බුදුරැස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ තවත් බොරු ඇඩ් පාරක්. මෙදා සැරේ බුදු රැස් ගාවගෙන. මම හිතුවේ නැහැ ලොක්කා මෙච්චර ඩෙස්පරේට් වෙයි කියලා එයාගේ කැම්පේන් එකේ බුදු රැස් දාගන්න තරන්. මේක ඉතින් e නිවුස් වල හරි ගොසිප් එකේ හරි තිබුනානම් නිකන් ඉන්න තිබුන පච කියලා එත් දාලා තියෙන්නේ දිනමිණේ. ලැජ්ජයි. කූජිතයි.

    චෛත්‍ය දෙසින් බුදුරැස් විහිදේ

    ගාමිණි ඔබේසේකර පොළොන්නරුව විශේෂ

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට විය.

    ඊයේ (29 වැනිදා) පෙරවරු 11 ට පමණ සෝමාවතිය පුදබිමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සෝමාවතිය චෛත්‍යය වෙත බුද්ධ පූජාව පිළිගැන්විය.

    අනතුරුව චෛත්‍යය අබියස පිහිටි බෝධීන් වහන්සේගේ ආරක්ෂාව හා අලංකාරය පිණිස ඉදිකරනු ලැබූ ස්වර්ණමය වැට ජනාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ පූජා කරනු ලැබීය.

    මේ පුණ්‍ය උත්සවයට, සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල, කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, වටිනාපහ සෝමානන්ද හිමිවරුන්ද ඇතුළු මහා සංඝරත්නයද, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    http://www.dinamina.lk/2012/01/30/_art.asp?fn=n1201306
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අප්පට සිරි මාර සීන් එකක්නේ. දේවතා එලි එහෙම ආවේ නැද්ද දන්නේ නැහැ, නිකන් ප්‍රසිද්ධිය ගන්න බොරු ඇඩ් දාන්න එක නම් හරි නැහැ, බුදුගුණ අනන්තයි, බුදුරැස් විහිදෙන්න පුළුවන්, එත් මෙයා කරන වැඩ වල හැටියට මෙයාටනම් බුදුරැස් දකින්න් හම්බවෙන්නේ නැහැ, මේ කපේ නම්. මොකද මෙයා හොද සහ නරක කියන දෙකම එක හා සමානව කරනවනේ. එක නිසා මෙයට කවදාවත් බුදුරැස් තියා පන්සලක දෙවතා එලියක්, පල්ලිය වලත් සමහර වෙලාවට මම අහලා තියෙනවා අලොකයත් එක්ක එක එක රූප පෙනවා කියලා, අන්න එහෙම එකක්වත් දකින්න හම්බවෙන්නේ නම් නැහැ, එකනම් එකාන්තයි.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සෝමාවතියෙන් බුදු රැස් විහිදුනා කියන එක මීට කලිනුත් උන දෙයක්, මීට කලිනුත් පත්තර වල තිබුන දෙයක්..
    දැන් ඕකෙ කොහෙහරි කියල තියනවද මහින්ද ආපු නිසා එහෙම උනා කියල.. :lol:
     
    • Like
    Reactions: erozan

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔච්චර හොරු ගොඩක් සහභාගී උන තැනක බුදුරැස් විහිදුනා කියන එකනේ පුදුමේ :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශුවර් එකටම ඒ වෙලාවේ සියලුම දෙවි දෙවතාවන්ට තරු පෙන්න ඇති එකයි..:D:D

    :yes::yes::lol::lol::lol::lol::lol:
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝමාවතියෙන් බුදු රැස් විහිදුනා කියන එක මීට කලිනුත් උන දෙයක්, මීට කලිනුත් පත්තර වල තිබුන දෙයක්..
    දැන් ඕකෙ කොහෙහරි කියල තියනවද මහින්ද ආපු නිසා එහෙම උනා කියල.. :lol:

    :yes::yes::yes: මෙයාල මොනවද බන් දන්නෙ.බුදුරැස් විහිදුන එක අපි ලොකු කරල පෙන්නන්ඩ ඔ‍නෙ දෙයක්,මේ මෝඩයො ටික දේශපාලනයක් අල්ල ගෙන ඒක විනාශ කරනව.ජනාධිපතිතුමා ආපු පර නෙමෙයි UNP පර්ලිමෙන්තු මන්ති කෙනෙක් ගිය පාරත් බුදුරැස් විහිදුනා.ඒයා ඒවා පොටෝ ගහල මේ ලගදි ලංකාදිප පත්තරෙත් දැමිම. බුදුරැස් විහිදුනේ ජානධිපතිතුමා හින්ද හරි මන්තිතුමා ගියපු හින්ද හරි කියල කවුරැ හරි හිතනවනමි ඒක මොලේ අමාරැවක්.මේ මෝඩයො ඔව දන්නෙ නැ ඔහේ කියවනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර හොරු ගොඩක් සහභාගී උන තැනක බුදුරැස් විහිදුනා කියන එකනේ පුදුමේ :lol:

