එදිනෙදා කොච්චර දුක් වින්දත්, බුදු කෙනෙකු කියා දෙනකම් ම මේ ලෝක සත්වයින්ට අවබෝධ කරන්න නොලැබුනේත් ඒකමයි. පළවෙනි බුද්ධ දේශනයේ සඳහන් වෙන මේ වතුරාර්ය සත්ය ය ධර්මය කොච්චර සත්යද කියනවා නම්, එදා මිගදායේ දී බුදු රජාණන් වහන්සේ මේ දම්සක් පැවැතුම් සූත්ර්ය දේශනය කරපු වෙලාවේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ දුක අවබෝධ කළා. ඒ විතරක්ද දසසහස්සී ලෝක ධාතුවම කම්පා වූනා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ආලෝකයක් ලෝකය පුරා පැතිරුණා.
දෙවිවරු දහම් ඝෝෂා කළා. අප භාග්යවවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදි එය වනාහී කිසිම ශ්රනමනයෙකුට හෝ බ්රෙහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්රලහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කරන්න බෑ කියලා. ඉතින් මේ විදිහට දහම් ඝෝෂා කරලා කියපු දේ මොන තරම් නම් සත්යසක්ද.
"පින්වත් මහණෙනි, මේ ලෝකයේ කරුණු තුනක් දක්නට නැත්නම් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහල වෙන්නේ නෑ. ඒ කවර කරුණු තුනක්ද? ඉපදීම, ජරාවට පත්වීම, මරණය