අපේ ගමේ ලොකු හාමුදුරුවො නැති වුනාට පස්සේ පොඩි හාමුදුරුවො තමයි නායක සාදු වුනේ.හරිම ලස්සන පංසලක්.නමුත් අද ගමේ ඉන්න වැදගත් අය, බුද්ධිමත් අය,අවංක මිනිස්සු ගමේ පංසලට යන්නේ නෑ.වර්ජනය කරනවා.ඒ ගමේ මිනිස්සු බණ ශාලාවක් හදන්න එකතු කරපු සල්ලි වලින් පොඩි සාදු අලුත්ම කාරෙකක් අරගෙන.
අනිත් එක මේ සාදු නිතරම වැන්දැඹු කාන්තාවන්ගේ, ස්වාමියා රැකියා සඳහා රට ගිය කාන්තාවන්ගේ නිවාස වලට වඩිනවා.පංසලට හම්බවෙන දේවල් මේ කාන්තාවන්ට හොරෙන් දෙනවා. අනිත් එක එක පාරක් මහ රෑ කලිසමක් ඇදගෙන එහෙම කාන්තාවකගේ නිවසකට ගිහින් හොඳටම ගුටි කෑවා. මොන තරම් ලැජ්ජාවක්ද?
ගිහියන් කරන වැඩ ,චීවරයන් කරන්න යන එක අමන කමක් නේද? සල්ලි වලට අපිටත් වඩා ගිජුයි.අපි දෙන අට පිටිකර එක ආපහු විකුනලා සල්ලි තමයි හොයන්නේ.එක එක පාට සිවුරු අඳින්නේ.