    අනේ උබ වගේ මෝඩයෙක්,ඇ බන් මිනිස්සුන්ට නොපෙනෙන්නද බුදුරැස් විහිදෙන්නෙ ?????? ලොකු පුජාවක් කරදිදි බුදුරැස් විහිදෙනව කියන දේ අහලවත් නැද්ද ???? අනුරාධපුරේ සමන්පිචිච මල් පුජාවෙදි කිපාරක් බුදුරැස් විහිදුනාද??? එතකොට හිටියෙ මිනිස්සු ලක්ෂ ගනනින් නෙමේද??? මිනිස්සු ඉන්න තැන තමයි බුදුරැස් විහිදෙන්නෙ.මිනිස්සුන්ගෙ සිත් වල පින් සිතුවිලි වැඩ්වෙද්දි ඒක පරිසරයට බලපෑමි කරනව,දන්නෙ නැති දේවල් උපහාසයට ලක් කරන්ඩ එපා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes: මෙයාල මොනවද බන් දන්නෙ.බුදුරැස් විහිදුන එක අපි ලොකු කරල පෙන්නන්ඩ ඔ‍නෙ දෙයක්,මේ මෝඩයො ටික දේශපාලනයක් අල්ල ගෙන ඒක විනාශ කරනව.ජනාධිපතිතුමා ආපු පර නෙමෙයි UNP පර්ලිමෙන්තු මන්ති කෙනෙක් ගිය පාරත් බුදුරැස් විහිදුනා.ඒයා ඒවා පොටෝ ගහල මේ ලගදි ලංකාදිප පත්තරෙත් දැමිම. බුදුරැස් විහිදුනේ ජානධිපතිතුමා හින්ද හරි මන්තිතුමා ගියපු හින්ද හරි කියල කවුරැ හරි හිතනවනමි ඒක මොලේ අමාරැවක්.මේ මෝඩයො ඔව දන්නෙ නැ ඔහේ කියවනව.

    අනික් කිසි පත්තරේක ඕක ඔහොම ලියලා නැහැ මම දැක්කා. පුදුමේ කියන්නේ දිනමිණේ රිපෝටර් ට විතරක්නේ මේක පෙනිලා තියෙන්නේ? :eek::shocked:

    දිනමිණේ බොරු මීඩියා කැම්පේන් එකක්. මේක දිනමිණේ පළවෙනි එක නෙමේ. මීට කලිනුත් ඔහොම ඒවා දාලා නාගෙන තිබුනේ.
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන ආගමක පොටෝ එකකට වතුර බින්දුවක් වැටිල ඒක ගලාගෙන ආවත්,ඒ බොරැවට උනත් මහා ප්‍රසිද්ධියක් දෙනව.අපේ මිහරක් ටික ඇත්තට වෙන දේවලුත් අපහාසයට ලක් කරනව දේශපානයක් හින්ද.ආගමක් දහමක් නැති මිහරක්,අර අනගාරික ධර්මපාලතුමාගෙ කතාව තමයි මතක් වෙන්න.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ උබ වගේ මෝඩයෙක්,ඇ බන් මිනිස්සුන්ට නොපෙනෙන්නද බුදුරැස් විහිදෙන්නෙ ?????? ලොකු පුජාවක් කරදිදි බුදුරැස් විහිදෙනව කියන දේ අහලවත් නැද්ද ???? අනුරාධපුරේ සමන්පිචිච මල් පුජාවෙදි කිපාරක් බුදුරැස් විහිදුනාද??? එතකොට හිටියෙ මිනිස්සු ලක්ෂ ගනනින් නෙමේද??? මිනිස්සු ඉන්න තැන තමයි බුදුරැස් විහිදෙන්නෙ.මිනිස්සුන්ගෙ සිත් වල පින් සිතුවිලි වැඩ්වෙද්දි ඒක පරිසරයට බලපෑමි කරනව,දන්නෙ නැති දේවල් උපහාසයට ලක් කරන්ඩ එපා.

    ඕකට ඔච්චර දුක් වෙන්න එපා. නාඩා ඉඳින්. :D

    උපහාසයට ලක් කරලා නිවුස් එක දැන් දැම්මේ මමද? කියපන් මොකෝ දිනමිණේ විතරක් ඕක දැම්මේ?
    :rolleyes: