක්කට යනකමි කියල මහින්දගෙ අතට ගෙනල්ල දුන්නෙ විමල්.ඒදා මහින්ද රජපක්ෂ ජනපති නොවන්න අද කොහෙද බන් අපිට රටටක්?? අද කොහෙද ෆොන්සේකෙක් 
දේශපාලනේ දැනගෙන කතා කරන්ඩ.විමල්ව ඔයාලට පෙන්ඩ බැරිවිම හරිම සාධාරනයි, උබලට කියන දේවලට ගගේ පනින්ඩ හිතෙනව ඇතිනේ 
UNP කාරයො කොහොමත් විමල්ට කැමති නැ,මොකද දන්නව විමල් ඉන්නකමි මේ කපේදි UNP එකට දිනන්ඩ බැ කියල 

4 කුල වාදය අයින් කරන්ඩ ඔන දෙයක් තමයි,හැබැයි තාමත් හන මිටිය කරේ තියාගෙන යන කටිටියකුත් ලංකාවේ ඉන්නව.ඔය ඔරැ පැදපු සින් එකට රනිල් බැන්නෙ ඇයි???? අන්න ඒකයි සින් එක.රනිලුත් දන්නව කරේ ගොන් කමක් කියල,රනිල්ට තේරෙන දේ රටේ මිනිස්සුන්ට නොතේරෙන්ඩ රටේ මිනිස්සු බබාල නෙමේනේ.ඒක එක මිනිස්සු ඒකේක විදිහට හිතනව කරන්ඩ දෙයක් නැ, ඔනෙ කෙනෙකුට ඔනෙ විදිහකට හිතාගන්ඩ නිදහස තියෙනවනේ.ෆොන්සේකා පරදින්ඩ කුලේ විතරක් නෙමේ ආගමත් බලපෑව,ෆොන්සේකා කියන්නෙ වාසියට ආගම මාරැ කරපු කෙනෙක්,ඒක හැමෝම දන්නවනේ.කුලේ කෙසේ වෙතත් ආගම නමි ගොඩක් බලපෑව,හිටිය ආගමේ මිනිස්සු දාල ගිය නිසා ෆොන්සේකව අතඇරිය,වාසියට ආගම මාරැ කරපු හින්ද,ආපු ආගමේ මිනිස්සු චන්ද දුන්නෙ නැ.මේ රටේ ජානධිපති තෝරන්නෙ,මිනිස්සු ඔය හැම එකම බලනව.ඔය සින් එක හින්දයි සිංහල මිනිස්සුන්ගෙන් ෆොන්සේකා කොන් උනේ.යටින් දානව 2010 චන්ද සිතියම ඔන්න බලන්ඩ සිංහල බහුතරයක් ඉන්න එක තැනකින්වත් ෆොන්සේකා දිනලද කියල.

5 මොන පිස්සුද ෆොන්සේකව මේ ආණ්ඩුවෙන් මැරැවෙ නැනේ

ඔය ඉන්නෙ හොදට, බරිවෙලාවත් ෆොන්සේකා 2010 ජනාධිපති උනානමි අද මහින්ද ජානධිපතිතුමාගෙ මුලු පවුලම ෆොන්සේකා මරල.කියල මරන එක හොදයි කියල කියනවනමි ඒක ඔයාලගෙ මොලේ අමාරැවක්. ඔය විදිහට කිය කියා මිනි මරන්ඩ හදන්නෙ මිනිමරැවො.ෆොන්සේකට තියෙන්නෙ මිනිමරැවන්ගෙ මානසිකත්වය.ඔය වගේ මින්ස්සු ඉන්ඩ ඔනෙ හිරේම තමා,සමාජ පිළිල


6 රැපියල් 10000 පඩි වැඩි කරන්ඩ පුලුවන් රටේ,හැබැයි අර සිමිබන්බේ වලට වෙන දේ වෙනව.

