හුඟක් වෙලාවට මිනිසුන් පිටසක්වල ජීවින් ගැන හොයනවට,ඒවා හෙලිකරනවට,කතා කරනවට රජයට සම්බන්ධ,පල්ලිවලට සම්බන්ධ පිරිස් විරුද්ධයි.ආදි කාලේ සමහර රටවල මන්ත්‍රයක්,නැකතක්,ශාස්ත්‍රයක් කියපු අය පවා හිංසාවට ලක් වුන රටවල් තමයි ලෝකේ තිබුනේ. මීට වසර 500කට කලින් මේ රටවල සෙල්ෆෝන් එකක් පවා රැගෙන යාමට පිටසක්වල ජීවින්ට නොහැකි.අහු වුනොත් යකාගේ බඩු කියලා ඒක පුච්චලා අරගෙන ගිය කෙනත් මරනවා.ගැලීලියෝ පවා පෘථිවිය ගෝලාකාරයි කියපු එකට මරපු රටවල් තිබුනා. හැබයි ඒ සොක්‍රටීස් කියලා අපේ අධ්‍යාපන ඇමති කියන්නේ.
ඒක අමතක කරමු.ඒක නිසා ඉන්දියාවේ තමයි විශිෂ්ඨ ආගමික නිදහසක් තිබුන එකම රට.අලුත් ආගම් ,දර්ශන හැම විටම විවෘතව තිබුනා.අද පවා අලුත් ආගම් වලට ඉඩ දෙන්නේ නෑ.පරණ මිත්‍යාවන් නැති කරන්න දෙන්නෙත් නෑ.
මේවාගේ බලපෑම් 2012 වසරේ අපි ඉවත් කරනවා.ඒ කියන්නේ මිත්‍යාව නොව පරම සත්‍යය මතු වෙන යුගයක්.