මහින්දගේ තවත් බොරු ඇඩ් පාරක්. මෙදා සැරේ බුදු රැස් ගාවගෙන. මම හිතුවේ නැහැ ලොක්කා මෙච්චර ඩෙස්පරේට් වෙයි කියලා එයාගේ කැම්පේන් එකේ බුදු රැස් දාගන්න තරන්. මේක ඉතින් e නිවුස් වල හරි ගොසිප් එකේ හරි තිබුනානම් නිකන් ඉන්න තිබුන පච කියලා එත් දාලා තියෙන්නේ දිනමිණේ. ලැජ්ජයි. කූජිතයි.
චෛත්‍ය දෙසින් බුදුරැස් විහිදේ
ගාමිණි ඔබේසේකර පොළොන්නරුව විශේෂ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට විය.
ඊයේ (29 වැනිදා) පෙරවරු 11 ට පමණ සෝමාවතිය පුදබිමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සෝමාවතිය චෛත්‍යය වෙත බුද්ධ පූජාව පිළිගැන්විය.
අනතුරුව චෛත්‍යය අබියස පිහිටි බෝධීන් වහන්සේගේ ආරක්ෂාව හා අලංකාරය පිණිස ඉදිකරනු ලැබූ ස්වර්ණමය වැට ජනාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ පූජා කරනු ලැබීය.
මේ පුණ්‍ය උත්සවයට, සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල, කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, වටිනාපහ සෝමානන්ද හිමිවරුන්ද ඇතුළු මහා සංඝරත්නයද, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
http://www.dinamina.lk/2012/01/30/_art.asp?fn=n1201306