ඔයාලත් ෆොන්සේකා වගේම ආර්ථික විදයාව දන්නෙ නැ.මැති ඇමති වැටුප් ගෙවිම ඔක්කොම නතර කරත්,එක රාජය සේවෙකයෙකුට මම හිතන්නෙ රැපියල් 100 පඩිය වැඩිකරන්ඩ බැරිවෙයි දැනගෙන කතා කරමු.7 ඔය කියුවෙ කතාවක් දැන් නියෝග දුන්න කියල නිකන් ඉලද හරියන්නෙ නැ,කවුද දුන්නෙ, දුන්නමි ඇත්තටම එහෙම උනාද,මොන රණවිරැවද සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තිබබෙ කියන දේ ෆොන්සේකා ඔප්පු කරන්ඩ ඔනෙ.නැතුව එක පාරට කියනව වෙඩි තිබිබ කියල,ඒ සිනි බෝල කතා දේශපාලනේදි හරියන්නෙ නැ.ෆොන්සේක කියනව නමි ඔප්පු කරන්ඩත් ඔනෙ.මොකද ඔක ෆොන්සේකා කියුවෙ රට ඇතුලට නෙමේනෙ,ලංකාවෙ සිංහල මිනිස්සුන්ට කොටි මැරැවෙ වෙඩි තියලද,හම ගහලද ,නැත්නමි දෙකඩ ඉරලද කියන දේ වැදගත් නැ,ඔනෙ වෙලා තිබිබෙ සිංහල මිනිස්සුන්‍ට මොන විදිහකට හරි කොටි ඉවර කරන්ඩ.ඒහෙනමි ෆොන්සේකා ඒ කතාව කියුවෙ දෙමල්ලු සනසන්ඩ ,ඇමරිකාව සනසන්ඩ,ලංකාවට කෙලවන්ඩ.ඔන්න ෆොන්සේකගෙ තරම,තේරැමි ගිනිල්ල ෆොන්සේකා නටන්ගෙ දෙමලුන්ට ඔනෙ විදිහට, ඔකනේ උන් චන්දත් දුන්නෙ.යට සිතියම තියෙනව බලපන් 2010 දි දෙමෙල්ලු චන්ද දුන්න හැටි.

8-10 ඒ දෙක එචිචර වැදගත් නැ කැමති විදිහකට හිතාගත්තට කමක් නැ
අනිතිමට කියන්ඩ තියෙන්නෙ ෆොන්සේකා කියන්නෙ දෙමලුන්ට ඔනෙ විදිහට නටන කිසිම දේශපාලන අනාගතයක් නැති කෙනෙක් කියල විතරයි.උබල ඒ පස්සෙ යන්නෙ එපා මොකද දෙමල කොටියි උබලයි වෙනස් වෙන්ඩ ඔනෙ හින්ද.මේ ලගදිත් ෆොන්සේකා කොටි හිතවාදි ගතිය පෙන්නුව,ෆොන්සේකා කියනව ලලත් සහ කුගන් හමුදාවෙන් මැරමලු මොන අමන කතාවක්ද???? ෆොන්සේකා දැක්කද දන්නෙ නැ මරනව,දැනගෙන කතා කරන්ඩ ඔනෙ,කටට එන එකම කියවල හරියන්නෙ නැ. ඔව අඩුම ගානේ රනිල්වත් කියන්නෙ නැ ,මොකද මනුස්සය දන්නව කොහොමද දේශපාලනේ කරන්නෙ කියල.
Last edited:


අන්න ඔයාල ලසිත් පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා, ඔයා වගේ, මමද විනිසුරු, මමද ජනාධිපති, මමද තීන්දු දුන්නේ, මමද ඒක කරේ කියලා වැල් බයිලා නැතුව, උත්තරයක් දීලා තියෙනවා..... ඔයා ඒ උත්තරේට, නිකන් වැල් බයිලා නොකියා, හරි දෙයක් කියන්න මේ පාරවත්, අඩු ගානේ වෙච්ච නෝන්ඩිය මග හැර ගන්න පුලුවන් තරමේ උත්තරයක්වත්.......!! 
මේ, දැන ගන්න අහන්නේ, ඔබතුමාට ජන්ද අයිතිය තියෙනවද....??